22.01.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ පරමාත්ම පියා වෙතට පැමිණ ඇත්තේ නැවුම් වීම සඳහායි. පියා සහ උරුමය සිහිපත් කරන්න එවිට ඔබ නිරන්තරයෙන් නැවුම්ව හිඳියි.

ප්‍රශ්නය:
නුවණැති දරුවන්ගේ ප්‍රධාන ලක‍්ෂණ මොනවාද?

පිළිතුර:
නුවණ ඇති දරුවන්හට අනන්ත සතුට ඇත. සතුට නොමැති නම් ඔවුන් මෝඩයින්ය. නුවණැති දරුවන් යනු තම බුද්ධීන් දිව්‍යමය බවට පත් කරගන්නා අයයි. ඔවුන් අන් අයගේ බුද්ධීන්ද දිව්‍යමය බවට පත් කරවන්නේය. ඔවුන් ආධ්‍යාත්මික සේවයේ නිරතුරුව යෙදී සිටින අතර ඔවුන්ට පියා ගේ හැඳින්වීම අන් අයට ලබා නොදී සිටිය නොහැක.

ඕම් ශාන්ති.
පරම පියා මෙතැන අසුන්ගෙන විස්තර කරයි. මෙම දාදා ද වටහා ගනී, මන්ද පියා මෙතැන අසුන්ගෙන විස්තර කරන්නේ දාදා තුළින් නිසා. ඔබ වටහා ගන්නා ලෙසටම, මෙම දාදා ද එම අන්දමින්ම වටහා ගනී. දාදාට දෙවියන් යැයි නොකියයි. මේවා පරමාත්ම දෙවියන්ගේ වදන්ය. පියා විස්තර කරන ප්‍ර්‍රධාන දෙය කුමක්ද? ජීවාත්ම අවධානයට පත් වන්න! ඔහු මෙසේ කියන්නේ ඇයි? මන්ද, පාරිශුද්ධත්වයට පමුණුවන්නා, උත්තරීතර පියා විසින් අපව පාරිශුද්ධත්වයට පත් කරන්නේ, අපි ජීවාත්ම ලෙස සැළකීමෙන්ය. ඥානය ඔබගේ බුද්ධියේ ඇත. මෙය සෑම දෙනාටම විස්තර කරන්න. මිනිසුන් අඬගසති අපි අපවිත්‍රයි. නව ලොව අනිවාර්යෙන්ම පාරිශුද්ධ වෙයි. නව ලොව නිර්මාණය කරන්නේ පියායි එය ස්ථාපනය කරන කෙනා යැයි ඔහුට කියයි. ඔවුන් අඬ ගසන්නේ ඔහුටයි. ඔහුට පාරිශුද්ධත්වයට පමුණුවන බාබා යැයි කියයි. ඔහුට පාරිශුද්ධත්වයට පමුණුවන්නා මෙන්ම පරමාත්ම පියා යැයිද කියයි. පියාට අඬගසන්නේ ජීවාත්මයන්ය. ශරීර අඬගසන්නේ නැත. ජීවාත්ම වන අපගේ පියා පරලෞකික පියායි. ඔහු පවිත්‍ර කරවන්නායි. එය නව ලොව බවත්, මෙය පැරණි ලොව බවත් ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. ඔබට මෙය වැටහෙනවා නොවේද? තමන්ට අනන්ත සතුට ඇති බව සිතන සමහර මෝඩයින් (බුද්දූන්) සිටියි. තමන් දිව්‍ය ලෝකයේ අසුන් ගෙන සිටිනවා යැයි ඔවුන් සිතයි. කෙසේවෙතත්, කලි යුගයට දිව්‍ය ලෝකය යැයි කිසි විටෙක කිව නොහැකි බවත් ඔබ වටහා ගත යුතුයි. එහි නම කලි යුගයයි, පැරණි අපවිත්‍ර ලොවයි. එහි වෙනසක් ඇත, එසේ නොවේද? මෙය වුණත් මිනිසුන්ගේ බුද්ධියේ පතිත වන්නේ නැත. ඔවුන් සම්පූර්ණ දිරාපත්භාවයට