22.02.20 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, දෙවියන් ඔබට උගන්වයි. ඔබට ඥාන මිණිමුතු තිබේ. ඔබ මෙම මිණිමුතු වෙළඳාම් කළ
යුතුය. ඔබ මෙහිදී භක්තිය නොව ඥානය උගනී.
ප්රශ්නය:
මනුෂ්‍යයින්
දෙවියන්ගේ දිව්‍යමය ක්‍රියාවක් ලෙසත්, ඊට ඔහුට ප්‍රශංසා කරන්නේත් නාට්‍යයේ තීරණය වී
ඇති කුමන විශ්මය ජනක කරුණ නිසාද?
පිළිතුර:
ඔවුන් විශ්වාස කරන කෙනාගේ දර්ශනයක් දුටු විට එය දෙවියන් දුන්නේ යැයි ඔවුන් විශ්වාස
කරයි. එහෙත් සියලුම දෙය නාට්‍යයට අනුව වෙයි. ඔවුන් එක් අතකින් දෙවියන්ව ප්‍රශංසා කර
ඔහු සර්ව ව්‍යාප්ති යැයි කියමින් ඔහුට අපහාස කරයි.
ඕම් ශාන්ති.
දෙවියන් කථා කරයි. මනුෂ්‍යයින් හෝ දේවතාවන්ට දෙවියන් විය නොහැකි බව ඔබ දරුවන්ට
විස්තර කර දී ඇත. ඔවුන් ගායනා කරයි බ්‍රහ්ම දේවතාවාට නමස්කාර, විෂ්ණු දේවතාවාට
නමස්කාර, ශන්කර් දේවතාවාට නමස්කාර. ඉන්පසු ඔවුන් උත්තරීතර ජීවය ශිවාට නමස්කාර යැයි
කියයි. ශිවාට ඔහුටම කියා ශරීරයක් නැති බව ඔබ දනී. ශිව බාබා සහ සලිග්රැම්ස් අශරීරික
ලොව ජීවත් වේ. පියා අපට උගන්වන බව ඔබ දරුවන් දනී. අන් කිසිම රැස්වීමක සත්‍යයේ (සත්)
ඇසුර (සංග්) නැත. ඒ රැස්වීම් මායාගේ ඇසුර වේ. එහි කිසිවෙකුට ඔවුන්ට දෙවියන්
උගන්වනවා යැයි නොතේරේ. ඔවුන් ගීතාවට සවන් දෙන විට ද, ක්‍රිෂ්ණා දෙවියන් කතාකරනවා
යැයි සලකයි. දිනෙන් දින ගීතාව ඉගෙන ගැනීම අඩු වීගෙන යයි, හේතුව ඔවුන්ගේම ආගම ඔවුන්
නොදන්නා නිසා වේ. සියලු දෙනාම ක්‍රිෂ්ණාට සෙනෙහස ඇති නිසා ක්‍රිෂ්ණාව තොටිල්ලක තබා
පද්දයි. ඔබ තොටිල්ලේ තබා පද්දන්නේ කවුද කියා ඔබලාට දැන් වැටහේ. බබෙකු පැද්දිය
හැකිය, එහෙත් පියා පැද්දිය නොහැක. ඔබ ශිව බාබා පද්දනවාද? ඔහු දරුවෙකු නොවෙයි. ඔහු
උපතක් නොලබයි. ඔහු තිතකි. ඔහුව ඔබ පද්දන්නේ කෙසේද? බොහෝ අයට ක්‍රිෂ්ණාගේ දර්ශන
ලැබේ. ක්‍රිෂ්ණා ලොව පාලකයා වන නිසා ඔහුගේ මුව තුළ මුළු ලොවම පෙන්වයි. ලොව සංකේතය
බටර් වේ. ඔවුන් අතර සටන් කරනා අය ද ලොවෙහි හැඩය ඇති බටර් වලට ද සටන් කරති. ඔවුන් ජය
ගනී යැයි ඔවුන් සිතයි. බටර් බෝලයක් ක්‍රිෂ්ණාගේ මුව තුළ පෙන්වයි. ඔවුන් විවිධ දර්ශන
දකී. එහෙත් ඔවුන් ඒවායේ තේරුම් වටහා නොගනී. මෙහිදී දර්ශන වල තේරුම් විස්තර කර දෙයි.
