12.04.20 Avyakt Bapdada
Sinhala
Murli 23.12.85 Om Shanti Madhuban
රාගය පරාජය කළ කෙනෙක්
යනු සියලු සීමිත ආශාවන් ඉක්මවූ කෙනෙකි.
බාප්දාදා ඔහුගේ කුඩා,
ශ්‍රේෂ්ඨ සහ සතුටු ලෝකය දකිනවා. එක් පසෙක ඉතා විශාල නීරස ලෝකය තිබේ. අනෙක් පස
තිබෙන්නේ කුඩා, සතුටු ලෝකයකි. මේ සතුටු ලෝකයේ, සතුටින් සහ සාමයෙන් පිරි බ්‍රහ්මණ
ජීවාත්ම සිටිනවා, මන්ද, මෙම පිවිතුරු සහ පිරිසිඳුකමේ ජීවිතය, සතුටු සහ සාමකාමී
ජීවිතයක පදනමයි. පිවිතුරුකම සහ පිරිසිඳුකම ඇති තැන, කිසිදු දුකක හෝ අසාමයේ නාමයක්
හෝ සලකුණක් තිබිය නොහැක. මෙම කුඩා, සතුටු ලෝකය, පාරිශුද්ධත්වයේ බලකොටුවයි. ඔබගේ
සිතිවිලි වලින් හෝ ඔබ පාරිශුද්ධත්වයේ බලකොටුවෙන් ඉවතට පියවර තබන්නේ නම්, ඔබ දුක සහ
අසාමයේ බලපෑම අත්දකියි. ඔබගේ බුද්ධියේ පාදය මෙම බලකොටුව තුළ තිබෙන්නේ නම්, එවිට
ඔබගේ සිතිවිලි වලින් පමණක් නොව, සිහිනෙන්වත් දුකක හෝ අසාමයේ රැල්ලක් තිබිය නොහැක.
දුක හෝ අසාමයේ සුළු අත්දැකීමක් හෝ තිබෙන්නේ නම්, එවිට අනිවාර්යෙන් එක හෝ වෙන ආකාරයක
අපවිත්රතාවයක බලපෑම තිබේ. පාරිශුද්ධත්වය යනු රාගය පරාජය කර, ඒ අනුව ලෝකය ජය
ගත්තෙක් වීම පමණක් නොවෙයි, මන්ද සියලුම සීමිත ආශාවන්, රාගය නමැති පාපයේ නිර්මාණයි.
රාගය පරාජය කරන්නෙක් වීම යනු, සියලු ආශාවන් ජය ගැනීමයි, මන්ද සෑම ආශාවකටම විශාල දරු
පරම්පරාවක් සිටියි. එකක් වන්නේ භෞතික දේපළ වලට ඇති ආශාවයි. දෙවන ආශාව වන්නේ
මිනිසුන්ගෙන් යම් සීමිත දෙයක් ලබා ගැනීමටයි. තුන්වනුව, සම්බන්ධතා ඉටු කිරීමේදි බොහෝ
ආකාරයේ සීමිත ආශාවන් ඉස්මතු වෙයි. සතරවැන්න, සේවය කිරීමේ චේතනාව තුළද සීමිත ආශාවන්
ඉස්මතු වෙයි. මෙම සතර ආකාරයේම ආශාවන් අවසන් කිරීම යනු සෑම කලටම දුක සහ අසාමය
ජයගැනීමය. දැන් තමන්ගෙන් විමසන්න මා මේ සතර ආකාරයේම ආශාවන් අවසන් කර තිබේද? ඕනෑම
විනාශ වන දෙයක් ඔබව ආකර්ෂණය කරන්නේ නම්, එවිට එය අනිවාර්යෙන්ම ආශාවක ස්වරූපයෙන් ඇති
බැඳීමකි. ඔබ වචන වෙනස් කර රාජකීය අන්දමකින් පවසන්නේ ’මට එය අවශ්‍ය නැහැ, නමුත් මා
එයට කැමති.‘ භාණ්ඩයක් හෝ පුද්ගලයෙක් වෙත ඔබට විශේෂ ආකාර්ෂණයක් තිබෙයි නම්, ඔබ එම
විශේෂිත වූ භාණ්ඩය හෝ පුද්ගලයාට පමණක් කැමති නම්, ඉන් කියැවෙන්නේ ආශාවක් තිබෙන
බවයි. එය ආශාවකි. ඔබ සෑම දේකටම සහ සියලු දෙනාටම කැමති බව පැවසීම නිවැරදි වන අතර ඔබ
යම් විශේෂිත දෙයකට හෝ පුද්ගලයෙකුට කැමති බව පැවසීම වැරදිය. එය ආශාවේ රාජකීය
ස්වරූපයකි.
