28.02.21 Avyakt Bapdada
Sinhala
Murli 10.11.87 Om Shanti Madhuban
සුබ පැතුම් වල
මැණිකක් වී ලෝකය කණස්සලු වලින් නිදහස් කරන්න.
අද මැණික් වෙළෙන්දා
වන පරම පියා, සෑම තැනකම සිටින ඔහුගේ සුබ පැතුම් වල විශේෂ මැණික් දෙස බලනවා. මැණික්
වෙළෙන්දා වන පියාගේ මැණික්, ඔවුන්ගේ සුබ පැතුම් වල කිරණ වලින් ලෝකයට ආලෝකය ගෙන
එනවා, මන්ද කෘත්‍රිම දීප්තිය ඇති වත්මන් ලෝකයේ සියලුම ජීවාත්ම, කණස්සල්ලේ මැණික්ය.
තාවකාලිකව පමණක් බැබළෙන එවන් කණස්සල්ලේ මැණික්, සුබ පැතුම් වල මැණික් වන ඔබගේ සුබ
පැතුම් වල බලයෙන්, ඔබ පරිවර්ථනය කරයි. හිරු කිරණ, දුර ඈත පෙදෙස් තෙක්, අන්ධකාරය
දුරු කරන්නා සේ, ඔය සුබ පැතුම්වල මැණික් වල දීප්තිය සහ සුබ පැතුම් වල කිරණ, ලෝකයේ
සෑම තැනකම පැතිරෙනවා. මෙකල, බොහෝ ජීවාත්ම සිතන්නේ යම් කිසි ආධ්‍යාත්මික ආලෝකයක්,
අදෘෂ්‍යමාන අන්දමකින් එහි කාර්යය සිදු කරන බවයි. කෙසේවෙතත්, මෙම ආලෝකය එහි කාර්යය
සිදු කරන්නේ කොහේ සිටද කියා ඔවුන් නොදනී. යම් කෙනෙක් සිටින බවට ස්පර්ෂයක් ඔවුන්ට
ලැබීම ඇරඹී තිබේ. කල්යත්ම සෙවීමෙන් පසු, ඔවුන් ක්‍රම ක්‍රමයෙන් මෙම ස්ථානයට ලඟා
වෙයි. එබැවින් මෙම ස්පර්ෂය, ඔය සුබ පැතුම් වල මාණික්‍යයන්ගේ ශ්‍රේෂ්ට සිතිවිලි වල
දීප්තියයි. සෑම දරුවෙකුගේම නළලේ මාණික්‍යයේ දීප්තිය බාප්දාදා දකිනවා, මන්ද ඔබ
බැබළෙන්නේ අංක පිළිවෙලටයි. ඔබ සියලු දෙනාම සුබ පැතුම් වල මැණික්ය, නමුත් දීප්තිය
අංකානුරූපයි.
ඔබගේ මනසින් සෑම බ්‍රහ්මිණ් ජීවාත්මයකට සහ ඥානය නොමැති ජීවාත්මයන්ට සේවය කිරීමේ
පහසු මඟක් වන්නේ සුබ පැතුම් ඇති කෙනෙක් වීමය, එමෙන්ම ඔබට ඇවිදින විට සහ එහෙ මෙහෙ යන
එන විට මෙය කළ හැක. කණස්සල්ලේ පබුළු වන ජීවාත්මයන්ගේ ආකල්පය සහ වාතාවරණය, ඔය සුබ
පතන්නන්ගේ චිත්ත තරංග වලින් පහසුවෙන් පරිවර්ථනය වෙයි. අද සෑම තැනකම මනුෂ්‍යයන්ගේ
ජීවිතවල, මිනිසුන් හෝ දේපළ වලින් වුවත්, ආත්මාර්ථකාමී චේතනා තිබීම නිසා, තම දේපළ
වලින් තාවකාලික ලැබීමක් තිබීම හේතුවෙන්, මිනිසුන් යම් උසස් ලැබීමක් කෙටි කාලයකට
අත්විඳියි. කෙසේවෙතත්, කෙටි කලකින් එම තාවකාලික සතුට සිතේ කණස්සල්ලකට වෙනස් වෙයි
එනම්, දේපළ සහ මිනිසුන් ඔවුන්ගේ කණස්සලු අවසන් කිරීමේ මඟ නොවන අතර වැඩියෙන් කණස්සලු
ඇති කිරීමට උපකරණ වෙයි. එක හෝ තව කණස්සල්ලකින් අසහනයට පත්ව සිටින ජීවාත්මයන්ට එවන්
සුබ පැතුම් ඇති ජීවාත්මයන්ව දැකිය හැකි වන්නේ ඉතා අඩුවෙනි. සුබ පැතුම් ඇති ජීවාත්ම
සමඟ කෙටි කලකට ඇති සම්බන්ධය වුවත් ඔවුන්ගේ සියලු කණස්සලු අවසන් වීමේ පදනම වෙයි.