දෙවියන් ඔවුන්ට දර්ශනයක් දුන්නේ යැයි මනුෂ්‍යයින් සිතයි. ඔවුන් සිහි කරන කෙනා,
උදාහරණයක් වශයෙන් ක්‍රිෂ්ණාට දැඩි වැඳීමක් කරන්නේ නම් එවිට ඔවුන්ගේ ආශාව තාවකාලිකව
ඉටුවේ යැයි පියා විස්තර කරයි. එය ද නාට්‍යයේ තහවුරු වුණු දේ වේ. දෙවියන් විසින්
දර්ශනය දෙන ලදී යැයි නොකියති. කෙනෙකු යම් විශ්වාසයකින් දැඩි වැඳීම් කරන්නේ කා හටද
ඔහුට එම කෙනාගේ දර්ශනයක් ලැබේ. එය නාට්‍යයේ තීරණය වී ඇත. දෙවියන් දර්ශන ලබා දේ යන
ප්‍රශංසාව ඔහුට ඇත. එක් පැත්තකින් උසස් ලෙස ප්‍රශංසා කරයි, අනෙක් පැත්තෙන් ඔවුන්
දෙවියන් ගල් බොරළු වල සිටී යැයි කියයි! එවැනි අන්ධ විශ්වාසයකින් ඔවුන් භක්ති කරයි!
ඔවුන් සිතයි ඒක තමයි! මට ක්‍රිෂ්ණාගේ දර්ශනයක් ලැබුණි, මම නිසැකවම ක්‍රිෂ්ණාගේ
දේශයට යන්නෙමි. එහෙත් ක්‍රිෂ්ණාගේ දේශය පැමිණෙන්නේ කොතැන සිටද? පියා දැන් ඔබ
දරුවන්ට මේ සියලුම රහස් විස්තර කර දෙයි. ක්‍රිෂ්ණාගේ දේශය දැන් ස්ථාපනය කෙරේ. මෙය
කන්ස ගේ දේශය වේ (යක්ෂයා - ක්‍රිෂ්ණාගේ මාමා). කන්ස, අකාසූර්, බකසූර්, කුම්භකර්ණ
සහ රාවණ් යක්ෂයන්ගේ නම් වේ. ඔවුන් මෙවැනි දේවල් ග්රන්ථ වල ලියා ඇත. දෙවර්ගයක
ගුරුන් ඇතැයි ද විස්තර කර ඇත. එක් වර්ගයක ගුරු භක්ති මාර්ගයට අයිති වේ. ඔහු භක්තිය
පමණක් උගන්වයි. මෙම පියා ඥාන සාගරයයි. ඔහුට සත්ගුරු කියයි. ඔහු කිසි විටෙක භක්තිය
උගන්වන්නේ නැත. ඔහු උගන්වන්නේ ඥානය පමණයි. මනුෂ්‍යයින් භක්ති කිරීමෙන් බොහෝ සතුටු
වේ. ඔවුන් බෙර වාදනය කරයි. බරණැස දේවතාවරුන්ට කොපමණ දේවාල තනා ඇත්දැයි ඔබට දැකිය
හැකිය. ඒවා සියල්ලම සාප්පු පේළියි එය භක්තියේ ව්‍යාපාරයයි. ඔබ දරුවන්ගේ ව්‍යාපාරය
ඥානය නමැති මිණිමුතුය. මෙයට ද ව්‍යාපාරයක් යැයි කියති. පියා ද මැණික් ව්‍යාපාරිකයා
වේ. මේවා කුමන මිණිමුතු දැයි ඔබ වටහාගෙන ඇත. චක්‍රයකට පෙර හඳුනා ගත් අය පමණක් දැන්
හඳුනා ගනු ඇත. අන් අයට මේ කිසිවක් නොතේරේ. අවසානයේ දී සියලුම වැදගත් අය පැමිණ වටහා
ගන්නවා ඇත. ඔවුන් ද වෙන අතකට හරවාගෙන ඇත. මිනිස්සු ජනක් රජු ගැන කතාවක් කියයි. ජනක්
පසුව අනු ජනක් විය. (ඔහු තත්පරයකින් ජීවන් මුක්ති ලැබුවේය). යම් කෙනෙකුගේ නම
ක්‍රිෂ්ණා නම්, ඔහු අනු (පළමුවැනි කෙනා) දිව්‍යමය ක්‍රිෂ්ණා වේයැයි ඔබ කියයි. බලන්න
සියලුම ගුණධර්ම වලින් සම්පූර්ණ ක්‍රිෂ්ණා කොතැන ද, ඉන්පසු මෙම බ්රහ්මා කොතැන ද
කියා! ලක්ෂ්මී යන නම ඇති කෙනෙක්, ලක්ෂ්මී සහ නාරායන්ගේ ප්‍රතිමා ඉදිරියට ගොස්
ඔවුන්ගේ ප්‍රශංසා ගයයි. එහෙත් ඇයට ඔවුන් සහ ඇය අතර වෙනසක් ඇයි දැයි නොවැටහෙයි. ඔබ
දරුවන්ට මෙම ලෝක චක්‍රය භ්‍රමණය වන්නේ කෙසේදැයි යන ඥානය ලැබී ඇත. ඔබ නිසැකවම උපත්
84 ක් ගනී. මෙම ලෝක චක්‍රය ගැණිය නොහැකි වාර ගණනක් නොකඩවා භ්‍රමණය වේ. එය කිසිදා
නොනවතී. ඔබලා මෙම නාට්‍යයේ නළුවෝය. මනුෂ්‍යයින් ඔවුන්ගේ කොටස් රඟපෑමට පැමිණි බව
නිසැකවම වටහාගෙන ඇත, එහෙත් නාට්‍යයේ මුල, මැද, අග ඔවුන් නොදනී. අප ජීව සත්තාවන්
වාසය කරන තැන සැම තැනටම වඩා ඔබ්බෙන් ඇති බව ඔබ දරුවන් දනී. එහි සූර්යයාගේ හෝ
චන්ද්‍රයාගේ ආලෝකයවත් නොමැත. මේවා වටහා ගන්නා දරුවන් සාමාන්‍යයෙන් චාම් සහ දුප්පත්
අය වේ. මීට හේතුව සියලු දෙනාටම වඩා ධනවත් වූ භාරතය දැන් සියලු දෙනාටම වඩා දිළිඳු වී
ඇති හෙයිනි. සම්පූර්ණ නාට්‍යය භාරතය ගැන වේ. භාරතය මෙන් පාරිශුද්ධ වූ කිසිම දේශයක්
නැත. පාරිශුද්ධ ලොව පාරිශුද්ධ දේශය පමණක් ඇත, එහි අන් කිසිම දේශයක් නොමැත. ලංකාව
දූපතක් සේම මෙම මුළු ලොවම අසීමිත දූපතක් බව බාබා විස්තර කර දී ඇත. රාවණ් ලංකාවේ
(ශ්‍රී ලංකා) වාසය කළේ යැයි ඔවුන් කියයි. රාවණ්ගේ රාජධානිය දැන් මෙම අසීමිත දූපතෙහි
බව ඔබට දැන් වැටහේ. මුළු ලොවම සාගරය උඩ රඳා සිටියි, එය දූපතකි. රාවණ් එය පාලනය
කරයි. මෙම සියලුම සීතාවන් රාවණ්ගේ සිර කුටියේය. ඔවුන් සීමිත කතාන්දර සාදා ඇත. මෙම
සියලුම කරුණු අසීමිත ඒවා වේ. මෙය අසීමිත නාට්‍යයකි. මෙම නාට්‍යය තුළ ඔවුන් කුඩා
නාට්‍යයන් නිර්මාණය කළහ. එම චිත්‍රපට දැන් නිර්මාණය කර ඇති නිසා පියාට පහදා දීමට ද