පත් ව ඇත. දරුවන් ඉගෙන ගන්නේ නැති විට ඔවුන්ට මෙසේ කියයි ඔබට ගලක් වැනි බුද්ධියක් ඇත. බාබාද මෙසේ ලියයි ඔබගේ ගමේ මිනිසුන්හට සම්පූර්ණයෙන්ම ගල් වැනි බුද්ධීන් ඇත. ඔවුන් අන් අයට විස්තර නොකරන නිසා ඔවුන්ට කිසිවක් වැටහෙන්නේ නැත. ඔබ දිව්‍යමය බුද්ධියක් ඇති කෙනෙක් බවට පත් වී ඇත්නම්, ඔබ අන් අයවද ඒ හා සමාන කළ යුතුයි. ඔබ උත්සාහ දැරිය යුතුයි. මෙයට ලැජ්ජා වීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. කෙසේවෙතත්, චක්‍ර භාගයක්ම, මනුෂ්‍යයින්ගේ බුද්ධියේ වැරදි වදන් තිබී ඇති නිසා ඔවුන්ට ඒවා අමතක වන්නේ නැත. ඔවුන්ට අමතක වන්නේ කෙසේද? ඒ සියල්ලක්ම ඔවුන්ට අමතක කරවිය හැකි බලය ඇත්තේ එක් පියාට පමණයි. පරම පියා හැරුණු කොට අන් කිසිවෙකුට ඔබට මෙම ඥානය ලබා දිය නොහැක. එහි අරුත නම් සෑම කෙනෙකුටම ඥානය නොමැති බවයි. පියා, ඥානයේ මහා සාගරය, පැමිණ ඥානය කතා කරන තුරු, ඔවුන්ට ඥානය ලැබෙන්නේ කෙසේද? තමෝප්‍රධාන් යනු ඥානය නොමැති අයගේ ලෝකයයි. සතෝප්‍රධාන් යනු දිව්‍යමය ලොවයි. වෙනසක් තිබේ. දේවතාවන් පුනරුත්පත්ති ගනී. කාලය නොකඩවා ගෙවී යන අතර, බුද්ධීන් නොකඩවා දුර්වල වෙයි. එවිට, ඔබගේ බුද්ධීන් යෝගාවෙහි සම්බන්ධ කිරීමෙන් ඔබ ලබා තිබුණු සෑම ශක්තියක්ම අවසන් වෙයි. පියා ඔබට දැන් විස්තර කරන බැවින්, ඔබ බොහෝ සේ නැවුම් වෙයි. ඔබ නැවුම් වී, විවේකී තත්ත්වයක සිටියේය. පියා මෙසේද ලියයි දරුවනි, මෙහි පැමිණ නැවුම් වී, විවේකයක් ද ලබන්න. ඔබ නැවුම් වීමෙන් පසු, ස්වර්ණමය යුගයේ විවේක දේශයට යයි. එහිදී ඔබ බොහෝ විවේක ලබයි. එහිදී ඔබ සාමය, සතුට, සමෘද්ධිය ආදිය ලබයි. එහිදි ඔබ සියලුම දේ ලබයි. ඉතිං ඔබ මෙහි බාබා වෙතට පැමිණෙන්නේ, නැවුම් වීමට සහ විවේකයක් ලබා ගැනීමටයි. ශිව් බාබා ඔබව නැවුම් කරවයි. ඔබ බාබාත් සමඟ සිටින විට ඔබ විවේකයක්ද ගනී. විවේකය යනු සාමයයි. ඔබ වෙහෙසට පත් වුණ විට ඔබ විවේක ගනී. විවේක ගැනීම සඳහා සමහරු එක් ස්ථානයකටත් තවත් සමහරු තවත් ස්ථානයකටත් යති. එහදී නැවුම් වීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. ඔබ මෙහි පැමිණි විට, පරම පියා ඔබට සෑමදාම විස්තර කරයි, එවිට ඔබ නැවුම් වෙයි. ඔහු සිහිපත් කිරීමෙන් ඔබ තමෝප්‍රධාන් සිට සතෝප්‍රධාන් බවට පත් වෙයි. ඔබ මෙහි පැමිණෙන්නේ සතෝප්‍රධාන් වීමටයි. මේ සඳහා ඔබ කුමන උත්සාහයක් ගත යුතුයිද? සුමිහිරි දරුවනි, පරම පියා සිහිපත් කරන්න! මෙම ලෝක චක්‍රය බ්‍රමණය වන ආකාරය සහ ඔබ විවේකය ලබන අන්දම ගැන සියලුම ඉගැන්වීම් පියා ඔබට ලබා දී තිබේ. වෙන කිසිවෙකුත් මෙම දේවල් නොදනී. එබැවින් ඔවුන්වද, ඔබ මෙන් නැවුම් කරවීම සඳහා, ඔබ අන් අයටත් විස්තර කළ යුතුයි. ඔබගේ යුතුකම වන්නේ සෑම දෙනාටම පණිවිඩය දීමය. ඔබ සදාකාලිකව නැවුම් විය යුතු අතර සදාකාලිකව විවේකයද ලැබිය යුතුයි. සෑම දෙනාටම මෙම පණිවිඩය දෙන්න. ඔවුන්ට පියා සහ ඔවුන්ගේ උරුමය සිහිපත් කරන්න යැයි පමණක් මතක් කරන්න. මෙය ඉතාම සරළ කාරණාවකි. අසීමිත පියා දෙව්ලොව නිර්මාණය කරයි. ඔහු ඔබට දිව්‍ය ලෝකයේ උරුමය ලබා දෙයි. ඔබ දැන් සිටින්නේ සංගම් යුගයේය. ඔබ මායාගේ ශාපය සහ පියාගේ උරුමය ගැන දනී. මායා, රාවණ් ඔබට ශාප කරන විට, ඔබගේ පාරිශුද්ධත්වය, සාමය සහ සතුට යන සියල්ලක්ම අවසන් වෙයි. එබැවින් ඔබගේ ධනය ද අවසන් වෙයි. ඒ සියල්ලක්ම ක්‍රම-ක්‍රමයෙන් අවසන් වන අන්දමද පියා ඔබට කියා ඇත. ඒ සඳහා උපත් කීයක් ගත යුතු වෙයිද? ශෝක දේශයේ කිසිදු විවේකයක් තිබිය නොහැක. සතුටු දේශයේ සෑම විටෙකම විවේකය මිස වෙන දෙයක් නැත. භක්තිය මිනිසුන්ව බොහෝ සේ වෙහෙසට පමුණුවයි! භක්තිය ඔවුන්ව උපතින් උපතට වෙහෙසට පත් කරවයි. එය ඔවුන්ව දිළින්දන් බවට පත් කරවයි. පරම පියා ඔබට දැන් මෙය විස්තර කරයි. අළුත් අය පැමිණෙන විට ඔවුන්ට බොහෝ දේ විස්තර කරයි. මිනිසුන් සෑම දෙයක් ගැනම බොහෝ සේ සිතයි. සමහර විට මෙහි මැජීක් ඇති බව ඔවුන් සිතයි. කෙසේවෙතත්, ඔබ මැජික්කරුවා ගැන කතා කරයි. ඉතිං, මම මැජික්කරුවෙක් යැයි මමද කියන්නෙමි, එහෙත් එය සතුන් එක් දෙයකින් තවත් දේකට හරවන මැජික් නම් නොවෙයි. මෙය සත්වයින් ගැන ප්‍රශ්නයක් නොවෙයි. මෙය බුද්ධිය තුළින් වටහා ගත හැකිය. මෙසේ ගැයේ ‘දිව්‍ය ලෝකයේ දිව්‍යමය සංගීතය ගැන එළුවන් දන්නේ මොනවාද? ’ මෙකළ මනුෂ්‍යයින් බැටළුවන් වැනිය. ඒ දේවල් වලින් හැඳින්වෙන්නේ මෙහි ගැනයි. එවැනි දේවල් ගැන ස්වර්ණමය යුගයෙදී කතා නොකරයි. ඒවායින් සිහිපත් කරන්නේ මෙකළ ගැනයි. චන්දිකා (මළවුන් පුළුස්සා දමන දේවතාවිය) වෙනුවෙන් බොහෝ රැස්වීම් ඇත. ඇය කවුද කියා ඔවුන් ගෙන් විමසුවොත්, ඇය දේවතාවියක් යැයි ඔවුන් පිළිතුරු