එබැවින් වත්මන් ලෝකයට එවන් සුබ පැතුම් ඇති ජීවාත්ම අවශ්‍යයි. මේ නිසයි ඔය ජීවාත්ම,
සුබ පැතුම් වල මැණික් වන ඔබ, ලෝකයේ උපරිම සෙනෙහස ලබන්නේ. ඔවුන් ඔබ සමඟ සම්බන්ධ වන
විට, එවන් සුබ පැතුම් ඇති අය, ලෝකයේ වෙනත් කොහේවත් දැක ගත නොහැකි බව ඔවුන්ට හැඟෙයි.
සෑම විටම සුබ පැතුම් තිබීමේ ප්‍රධාන පදනම වන්නේ පිවිතුරු සිතිවිලිය. තම සිතිවිලි
සෑම විටම පිවිතුරු වන අය තුළ අනිවාර්යෙන් සෑම විටම සුබ පැතුම් තිබෙයි. විටෙක නිෂ්ඵල
සිතිවිලි හො වෙනත් අය ගැන සිතිවිලි ඇත්නම්, ඔබට නිරන්තරයෙන් සුබ පැතුම් තිබිය
නොහැක. සුබ පැතුම් ඇති ජීවාත්මයන්ට, වෙන ජීවාත්මයන්ගේ නිෂ්ඵල සිතිවිලි සහ අන් අය
ගැන ඇති සිතිවිලි, අවසන් කළ හැක. එබැවින්, සෑම ශ්‍රේෂ්ට සේවාධාරීවරයෙකුගේම පිවිතුරු
සිතිවිලි වල නිධන් ගබඩාව, එනම්, සුබ පැතුම් වල මැණික් වලින්, නිරන්තරයෙන් පිරී
තිබෙයි. ඔවුන්ට සෑම විටම අන් අය ගැන සුබ පැතුම් තිබිය හැකි වන්නේ ඔවුන් නිරතුරුවම
පිරී සිටින නිසාය. සුබ පැතුම් ඇත්තෙක් වීම යනු, සියලුම ඥාන මිණි මුතු වලින්
පිරිපුන් වීමයි. ඥානයෙන් පිරුණු දානපතියන් වී සෑම විටම අන් අය කෙරෙහි සුබ පැතුම්
තිබිය හැකි වන්නේ එවන් ජීවාත්මයන්ට පමණයි. එබැවින් පරීක්ෂා කර බලන්න දවස පුරා, මට
වැඩියෙන් තිබෙන්නේ පිවිතුරු සිතිවිලි සහ සුබ පැතුම්ද නැත්නම් මා වැඩි කාලයක් ගත
කරන්නේ අන් අය ගැන සිතමින්ද? පිවිතුරු සිතිවිලි ඇති කෙනෙක් නිරන්තරයෙන් පිරිපුන්
වීමේ කුල්මත් බවින් සිටින අතර ඔහුගේ සුබ පැතුම් ලබා දීමේ ස්වරූපයෙන් මේවා අන් අයට
ලබා දී, ඔවුන්ව පිරිපුන් කිරීමට හැකි වෙයි. නිෂ්ඵල සිතිවිලි සහ වෙන අය ගැන සිතිවිලි
ඇති කෙනෙක්, සෑම විටම හිස් බැවින්, ඔහු තමන් දුර්වල බව අත්දකින අතර ඔහුට සුබ පැතුම්
ඇති කිරීමට හෝ ඒවා අන් අයට ලබා දීමට නොහැකි වන්නේ මේ නිසයි. වර්තමානයේ, සියලු
දෙනාගේ කණස්සලු අවසන් කිරීමට හැකි සහ කණස්සලු වෙනුවට සුබ පැතුම් ඇති කිරීමේ
ක්‍රමවේදය තුළින්, ජීවාත්මයන්ව අත්දැකීම් ඇත්තන් කරවීමට හැකි, සුබ පැතුම් වල
මාණික්‍යයන්ගේ අවශ්‍යතාවයක් තිබේ. පිවිතුරු සිතිවිලි ඇති තැන, කණස්සලු ඉබේටම අවසන්
වෙයි. එබැවින්, සුබ පැතුම් ඇත්තෙක් වීමෙන් ඔබ නිරන්තරයෙන් අදෘෂ්‍යමාන සේවයේ යෙදි
සිටිනවා නේද?