පහසු වේ. සම්පූර්ණ අසීමිත නාට්‍යය ඔබ දරුවන්ගේ බුද්ධියේ ඇත. කිසිවකුගේ බුද්ධියේ
අශරීරික ලොව සහ සූක්ෂම දේශය නොමැත. අප අශරීරික ලොව පුරවැසියන් බව ඔබ දනී. දේවතාවන්
සූක්ෂම දේශයේ පුරවැසියන් වේ ඔවුන්ට සුරදූතිකාවන් යැයි ද කියති. එහි මස් සහ ඇට සහිත
කූඩු (ශරීර) නැත. සූක්ෂම දේශයේ කොටස කෙටි කාලයකට පමණි. ඔබ දැන් නොකඩවා එහි යති
නැවත එති (සූක්ෂම දේශයෙන්) පසුව ඔබ නැවත කිසිදා එහි නොයනවා ඇත. ඔබ ජීවයන් පළමු
ගෙදරින් පහළට එන විට කෙළින්ම එති, ඔබ සූක්ෂම දේශය හරහා නොඑයි. ඔබ දැන් ආපසු යන්නේ
සූක්ෂම දේශය හරහාය. සූක්ෂම දේශයට දැන් කොටසක් ඇත. මෙම සියලුම රහස් ඔබ දරුවන්ට
විස්තර කර දෙයි. ඔහු විස්තර කරන්නේ ජීවයන්ට බව පියා දනී. සාන්තුවරු හෝ සන්යාසීන්
ආදී කිසිවකු මේවා නොදනී. ඔවුනට මේවා ගැන කතා කළ නොහැක. පියා දරුවන්ට කථා කරයි.
ඉන්ද්රියයන් නොමැතිව ඔහුට කථා කළ නොහැක. මම මෙම ශරීරයේ ආධාරය ගෙන, ඔබ දරුවන්ට
උගන්වමි යැයි ඔහු පවසයි. ඔබ ජීවයන්ගේ බැල්ම ද පියා දෙසට හරවයි. මෙම සියල්ලම අළුත්
කරුණු වේ. ඔහු අශරීරික පියාය. ඔහුගේ නම ශිව් බාබාය. ඔබ ජීව සත්තාවන්ගේ නම ජීවාත්මය
වේ. ඔබගේ ශරීර වල නම් වෙනස් වේ. උත්තරීතර පරමාත්මයට නමක් හෝ ස්වරූපයක් නොමැත යැයි
මනුෂ්‍යයින් පවසයි, එහෙත් ඔවුන් ඔහුගේ නම ශිවා යැයි කියති, නැත්ද? ඔවුන් ඔහුට
වන්දනා කරයි. ඔවුන් එක් දෙයක් වටහාගෙන, වෙනත් දෙයක් කරයි. ඔබද දැන් පියාගේ නම,
ස්වරූපය, දේශය සහ කාලය වටහාගෙන ඇත. කිසිම දෙයකට නමක් සහ ස්වරූපයක් නැතිව සිටිය
නොහැකි බව ඔබ දනී. මෙයද තේරුම් ගත යුතු සූක්ෂම කරුණකි. ’තත්පරයකින් ජීවන් මුක්තිය‘
මතක් කර දී ඇතැයි පියා විස්තර කර දෙයි. එහි තේරුම සාමාන්‍ය මනුෂ්‍යයෙකුට නාරායන්
විය හැකි බවයි. අප පාරාදීසයේ දෙවියන්, පියාගේ දරුවන් වූ නමුත් අප පාරිදීසයේ පාලකයන්
ලෙස ද සැළකිය හැකිය. කෙසේවෙතත්, ඔවුන්ට මෙයවත් වටහාගත නොහැක. දරුවනි, ඔබගේ ඉලක්කය
සහ අරමුණ වන්නේ මනුෂ්‍යයෙකුගෙන් නාරායන් වීම යැයි පියා පවසයි. මෙය රාජයෝගා වේ.