දෙයි. කෙසේවෙතත්, එවැනි නම් එහි නොමැත. ස්වර්ණමය යුගයේ ඔවුන්ගේ නම් සෑම විටෙකම ශුභයි. ශ්‍රී රාම චන්ද්‍රා, ශ්‍රී ක්‍රිෂ්ණා. ශ්‍රේෂ්ඨ කෙනෙක් ශ්‍රී යැයි හැඳින්වෙයි. ස්වර්ණමය යුගයේ ජන කොට්ඨාශය ශ්‍රේෂ්ඨයන් ලෙස හැඳින්වෙයි. දුෂ්ඨ, කලි යුග වැසියන්, ශ්‍රේෂ්ඨයන් යැයි කෙසේ හඳුන්වන්නද? ශ්‍රී යනු ශ්‍රේෂ්ඨයි. අද දින මිනිසුන් ශ්‍රේෂ්ඨ නැත. මනුෂ්‍යයින් දේවතාවන් බවට පත් කිරීමට දෙවියන්ට වැඩි කලක් ගත වූයේ නැත යැයි සිහිපත් කරයි. ඔවුන් ඉන්පසු දුර්ගුණ පහේ නිරත වීමෙන් දේවතාවන්ගෙන් මනුෂ්‍යයින් බවට පත් වෙයි. රාවණ් ගේ රාජධානියේ සියලුම දෙනා මනුෂ්‍යයින්ය. එහි, සෑම කෙනෙක්ම දේවතාවන්ය. එයට කියන්නේ දේවතා ලෝකය වන අතර මෙයට කියන්නේ මනුෂ්‍ය ලෝකය කියායි. දේවතාවන්ගේ ලෝකයට දහවල යැයිද, මනුෂ්‍යයින්ගේ ලෝකයට රාත්‍රිය යැයිද කියයි. ආලෝකයට දහවල යැයිද, අන්ධකාරයට රාත්‍රිය යැයිද කියයි. ඔබට මෙම වෙනස වැටහෙයි. ඔබ පෙර කල කිසිවක් නොදැන සිටි බව ඔබ දනී. මේ සෑම දෙයක්ම දැන් ඔබගේ බුද්ධියේ ඇත. ඍෂිවරුන් සහ මුනිවරුන්ගෙන් ඔවුන් නිර්මාණකරු හෝ නිර්මාණයේ මුල, මැද සහ අවසානය ගැන දන්නේද කියා ඇසූ විට, ඔවුන් නිකම්ම කියන්නේ, ’නැත නැත’ (මෙයත් නොවේ එයත් නොවේ). ඔබ පෙර කල අසීමිත පියාව නොදැන සිටි නිසා, ඔබ අදේවවාදීන්ව සිටි බව ඔබට දැන් වැටහෙයි. ඔහු ආදි සනාතන බාබායි. ඔහු ජීවයන්ගේ බාබායි. ඔබ දැන් කිසිවිටෙකත් පුළුස්සනු නොලබන, එම අසීමිත පියාට අයත් වන බව ඔය දරුවන්ට වැටහෙයි. මෙහි ඔවුන්ට ශරීර ඇති බැවින් සියලුම දෙනා පුළුස්සනු ලබයි. රාවණ්වද පුළුස්සයි. කිසි කෙනෙකුට කිසිම විටෙක ජීවාත්මයක් පිළිස්සිය නොහැක. ඔහුට පමණක් ඇති අදෘෂ්‍යමාන ඥානය, පරම පියා ඔය දරුවන්ට දෙයි. මෙය ජීවාත්මය තුළ ඇති අදෘෂ්‍යමාන ඥානයයි. ජීවාත්මයන් පවා අදෘෂ්‍යමානයි. ජීවාත්මයක් ඔහුගේ මුඛය තුළින් කතා කරයි. මේ නිසයි බාබා කියන්නේ දරුවනි, ශරීර අවධානයට පත් නොවන්න! ජීවාත්ම අවධානයෙන් සිටින්න! නැත්නම් ඔබ උඩු යටිකුරු කර, ඇති සේය. තමන් ජීවාත්මයක් යැයි සැළකීමට ඔබට අමතක වෙයි. නාටකයේ වැදගත්කම ද ඔබ ඉතා හොඳින් වටහා ගත යුතුයි. නාටකයේ නියම වී ඇති ඕනෑම දෙයක් ඒ අන්දමින්ද නැවතත් සිදුවෙයි. මෙය කිසිවෙක් නොදනී. නාටකය තත්පරෙන් තත්පරයට නොකඩවා ඉදිරියට ඇදෙන ආකාරය