ඔබ අසීමිත ලෝක සේවය වෙනුවෙන් සැලසුම් සාදා ඇත. මෙම සැලසුම් සාර්ථක කරගැනීමට ඇති
පහසු මාර්ගය වන්නේ සුබ පැතුම් ඇත්තෙකුගේ මනෝ ස්ථීතිය තිබීමය. බොහෝ විවිධ අන්දමේ
ජීවාත්ම ඔබ සමඟ සම්බන්ධ වී සබැඳියාවක් ඇති කර ගනී. එවන් ජීවාත්ම වෙනුවෙන් සුබ
පැතුම් තිබීම යනු එවැනි අයට ධෛර්යයේ පියාපත් ලබා දීමයි, මන්ද, කණස්සල්ලේ චිතකය මත
සිටීමෙන් ඔවුන් ගේ ධෛර්යය, උනන්දුව සහ උද්යෝගයේ පියාපත් දුර්වල වී ඇත. ඔය සුබ පතන
ජීවාත්මයන්ගේ සුබ ප්‍රාර්ථනා, ඔවුන්ගේ පියාපත් බලයෙන් පුරවා, ඔබගේ සුබ පැතුම් වල
පදනමට අනුව, ඔවුන් පියාසර කිරීම අරඹයි, එනම්, ඔවුන් සහයෝගී වෙයි. එම ජීවාත්ම
අධෛර්යමත් වී, යහපත් ලෝකයක් නිර්මාණය කිරීමට, ඔවුන්ට බලය තිබේද කියා සිතමින්
සිටියි. තමන්ව යම් දෙයක් බවට පත් කළ නොහැකි අය, ලෝකය යම් දෙයක් බවට පත් කරන්නේ
කෙසේද? ඔවුන් සියලු විවිධ බලධාරීන්ගේ වර්තමාන ප්‍රතිඵල දැක ඇති නිසා, ලෝකය
පරිවර්ථනය කිරීම ඉතා අසීරු බව ඔවුන් සලකයි. එවන් අධෛර්යයට පත් වූ සහ කණස්සල්ලේ
චිතකය මත අසුන්ගෙන සිටින ජීවාත්මයන්ගේ හදවත්, ඔබගේ සුබ පැතුම් වල බලයෙන් ප්‍රීතිමත්
වෙයි. ජලයේ ගිලෙන ජීවයකට ලැබෙන පිදුරු ගසක සුළු ආධාරය පවා ඔහුගේ හදවත සතුටු කර,
ඔහුට ධෛර්යය ලබා දෙන ආකාරයෙන්ම, ඔබගේ සුබ පැතුම් වල ස්ථීතිය, ඔවුන්ට යම් ආධාරයක්
අත්විඳීමේ අත්දැකීම ලබා දී, පිළිස්සෙමින් සිටින ජීවාත්ම, සිසිල් ජලයේ අත්දැකීම
ලබයි.