ඔබලාගෙන් බොහෝ අයට අත් සතරක් ඇති ස්වරූපයේ (විෂ්ණුගේ) දර්ශනයක් ලැබේ. මෙයින් ඔප්පු
වන්නේ ඔවුන් විෂ්ණුගේ දේශයේ පාලකයන් වන බවය. පාරාදීසයේ ද ලක්ෂ්මී සහ නාරායන්ගේ
සිහසුන පිටුපස විෂ්ණුගේ සංකේතයක් ඇති බව ඔබ දරුවන් දනී. එනම්, ඔවුන් රජ කරන්නේ
විෂ්ණුගේ දේශය වේ. විෂ්ණුගේ දේශයේ පාලකයන් ලක්ෂ්මී සහ නාරායන්ය. එය ක්‍රිෂ්ණාගේ
දේශය ද මෙය කන්සගේ දේශය ද වේ. නාට්‍යයට අනුව මෙම නම් දී ඇත. මගේ ස්වරූපය ඉතාමත්
සූක්ෂමය, කිසිවකුට එය දැනගත නොහැකි යැයි පියා විස්තර කරයි. ඔවුන් ජීවය තරුවක් යැයි
කියා ලින්ගමයක් නිර්මාණය කරයි. එසේ නොවේනම් ඔවුන් වඳින්නේ කෙසේද? ඔවුන් රුද්‍රාගේ
යාග ගින්න නිර්මාණය කළ විට මහපට ඇඟිල්ලේ (ජීවයක සංකේතය) හැඩයට සලිග්රැම් සාදයි.
අන් අතට ඔවුන් එය අසිරිමත් තරුවක් යැයි කියයි. ඔවුන් ජීවයක් දැක ගැනීමට සෑම
උත්සාහයක්ම දරයි, එහෙත් කිසිම කෙනෙකුට එය දැකිය නොහැක. ඔහුගේ රාමක්රිෂ්ණාගේ ජීවය
ඔහුගෙන් පිටතට පැමිණ මා තුළට ගියේ යැයි කියන ලද විවේකානන්ද සහ රාමක්‍රිෂ්ණා ගැන ද
ඔවුන් කියයි. ඔහු (විවේකානන්ද) දුටුවේ කාගේ දර්ශනයක් ද? ජීවයන්ගේ හැඩය සහ උත්තරීතර
ජීවයේ හැඩය ද එක හා සමානය. තිතක් (එළිය) දැක ඇත. ඔවුන්ට කිසිවක් නොතේරේ. කිසිවකුට
ජීවයේ දර්ශනයක් දැකීමට උවමනාවක් නැත ඔවුන්ට උවමනා වන්නේ දෙවියන්ගේ දර්ශනයක්
දැකීමටය. ඔහු (විවේකානන්ද) වාඩි වී සිටියේ ඔහුට ගුරු තුළින් දෙවියන්ගේ දර්ශනයක්
දැකීමට හැකිවේය යන ආශාවකිනි. ඔහු නිකම්ම කීවේ එය එළියකි, එය මා තුළට ගියේය. ඒත්
සමඟම ඔහුට සතුට ඇති විය. එය උත්තරීතර ජීවයේ හැඩය යැයි ඔහු සිතීය. දෙවියන්ගේ
දර්ශනයක් ලබා ගැනීමට ගුරු කෙරෙහි පාරිශුද්ධ හැඟීම් තිබුණි. ඔවුන්ට කිසිවක් වටහා
ගැනීමට නොහැකිය, එහෙත් භක්ති මාර්ගයේ මෙය විස්තර කළ හැක්කේ කා හටද? පියා දැන් මෙතැන
හිඳ විස්තර කරයි. ඔබට විවිධ ස්වරූපයන්ට, කුමන අන්දමට පාරිශුද්ධ හැඟීම තිබේද, ඔබ
දකින්නේ කුමන ප්රතිරූපයද ඔබට දර්ශනය වන්නේ එයයි. උදාහරණයක් වශයෙන් යම් කෙනෙකු
ගනේෂ්ට බොහෝ වඳින්නේ ද ඔහු ජීවමාන ස්වරූපයෙන් දර්ශනයක් දකී. එසේ නොවේනම් ඔහුගේ
විශ්වාසය තහවුරු වන්නේ කෙසේද? ඔවුන් දීප්තිමත් ආලෝක ස්වරූපයක් දුටු විට, ඔවුන්ට
දෙවියන්ගේ දර්ශනයක් ලැබුණේ යැයි සිතයි. එපමණින් ඔවුන් සතුටු වේ. ඒ සියල්ලම භක්ති