පිළිබඳ ඥානයද ඔබගේ බුද්ධිය තුළ ඇත. අහසේ කෙළවරට කිසිවෙකුට ගමන් කළ නොහැක. ඔවුන්ට පොළවේ කෙළවරට ගමන් කළ හැක. අහස සූක‍්ෂම වන අතර පොළව ඝනයි. ඔබට බොහෝ දේවල් වල කෙළවරට ගමන් කළ නොහැක. ඔවුන් කියන්නේ ඉහළ සෑම තැනකම ඇත්තේ අහස පමණක් බවත්, පහළ සෑම තැනකම ඇත්තේ පොළව පමණක් බවත්ය. ඔවුන් මෙම දේවල් ග්‍රන්ථ වලින් අසා ඇත. එබැවින් ඔවුන් ඒ සෑම දෙයක්ම එහිදී දැක බලා ගැනීමට, ඉහළට ගමන් කරති. ඔවුන් එහි ඉහළ, ලෝකයක් ස්ථාපනය කිරීමටද උත්සාහ කරති. ඔවුන් ලෝකය බොහෝ සෙයින් ප්‍රසාරණය කර ඇත. භාරතයේ තිබුණේ එක් දේවතා ධර්මය පමණයි. එහි වෙනත් රටවල් තිබුණේ නැත. ඔවුන් ඉන්පසු ලෝකය බොහෝ සේ ගොඩනැඟුවේය. මේ ගැන ටිකක් සිතන්න! දෙවි දේවතාවරුන් භාරතයේ ඉතා කුඩා භූමි ප්‍රමාණයක පමණයි ජීවත් වූයේ. ඔවුන් ජීවත් වුණේ යමුණා ගං තෙර අසබඩය. දිල්ලිය සුරඟනන්ගේ දේශය විය (පරිස්ථාන්). නොකඩවා අකල් මරණ සිදුවන, මෙයට කියන්නේ සොහොන් බිම කියායි (කබිරිස්ථාන්). අමරණීය දේශයට කියන්නේ සුරඟනන්ගේ දේශය කියායි. එහි ස්වභාවික අලංකාරය බොහෝ සේ තිබේ. ඇත්ත වශයෙන්ම සුරඟනන්ගේ දේශය යැයි භාරතයට කියයි. සුරඟනන්ගේ දේශයේ අධිපතියන් වූයේ ලක‍්ෂ්මි සහ නාරායනය. ඔවුන් බොහෝ සුන්දරය ඔවුන් සතෝප්‍රධාන් විය. ඔවුන්ට ස්වභාවික අලංකාරය තිබිණි. එම ජීවාත්ම ද නොකඩවා බැබළිණි. ක්‍රිෂ්ණාගේ උපත සිදුවන ආකාරය බාබා දරුවන්ට පෙන්වීය. මුළු කාමරයම බැබළෙන්නා සේය. එබැවින් පරම පියා අසුන් ගෙන ඔය දරුවන්ට විස්තර කරයි. ඔබ දැන් සුරඟනන්ගේ දේශයට යෑමට උත්සාහ දරමින් සිටියි. එය අංකානුසාරයෙන් විය යුතුයි. සෑම කෙනෙකුටම එක හා සමාන විය නොහැක. මෙතරම් කුඩා ජීවාත්මයක්, එතරම් විශාල කොටසක් රඟපාන අන්දම ගැන සිතා බලන්න. ජීවාත්මයක් ශරීරය අත්හළ විට ශරීරයට වන දේ බලන්න! මුළු ලොවෙහි සියලුම නළුවන් රඟපාන්නේ සදාකාලිකවම නිර්මාණය වී ඇති චරිත කොටස්ය. මෙම ලොවද සදාකාලිකයි. එක් එක්කෙනා තුළ ඇති කොටසද සදාකාලිකයි. මෙය කල්ප වෘක‍්ෂය බව ඔබට වැටහෙන බැවින්, ඔබට කිව හැක්කේ එය ආශ්චර්යයක් කියා පමණයි! පරම පියා ඔබට එතරම් හොඳින් විස්තර කරයි. ඒ කෙසේවෙතත්, ඔබ එක් එක්කෙනාට එය වටහා ගැනීමට, නාටකයෙහි නියම වී ඇති කාලය කොතරම්ද, වටහා ගැනීමට ඔබ එම කාලය ගත කරයි. එක් එක්කෙනාගේ බුද්ධීන් අතර