සියලු දෙනාගේ සහයෝගය ලැබීමේ පදනම වන්නේ සුබ පැතුම් තිබීමේ ස්ථීතියයි. සියලු දෙනා
කෙරෙහි සුබ පැතුම් ඇති අයට ඉබේටම සියලු දෙනාගේ සහයෝගය ලැබෙයි. ඔබගේ සුබ පැතුම්වල
හැඟීම, ඔවුන්ගේ සිත්වල, සහයෝගය ලබා දීමට අවශ්‍ය බවට හැඟීම පහසුවෙන් සහ ඉබේටම ඇති
කරවයි. සුබ පැතුම් ඇති ජීවාත්ම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාගේ හදවත් වල සෙනෙහස තිබෙන
අතර, ඔවුන්ව සහයෝගී කරවන්නේ මෙම සෙනෙහසයි. සෙනෙහස ඇති තැන, සියලු දෙනාම තම කාලය,
ධනය සහ සහයෝගය කැප කිරීමට සෑම විටම සුදානම්ය. එබැවින් සුබ පැතුම් ඇති කෙනෙක්, අන්
අයව ආදරණීය කරවා, ඔවුන්ට තමන්ව කැප කර සියලු ආකාරයේ සහයෝගය ලබා දීමට සෙනෙහස විසින්
මඟ පාදයි. එබැවින්, සුබ පැතුම් වලින් නිරන්තරයෙන් පිරිපුන් වී, සුබ පතන්නෙක්
ලෙසින්, සියලු දෙනාව ආදරණීය සහ සහයෝගී කරවන්න. සුබ පැතුම් ඇති ජීවාත්මයකට සියලු
දෙනාගෙන් තෘප්තියේ සහතිකය පහසුවෙන් හිමි කරගැනීමට හැකි වෙයි. තෘප්තියේ පෞරුෂත්වය
සෑම විටම තිබිය හැකි වන්නේ සුබ පැතුම් ඇති අයට පමණයි. ඔවුන් ලෝකය ඉදිරියේ විශේෂ
පෞරුෂත්ව බවට පත්වෙයි. පෞරුෂත්වයක් ඇති මිනිසුන් මෙකල, ඉබේටම ප්‍රසිද්ධ වෙයි, එනම්,
ඔවුන්ගේ නම කීර්තිමත් වෙයි. කෙසේවෙතත්, ආධ්‍යාත්මික පෞරුෂත්වයක් ඇති ඔය ජීවාත්ම,
සුප්‍රසිද්ධ වනවා පමණක් නොවෙයි, එනම්, ඔබ ප්‍රශංසාවට සුදුසු අය පමණක් වන්නේ නැහැ,
ඔබ ප්‍රශංසාවට සුදුසු වනවාත් සමඟම, ඔබ වන්දනීයත්වයටද සුදුසු වෙයි. ආගම, දේශපාලනය හෝ
විද්‍යාව යන ක්ෂේත්රයන් තුළ මිනිසුන් කී දෙනෙක් සුප්‍රසිද්ධ වුවත්, ඔබ මෙන්, ඔබගේ
ආධ්‍යාත්මික පෞරුෂත්වයෙන්, උපත් 63 ක් වන්දනාවට සුදුසු අය බවට ඔවුන් පත් වී නොමැත.
එබැවින් වන්දනීයත්වයට සුදුසු වීමට අවශ්‍ය විශේෂත්වය වන්නේ, සියලු දෙනාට සුබ පැතුම්
ලබා දීමය. ඔබ අන් අයට සතුට, ආධාර, ධෛර්යය, උනන්දුව සහ උදයෝගයේ පියාපත්වල ලැබීම් ලබා
දෙන විට, මෙම ලැබීමේ ආශිර්වාද සහ සුබ පැතුම්, ඔවුන්ව අයිතීන් හිමි කරගැනීමට හැකි
දරුවන් බවට පත් කරවන අතර වෙනත් අය බැතිමත් ජීවාත්ම බවට පත් වෙයි. ඔබ බොහෝ උපත්
ගණනාවක් වන්දනීයත්වයට සුදුසු වන්නේ මේ නිසයි. සුබ ප්‍රාර්ථනා ඇති ජීවාත්මයක් වීම
යනු, දීර්ඝ කාලයකට වන්දනීයත්වයට සුදුසු ජීවාත්මයක් වීමයි. එබැවින් අසීමිත
ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමඟම, ඔබට වෙනත් වැඩසටහන් තිබෙන ආකාරයෙන්, තමන් වෙනුවෙන්ද
වැඩසටහනක් නිර්මාණය කරන්න
1) සෑම කලටම සහ සියලු ජීවාත්ම වෙනුවෙන්, ඔබ වෙනත් සියලුම හැඟීම් පරිවර්ථනය කර,
නිරන්තරයෙන් සුබ ප්‍රාර්ථනා වල හැඟීම් පමණක් ඇති කරයි.