මාර්ගයේ පහළට එන තත්ත්වය වේ. පළමුවන උපත හොඳ වේ. ඉන්පසු අවසානය තෙක් නොකඩවා අඩු
වීගෙන යයි. මේවා වටහා ගන්නේ ඔබ දරුවන් පමණි. මෙම ඥානය දැන් විස්තර කර දෙන්නේ, මීට
කල්පයකට පෙර ඥානය විස්තර කර දුන් අයට පමණි. චක්‍රයකට පෙර පැමිණි අය පමණක් එනවා ඇත
ඉතිරි අයගේ ආගම් සම්පූර්ණයෙන්ම වෙන්ව ඇත. ‘දෙවියන් කථා කරයි‘ යැයි සෑම පිංතූරයකම
ලියන්න කියා බාබා විස්තර කරයි, ඔබ නුවණ ඇතිව විස්තර කළ යුතුය. යාදවයන්, පාණ්ඩවයන්
සහ කෞරවයන් කරන්නේ කුමක්දැයි දෙවියන් අසයි. මෙය ඔවුන්ගේ පිංතූරය වේ. ඔබ පියා
දන්නේද? යැයි ඔවුන්ගෙන් අසන්න. ඔබ ඔහු නොදන්නවානම් ඔබට ඔහුට සෙනෙහස නොමැත. ඔබ
බුද්ධියේ සෙනෙහස නොමැති අය බව එයින් තේරුම් ගන්න. පියා කෙරෙහි සෙනෙහසක් නොමැති අය
විනාශයට පත් වේ. ස්නේහවන්ත බුද්ධියක් ජය ලබයි, සත්‍යය ජය ගන්නවා ඇත. තේරුම හරියටම
හරිය. ඔබට පියාගේ ස්මරණයක් නොමැතිනම් ඔබට ජයගත නොහැකිය. දැන් ගීතාව ලියන ලද්දේ ශිව
දෙවියන් බව කියා එය ඔප්පු කරන්න. බ්රහ්මා තුළින් රාජයෝගා ඉගැන් වූයේ ඔහු පමණි.
මෙහි (ඉන්දියාවේ) එය ක්‍රිෂ්ණා දෙවියන්ගේ ගීතාව යැයි සලකා එය තබා දිව්රුමක් ගනී.
ඔවුන්ගෙන් අසන්න ඔබ ක්‍රිෂ්ණා හෝ දෙවියන් මෙතන ඇතැයි සිතනවාද? ඔවුන් කියයි
(දිව්රුම් දෙන විත්තිකරුවන්) මම දෙවියන් සර්ව ව්‍යාප්ති යැයි සලකනා අතර සත්‍යය කතා
කරමි. මෙතැන ව්‍යාකූලත්වයක් නොවේද? දිව්රුම බොරු වේ. සේවය කරන දරුවන්ට අදෘෂ්‍යමාන
කුල්මත්භාවයක් තිබිය යුතුය. ඔබ කුල්මත්භාවයෙන් විස්තර කළ විට සාර්ථක වේ. ඔබේ ඉගෙනුම
අදෘෂ්‍යමානය. ඔබට උගන්වන කෙනාද අදෘෂ්‍යමානය. අප නව ලොවට යන බවත්, එලෙස පත්වන බවත්
ඔබ දනී. මහා භාරත යුද්ධයට පසු නව ලොව ස්ථාපනය වනවා ඇත. ඔබ දරුවන්ට දැන් ඥානය ලැබී
ඇත ඒවා ධාරණය කරන්නේ අනුපිළිවෙලටය. ඔබලා යෝගා ද අනුපිළිවෙලට කරති. මම කොපමණ ස්මරණයේ
සිටිනවාදැයි ඔබ ඔබව පරීක්ෂා කළ යුතුය. ඔබ දැන් ගන්නා උත්සාහය ඔබට උපත් 21ක් පුරාවටම
ලැබේ යැයි පියා පවසයි. ඔබ දැන් අසමර්ථ වූයේ නම් චක්‍රයක් චක්‍රයක් පාසා ඔබ අසමර්ථ
වනවා ඇත, ඔබට උසස් තත්ත්වයක් ලබා ගැනීමට නොහැකිවනවා ඇත. ඔබ උසස් තත්ත්වයක් ලබා
ගැනීමට උත්සාහ කළ යුතුය. සමහරු මධ්‍යස්ථානයකට යති, එහෙත් නොකඩවා නපුරුකම් කරති.