වෙනසක් තිබේ. සෑම ජීවාත්මයකටම මනසක් සහ බුද්ධියක් තිබේ, එහෙත් සෑම ජීවාත්මයක් අතරම බොහෝ වෙනස්කම් තිබේ. ඔය දරුවන් දැන් ශිෂ්‍යත්වයක් දිනා ගත යුතු බව ඔබට වැටහෙයි. එබැවින් ඔබගේ හදවත් තුළ සතුට තිබේ. මෙහිද, ඔබ ඇතුලට ආ විගසම ඔබ ඉදිරියේ ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබට දැක ගත හැක. එවිට අනිවාර්යෙන්ම එම සතුට ඇත, එසේ නොවේද? ඔබ දැන් මෙහි පැමිණ සිටින්නේ, ඉගෙන ගෙන, ඔවුන් මෙන් වීමට බව ඔබට වැටහෙයි. නැත්නම් කිසිකෙනෙක් මෙහි පැමිණෙන්නේ නැත. මෙය ඔබගේ අරමුණ සහ ඉලක්කයයි. ඔබගේ ඊලඟ උපතේ අරමුණ සහ ඉලක්කය දැක ගත හැකි වෙන කිසිදු පාසැලක් නොමැත. ඔවුන් දෙව්ලොව අධිපතියන් බවත්, අපිත් එසේ වන්නට යන බවත් ඔබට දැක ගත හැක. අප දැන් සිටින්නේ සංගම් යුගයේය. අපි එම රාජධානියටවත්, මෙම රාජධානියටවත් අයිති නැත. අපි අතර මැද සිටින අතර, එහෙට යමින් සිටින්නෙමු. බෝට්ටුකරුවා අශාරීරික වන අතර බෝට්ටුවද අශාරීරිකයි. ඔහු බෝට්ටුව එගොඩට ඇද දමා එය උත්තරීතර දේශයට ගෙනයයි. අශාරීරික පියා, අශාරීරික දරුවන්ව ගෙනයයි. පරමාත්ම පියා පමණයි ඔහුත් සමඟ දරුවන් රැගෙන යන්නේ. මෙම චක්‍රය නිමාවට පත්වෙයි, ඉන්පසු එය එම අන්දමින්ම නැවතත් සිදුවෙයි. ඔබ එක් ශරීරයක් අතහැර තව එකක් ගනී. ඔබ කුඩා වී ඉන්පසු නැවතත් ලොකු වෙයි. අඹ ඇටයක් පැළ කළ විට, අඹ ගසක් මතුවෙයි. එය සීමිත ගසක් වන අතර මෙය මනුෂ්‍ය වෘක‍්ෂය වන අතර එයට විවිධත්ව වෘක‍්ෂය යැයිද කියති. ස්වර්ණමය යුගයේ සිට කලි යුගය දක්වා ඔබ ඔබගේ සම්පූර්ණ කොටස් නොකඩවා රඟදක්වයි. ඔය අවිනාශි ජීවාත්මයන් උපත් 84 හි චක්‍රයේ ඔබගේ චරිත කොටස් රඟ පායි. ලක‍්ෂ්මි සහ නාරායන පෙර සිටියේය, ඔවුන් දැන් නොසිටියි. ඔවුන් චක්‍රය වටා ගොස් එය බවට පත්විය. ඔවුන් පෙරදී ලක‍්ෂ්මි සහ නාරායනව සිටියේය, යැයි කියැවේ. එය දැන් ඔවුන්ගේ අවසන් උපතයි. බ්‍රහ්මා සහ සරස්වති ඇතුළුව, සෑම කෙනෙක්ම, අනිවාර්යෙන්ම ආපසු නිවහනට යා යුතුයි. මේ තරම් ජනයා දිව්‍ය ලෝකයේ සිටියේ නැත. එහි ඉස්ලාම් ආගමේ හෝ බෞද්ධාගමේ නළුවන් සිටියේ නැත. එහි සිටියේ දේවි දේවතාවරුන් පමණයි. වෙන කිසිවෙකුට මෙම වැටහීම නොමැත. නුවණැත්තන් වන අයට නම්බු නාමයක් ලැබිය යුතුයි. කෙනෙක් ඉගෙන ගන්නා ප්‍රමාණයට, සහ උත්සාහ දරණ ප්‍රමාණයට