2) ඔබ අන් අයට නිරතුරුව අඛණ්ඩව ශ්‍රේෂ්ට සහයෝගය ලබා දී, ඔවුන්ට ඔබට ඉදිරියෙන් ගමන්
කිරීමට මඟපාදයි.
3) වඩාත් යහපත් ලෝකයක්, එනම්, ශ්‍රේෂ්ට ලෝකයක් නිර්මාණය කිරීමට, ඔබගේ ශ්‍රේෂ්ට
පැතුම් වලින් ඔබ සියලු දෙනා සමඟ සහයෝගී වෙයි.
4) ඔබ සදාකාලයටම නිෂ්ඵල සිතිවිලි සහ අන් අය ගැන සිතිවිලි අවසන් කරනවා. මෙහි අරුත
වන්නේ ඔබ අතීතයට නැවතීමේ තිතක් තබා, තිතක්, මැණිකක්, බවට පත් වී, ඔබගේ ශ්‍රේෂ්ට
හැඟීම්, ශ්‍රේෂ්ට පැතුම් සහ සෙනෙහස සහ ඔවුන්ව බලවත් කිරීමේ හැඟීම්වල කිරණ වලින්,
ලෝකයේ සියලු දෙනාට නොකඩවා ආලෝකය ලබා දෙයි.
මුළු වැඩසටහනේම සාර්ථකත්වයේ පදනම වන්නේ තමන් වෙනුවෙන් ඇති මෙම වැඩසටහනයි. මෙම පදනම
සෑම විටම ශක්තිමත්ව තබාගන්න, එවිට හෙළිදරව්වේ හඬ, ඉබේටම ඇසෙයි. ඔබට වැටහෙනවාද? ඔබ
සියලු දෙනාම මෙම කාර්යය වෙනුවෙන් උපකරණයි, එහෙම නේද? ඔබ ලෝකය සහයෝගී කරවන බැවින්,
ප්‍රථමයෙන් ඔබ මෙයට උපකරණයි. තරුණ, මහළු, ඔවුන් රෝගී වුණත් නිරෝගී වුණත්, මහාරතීන්
සහ අශ්වාරෝහකයන් යන සියලු දෙනාම සහයෝගී අයයි. මෙහි පාබල අය කිසිවෙක් නැත. එබැවින්
සියලු දෙනාගේම අතැඟිල්ල අවශ්‍යයි. සෑම සියලු ගඩොලක්ම අවශ්‍යයි. ඇතැම් ගඩොල්
අත්තිවාරමෙන් වන අතර ඉතිරි ඒවා මතුපිටට ඉහළින් ඇති බිත්තියේ ගඩොල්ය, නමුත් සෑම
ගඩොලක්ම වැදගත්ය. ඔබ සියලු දෙනාම මෙම වැඩසටහන කරන බව ඔබට හැඟී යනවාද නැත්නම්
වැඩසටහන නිර්මාණය කරන අය වැඩසටහන කරන බව ඔබට හැඟෙනවාද, එනම්, වැඩසටහන නිර්මාණය කළ
අයගේ වැඩසටහනක් බව? ඔබ පවසන්නේ එය ඔබගේ වැඩසටහනක් කියා, එහෙම නේද? අසීමිත
ව්‍යාපෘතිය සහ වැඩසටහන දැක, බාප්දාදා සතුටු වනවා. මේ දේශයේ සහ විදෙස්වල අසීමිත
කාර්යය වෙනුවෙන් ඉතා හොඳ උනන්දුව සහ උද්යෝගය තිබෙනවා. සෑම බ්‍රහ්මණයෙක් තුළම ලෝකයේ