එවැනි ජීවයන් නොකඩවා මධ්‍යස්ථානයකට යති. දෙවියන් සෑම දෙයක්ම දන්නා නිසා, ඒ ගැන ද
ඔහු දන්නේ යැයි ඔවුන් විශ්වාස කරති. දැන්, පියා ඉඳගෙන ඒවා බලන්නට කරදර වන්නේ මන්ද?
ඔබ බොරු කියයි නම්, නපුරු ක්‍රියා කරයි නම් ඔබම ඔබට පාඩුවක් කර ගනී. ඔබ ඔබගේ මුහුණේ
දැලි ගා ගත්තේ නම් ඔබට උසස් තත්ත්වයක් හිමිකර ගැනීම නොහැකි බව ද ඔබ දනී. පියා
දැනගත්තත් නොගත්තත් එය එකම සේය. ඔහු කරදර වන්නේ මන්ද? ඔබගේ හෘද සාක්ෂිය ඔබට වද දේ
මෙවැනි ක්‍රියා කිරීමෙන් මා පහතට වැටෙන්නේය. ඇයි බාබා ඔබට කිව යුත්තේ? ඔව්, එය
නාට්‍යයේ ඇත්නම් ඔහු ඔබට කියනවාත් ඇත. බාබාගෙන් එය හැංගීම තමා තුළ ඇති සත්‍ය විනාශ
කිරීමකි. පාරිශුද්ධ වීමට නම් ඔබ පියා සිහි කළ යුතුය. හොඳින් ඉගෙනගෙන උසස් තත්ත්වයක්
ලබා ගැනීම ගැන සැළකිලිමත් වන්න. යම් කෙනෙකු මැරෙයිද, ජීවත් වේද යන්න ගැන කරදර
නොවන්න. පියාගෙන් උරුමය ලබා ගැනීම ගැන පමණක් සැලකිලිමත් වන්න. එමනිසා, ඔබ ඕනෑම
කෙනෙකුට කෙටියෙන් විස්තර කළ යුතුය. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. අදෘෂ්‍යමාන
කුල්මත්භාවයේ සිටිමින් සේවය කරන්න. ඔබගේ හෘද සාක්ෂියට වද දෙන ක්‍රියා නොකරන්න. ඔබ
කොපමණ කාලයක් ස්මරණයේ සිටීදැයි ඔබවම පරීක්ෂා කරන්න.
2. හොඳින් ඉගෙනගෙන උසස් තත්ත්වයක් ලබා ගැනීම ගැන සැම විටම සැලකිලිමත් විය යුතු වේ.
බොරු කීමෙන් හෝ නපුරු ක්‍රියා කිරීමෙන් ඔබට අලාභයක් කර නොගන්න.
වරදානය:
විශේෂත්ව
දන්දීම තුළින් ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත්වන මහා දානපතියෙක් වේවා.
ඔබ සියලු දෙනාම ඥානය
දන් දෙන නමුත්, විශේෂ ජීවාත්ම වන ඔබ, ඔබගේ විශේෂත්ව දන් දිය යුතුයි. ඔබ ඉදිරියට
පැමිණෙන සියලු දෙනාම ඔබ තුළින් පියාගේ සෙනෙහස අත්විඳිය යුතුයි. ඔබගේ මුහුණින්
ඔවුන්ට පියාගේ මුහුණ දිස්විය යුතු අතර, ඔබගේ ක්‍රියාකාරකම් තුළින් ඔවුන් පියාගේ
චරිතය දැකිය යුතුයි. ඔවුන් ඔබගේ විශේෂත්ව දකින විට, විශේෂ ජීවාත්ම වීමේ දිරිගැන්වීම
ඔවුන්ටත් ලැබිය යුතුයි. ආරම්භයේ සිට අවසානය දක්වා, එනම් වන්දනීයත්වයට සුදුසුව සිට
පුදන්නන් වන තුරුම ඔබ ශ්රේෂඨව රැඳී සිටින, එවන් මහා දානපතියන් වන්න.
පාඨය:
බොහෝ සේ
දැනුමින් පිරිපුන් අය වන්නේ, සෑම විටම ජීව අවධානයෙන් රැඳී සිටින අයයි.