අනුව, අංකානුසාරයෙන් ඔහුට තත්ත්වයක් ලැබෙයි. එබැවින් ඔය දරුවන් මෙහි පැමිණ ඔබගේ අරමුණ සහ ඉලක්කය දුටු විට ඔබ සතුටු විය යුතුයි. ඔබගේ සතුටට සීමාවක් නැත. පාසැලක් හෝ විශ්ව විද්‍යාලයක් තිබිය යුත්තේ මෙලෙසයි. එය බොහෝ අදෘෂ්‍යමානයි! කෙසේවෙතත්, මෙය ඉතාමත් ශ්‍රේෂ්ඨ විශ්ව විද්‍යාලයකි. ඉගැන්වීම් උසස් වන තරමට, විද්‍යාලය ශ්‍රේෂ්ඨය. එහි ඔබට සියලුම පහසුකම් තිබේ. ජීවාත්මයන් ඉගෙන ගෙන, ඉන්පසු රත්‍රං සිංහාසනයක් හෝ ලී සිංහාසනයක් මත අසුන් ගත යුතුයි. ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුයි මන්ද, මේ පරමාත්ම ශිව දෙවියන්ගේ වදන්ය! මෙම කෙනා, අංක එකේ ලෝක කුමරුය. සෑම චක්‍රයකදීම පරම පියා පැමිණ ඔහුගේම හැඳින්වීම ලබා දෙන බව ඔය දරුවන්ට වැටහෙයි. මම මෙම කෙනා තුළට ඇතුළු වී, ඔය සෑම දරුවෙකුටම උගන්වන්නෙමි. දේවතාවන්ට මෙම ඥානය නොමැත. ඥානය තුළින් ඔබ දේවතාවන් වූ පසු, මෙම ඉගෙනුම අවශ්‍ය වන්නේ නැත. මෙය වටහා ගැනීමට ඉතාම පුළුල් බුද්ධියක් අවශ්‍ය වේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම අපවිත්‍ර ලෝකය ඔබගේ බුද්ධියෙන් ඉවත් කරගන්න. ඔබගේ පැරණි ශරීරය සහ ශාරීරික නෑදැයින් අමතක කර දමා, ඔබගේ බුද්ධිය පරමාත්ම පියාට සහ දිව්‍ය ලෝකයට සම්බන්ධ කරන්න.

2. සදාකාලික විවේකය අත්විඳින්නට, පියා සහ ඔබගේ උරුමය පිළිබඳ අවධානයෙන් සිටින්න. සෑම කෙනෙකුටම පරම පියාගේ පණිවිඩය ලබා දී, ඔවුන්ව නැවුම්භාවයට පත් කරවන්න. ආධ්‍යාත්මික සේවයේ යෙදීමට ලැජ්ජා නොවන්න.

වරදානය:
ඔබ නිරතුරුවම පරම පියා ඉදිරියේ පෞද්ගලිකව හිඳ, සතුට අත්විඳීමෙන්, වෙහෙස නොදැනී, අලසකමින් නිදහස් වේවා.

ඔබ ඕනෑම සංස්කාරයක් හෝ ගති ස්වභාවයක් පරිවර්ථනය කිරීමේදි අධෛර්යට පත් වන්නේ හෝ නොසැලකිලිමත් වන්නේ නම්, එය වෙහෙසට පත් වීමේ ස්වරූපයකි. වෙහෙස නොදැනීම යනු, කිසිම අලසකමක් නොතිබීමයි. මේ ආකාරයේ අලසකමින් නිදහස් දරුවන් නිරන්තරයෙන් පෞද්ගලිකව පරම පියා ඉදිරියේ හිඳ සතුට අත්විඳියි ඔවුන්ගේ සිත්වල කිසිම ආකාරයක දුක් රළ නොමැත. එබැවින් නිරන්තරයෙන් පරම පියා ඉදිරියේ සිට සතුට අත්විඳින්න.

පාඨය:
සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වීමට, ඔබගේ සෑම සිතිවිල්ලකින්ම පුණ්‍යකර්මත්, ඔබගේ වදන් වලින් ආශිර්වාදත් නොකඩවා රැස් කරගන්න.