ජීවාත්ම වෙනුවෙන් දයානුකම්පාව තිබේ. පරම පියාගේ හෙළිදරව්වේ හඬ ඔබගේ සියලුම
සහෝදරයන්ට ඇසිය යුතුයි, යන දයානුකම්පාව ඔබට තිබේ - පරම පියා ඔහුගේ කාර්යය සිදුකරන
බව. ඔවුන් සමීපයට ආවත්, සබැඳියාවකට ආවත්, අයිතියක් හිමි කරගත්තත්, වන්දනීයත්වයට
සුදුසු දේවතාවන් වුණත්, නම කීර්තිමත් කරන මිලියන 330 න් කොටසක් වුවත්, ඔවුන්ට
අනිවාර්යෙන්ම හඬ ඇසිය යුතුයි. ඔබට එවන් උද්යෝගයක් තිබෙනවා නේද? තවම ඔබ 900,000 වත්
සූදානම් කර නැත. එබැවින් ඔබට වැටහෙනවාද? එය ඔබගේ වැඩසටහනයි. ඔබගේ වැඩසටහනින් ඔබගේ
ලෝකය නිර්මාණය කරීමට මඟපාදන්නේ, මෙම අයත් වීමේ හැඟීමයි. අච්චා.
අද දිශා පහකින් කණ්ඩායම් ඇවිත්. මිනිසුන් ත්රිවේනිය (ගංඟා තුනක හමුවීම) ගැන කතා
කරයි, නමුත් මෙය ගංඟා පහක හමුවයි. දිශා පහකින් ගංඟාවන් පැමිණ සාගරය හමු වී තිබේ.
ගංඟා, සාගරය සමඟ මුණගැසීම ශ්‍රේෂ්ට හමුවකි. සියලුම අළුත් සහ පරණ අය සතුටින් නර්ථනය
කරනවා. බලාපොරොත්තු රහිතව සිටීමෙන් පසුව කෙනෙකුට බලාපොරොත්තු ඇති වූ විට වැඩි
සතුටක් ඇතිවෙයි. වැඩිමහළු අයටත් හදිසියේම අවසථාවක් ලැබුණු නිසා වඩාත් සතුටක් තිබේ.
ඔවුන් අසුන්ගෙන ’අපට කවදා මුණ ගැසීමට හැකි වෙයිද දන්නෑ’ කියා සිතමින් සිටියා. ඔබට
දැන් හමුවීමට හැකි වෙයි කියා ඔබ සිතුවේ නැහැ. ’කවදාද?’ යන ප්රශ්නය, ’දැන්’ බවට
වෙනස් වන විට, සතුටේ අත්දැකීම වඩාත් අසහායයි. අච්චා. අද බාබා විදේශයන්හි සිට පැමිණි
අයට විශේෂ සෙනෙහස සහ සිහි කිරීම ලබා දෙනවා. විශේෂ සේවාධාරියෙක් (ජයන්ති බෙන්)
ඇවිත්. විදේශ සේවය සඳහා ප්‍රථම උපකරණය වුණේ ඇයයි. ගස දැකීමෙන් කෙනෙකුට බීජය
සිහිවෙයි. ලෝක සේවය සඳහා උපකරණය වූ බීජය වුණේ මෙම පවුලයි. බාබා ප්‍රථම උපකරණ පවුලට
සිහි කිරීම ලබා දෙනවා.
විදේශ භූමිවල උපකරණ වන සියලුම සේවාධාරි දරුවන්, දිවා රෑ උනන්දුවෙන් සහ උද්යෝගයෙන්
සෑම විටම පරම පියාව හෙළිදරව් කිරීමට තැත් කිරීමේ නියැලී සිටියි. ඔවුන්ගේ දෙසවන් වල
නැවත නැවතත් රැව් පිළිරැව් දෙන හඬ වන්නේ විදේශයන්හි, මහා හඬකින් අපි භාරතය තුළ පරම
පියාව හෙළිදරව් කළ යුතුයි. මෙම හඬ නිරන්තරයෙන් ඔබට සේවය කිරීමේ ඉදිරියට ගමන් කිරීමට
නොකඩවා මඟපාදයි. විශේෂ සේවය කිරීමට උනන්දුව සහ උද්යෝගය තිබීමේ හේතුව වන්නේ, ඔබගේ
හදවත් තුළ පියා කෙරෙහි සෙනෙහස තිබීමයි. සෑම පියවරකදි සහ සෑම මොහොතකදි ඔබගේ මුවගින්
’බාබා, බාබා’ යන හඬ නොකඩවා මතුවෙයි. කෙනෙක් කාඩ්පතක් හෝ තිළිණයක් එවන ඕනෑම විටෙක,
එහි අනිවාර්යෙන් හදවතක රූපයක් තිබේ. මෙයට හේතුව වන්නේ ඔවුන්ගේ හදවත් තුළ සෑම විටම
හදවතට සැනසීම ගෙන දෙන කෙනා සිටීමය. ඔවුන්ගේ හදවත් ලබා දී, ඔවුන්ට හදවත ලැබී ඇත. මෙම
ගනු දෙනුව අතින් ඔබ දක්ෂයි. මේ නිසයි තම හදවත් වලින් ගනුදෙනුවක් කරන සහ තම හදවතින්
පියාව සිහි කරන අය, ඔවුන්ගේ සංඛේතය ලෙස හදවතක් එවන්නේ. ඔබ දුර සිටියත් ඔබගෙන් වැඩි
දෙනෙකුට සමීපව සිටීමේ අත්දැකීම ලබා දෙන්නේ මෙම හදවතින් සිදුකරන ස්මරණය සහ හදවතේ
සෙනෙහසයි. බාප්දාදා දකින සුවිශේෂී විශේෂත්වය වන්නේ ඔබ තුළ බ්‍රහ්ම බාබා කෙරෙහි
ගැඹුරු සෙනෙහසක් ඇති බවයි. බාප් සහ දාදා යන ගැඹුරු රහස ඔබ පහසුවෙන් අත්දකියි. සකාර්
බ්‍රහ්ම බාබාගෙන් පෝෂණය ලැබීමේ චරිත කොටස ඔබ රඟ නොපෑවත්, ඔබ අව්‍යක්ත පෝෂණය ඉතා
හොඳින් අත්විඳියි. පරම පියා සහ දාදා යන දෙදෙනා සමඟම සබැඳියාවයක් අත්විඳීමේ
විශේෂත්වය නිසා, ඔබ ඉතා පහසුවෙන් සාර්ථකව ඉදිරියට ගමන් කරයි. එබැවින් සෑම රටකම අයට,
බාබා ඔබගේ නම පළමුව සඳහන් කරන බව හැඟී යා යුතුයි. සෑම දරුවෙක්ම බාප්දාදාගෙන්
පෞද්ගලිකව සෙනෙහස සහ ස්මරණය තම නමින් පිළිගන්න. ඔබට වැටහෙනවාද?
ඔබ සැලසුම් සාදනවා. ඔව් සැබවින්ම මේ රටේ සහ විදෙස් රටවල ක්‍රමවේදවල සුළු වෙනසක්
තිබේ, නමුත් සෙනෙහස නිසා, ක්රමවේදද සමාන බව හැඟෙයි. විදේශයකින් සැලසුමක් වුවත් මේ
දේශයෙන් සැලසුමක් වුවත්, තිබෙන්නේ එක සැලසුමක් පමණයි. ඇතැම් විට යම් දේවල් සිදුකරන
ආකාරය ටිකක් වෙනස් විය යුතුයි, එපමණයි. මේ දේශය සහ විදෙස් රටවල් අතර තිබෙන සහයෝගය,
මෙම අසීමිත කාර්යය නිරන්තරයෙන් සාර්ථක වීමට මඟපාදයි. සාර්ථකත්වය නිරතුරුවම ඔය
දරුවන් සමඟ තිබේ. මේ දේශයේ සහ විදෙස් රටවල උනන්දුව සහ උද්යෝගය මෙම කාර්යය ඉදිරියට
ගමන් කරවන අතර එය සෑම විටම නොකඩවා ඉදිරියට ගමන් කරයි. අච්චා.
භාරතයේ සෑම තැනකම සිටින සියලුම නිරන්තර ආදරණීය සහ සහයෝගී දරුවන්ගේ පිවිතුරු
සිතිවිලි සහ සෙනෙහස සහ සහයෝගයේ පිවිතුරු හඬ, නොකඩවා බාප්දාදා වෙතට ලඟා වෙයි. මේ
දේශය සහ විදේශයන් එකිනෙකාට ඉදිරියෙන් සිටියි. සෑම ස්ථානයකම විශේෂත්වය එයටම අයත්
එකකි. පරම පියා අවතරණය වන භූමිය භාරතය වන අතර හෙළිදරව්වේ හඬ මහ හඬින් ඇසෙන භූමිය
එයයි. ආරම්භක සහ අවසන් කොටස් සිදුවන්නේ භාරතයේය. විදෙස් රටවල සහයෝගය, භාරතයේ
හෙළිදරව්ව සිදුවීමට මඟපාදන අතර භාරතය තුළ හෙළිදරව්වේ හඬ, විදේශයන් වෙතට ලඟා වෙයි.
මේ නිසයි භාරතයේ දරුවන්ගේ විශේෂත්වය සෑම විටම ශ්‍රේෂ්ට වන්නේ. භාරතයේ අය ස්ථාපනයේ
අත්තිවාරම බවට පත් වී ඇත. ස්ථාපනය සඳහා ආධාරක ප්‍රතිරූ, භාරතයේ දරුවන් වන අතර මේ
නිසයි සියලු දෙනාම භාරත දරුවන්ගේ භාග්‍යය පිළිබඳ ප්‍රශංසා ගීත ගයනා කරන්නේ. ඔබ
නිරතුරුවම ස්මරණයේ සිටීමේ සහ උනන්දුවෙන් සහ උද්යෝගයෙන් සේවය කිරීම අතින් ඉදිරියට
ගමන් කරන අතර ඔබ නොකඩවා ඉදිරියට ගමන් කරයි. මේ නිසයි භාරතයේ සෑම දරුවෙක්ම
බාප්දාදාගෙන් පෞද්ගලිකව නමින් සෙනෙහස සහ ස්මරණය පිළිගත යුත්තේ. මේ දේශයෙන් සහ
විදෙස් රටවල අසීමිත සේවයට ලැදි දරුවන්ට අසීමිත පියාගේ සෙනෙහස, බාප්දාදාගේ ස්මරණය සහ
නමස්කාරය.
වරදානය:
ඔබ සියලුම
ජීවාත්මයන්ට බලයන් දානය කරන මාස්ටර් බීජයක් වේවා.
ඔබගේ බීජ ස්වරූපයේ
මනෝ ස්ථීතියෙන් තව වතාවක් සියලු බැතිමතුන්ට, ජීවාත්මයන්ට, වියළී ගොස් මිලාන වී ඇති
පත්‍ර වලට බලයන් දානය කරන්න. ඔවුන්ට සියලු ලැබීම් අත්විඳීමට මඟපෑදීමේ පදනම වන්නේ
ඔබගේ ’සියලු ආශාවන් පිළිබඳ දැනුම ගැන නොදැනුවත් වීමේ’ මනෝ ස්ථීතියයි. ඔබම සියලු
ආශාවන් පිළිබඳ දැනුම ගැන නොදැනුවත් වන විට, ඔබට සියලු දෙනාගේ ආශා ඉටු කිරීමට හැකි
වෙයි. ආශාවන් පිළිබඳ දැනුම ගැන නොදැනුවත් වීම යනු, බීජ ස්වරූපයේ උපරිම ලෙස බලවත්
ස්ථීතියක් තිබීමය. එබැවින් මාස්ටර් බීජයක් වී, බැතිමතුන්ගේ හඬට සවන් දී, ඔවුන්ට යම්
ප්‍රාප්තියක් ලබා ගැනීමට මඟපාදන්න.
පාඨය:
උත්තරීතර
ජීවයේ ආරක්ෂක වියන යට නිරන්තරයෙන් සිටීම යනු, ඔබගේ අලෞකික ජීවිතයේ ආරක්ෂාව
අත්විඳීමය.