ඔබ යමෙකුගේ සේවයට, යමෙක් ලබා දෙන පෝෂණයට, ගුණදම් වලට, උත්සාහයන්ට, අත්හැරීමට හෝ
ස්වභාවයට කැමති නම්, එම යහපත් බවේ සුගන්ධය ගැනීම හෝ ඔබ තුළට එම යහපත් බව ධාරණය
කරගැනීම, එම කෙනාගේ යහපත නිසා ඔබ එම කෙනාට විශේෂයෙන් කැමති කියා සිතනවාට වඩා, වෙනස්
කාරණයකි. මෙයට හේතුව වන්නේ එම යහපත ඉන්පසුව ආශාවකට හැරෙන නිසාය. එය ආශාවකි. එවිට
ඔබට දුක හෝ අසාමයට මුහුණ දීමට නොහැක. එකක් වන්නේ, එම කෙනාගේ යහපත නිසා, ඔබට යහපත්
වීමට නොහැකි වීමය. අනෙක, ඔබව පහළට ගෙන එන එදිරිවාදිකමේ හැඟීමයි. එකක් සිතට කා වැදීම
වෙනුවෙන් ඇති ආශාවය. අනෙක ඊර්ෂ්‍යාව හෝ කෙනෙක් වෙනුවෙන් අමනාපයක් නිසා ඇති ආශාවය.
මේවාද ඔබගේ සතුට සහ සාමය අවසන් කරයි. එවිට ඔබගේ මනස නිරන්තර කැලඹීල්ලක තිබෙයි. සිතට
කාවැදී ඇති බවට සලකුණු වන්නේ, බැඳීම සහ යටහත් බවයි. ඒ ආකාරයෙන්ම ඊර්ෂ්‍යාවේ හෝ
එදිරිවාදිකමේ හැඟීම් තිබීමේ සලකුණ වන්නේ, තමන් නිවැරදි බව පෙන්වාදීමට තැත් කිරීම සහ
මුරණ්ඩු වීමය. මේ දෙයාකාරයේ හැඟීම් තිබීමෙන්, කෙතරම් කාලය සහ ශක්තිය අපතේ යන්නේද
කියා එවිට ඔබට අවධානයක් නැත. දෙකම විශාල හානි සිදුකරයි. එය ඔබට පීඩාවක් ගෙන දෙන අතර
අන් අයටද පීඩාවක් ගෙන දෙයි. එවන් වෙලාවක, එම ජීවාත්මයන්ගෙන් මතුවන මැතිරිල්ල වන්නේ
මා දුක ගත යුතු මෙන්ම දුක දිය යුතුයි. කුමක් සිදුවුණත්, මා මෙය කළ යුතුමයි. ඒ
වෙලාවට කතා කරන්නේ ඔවුන්ගේ ආශාවන්ය. ඒ වෙලාවට කතා කරන්නේ බ්‍රහ්මණ ජීවාත්මය නොවෙයි.
ඔවුන්ගේ බුද්ධියේ දෙපය, සතුට සහ සාමයේ ලෝකයෙන් පිටතට පියවර තබන්නේ මේ නිසයි.
එබැවින් මේ රාජකීය ආශාවන් ජයගන්න. මෙම ආශාවන් ඉක්මවා ගොස් ආශාවන් පිළිබඳ දැනුම ගැන
පවා නොදැනුවත් වීමේ මනෝ ස්ථීතිය ඇති කරගන්න.
මේ දෙයාකාරයේ හැඟීම් නිසා, ඔබ අනිවාර්යෙන් යමක් සිදුකර පෙන්වන බවට සිතිවිල්ලක් ඔබට
ඇති වන විට, ඔබ එය පෙන්වන්නේ කාටද? පරම පියාටද, බ්‍රහ්මණ පවුලටද? ඔබ එය පෙන්වන්නේ
කාටද? එසේ නම් එය පෙන්වීම පමණක් නොව, නමුත් ඇද වැටීම පෙන්වීමක් බව සලකන්න. ඔබට
පෙන්වීමට අවශ්‍ය විශ්මය එයද? වැටීම යනු, ඔබ අන් අයට ආඩම්බරයෙන් පෙන්වන දෙයක්ද?
සීමිත ලැබීමේ කුල්මත් බව මා මෙම සේවය කර පෙන්වන්නම්, මා නාමය කීර්තිමත් කර
පෙන්වන්නම් මෙම වදන් රාජකීයද කියා පරීක්ෂා කර බලන්න. ඔබ සිංහයන්ගේ භාෂාව කතා කරන
නමුත් ඔබ බැටළුවන් මෙන් වෙයි. මෙකල මිනිසුන්, කොටියෙක්, ඇතෙක්, රාවණ හෝ රාමාගේ වෙස්
මුහුණු පළඳියි. ඉතිං මෙයත් මායා, කොටියෙකුගේ වෙස් මුහුණක් පැළඳීමය. ’මා මෙය
අනිවාර්යෙන් කර පෙන්වන්නම්. මා මෙය කරන්නම්.‘ කෙසේවෙතත්, මායා ඔබ මත බලපෑම් ඇති කර,
ඔබව බැටළුවෙක් බවට පත් කරයි. ඕනෑම ’මගේ‘ යන අවධානයක් තිබීම යනු, එක හෝ තව ආකාරයක
සීමිත ආශාවක බලපෑමට හසුවීමය. යුක්තියුක්ත භාෂාව කතා කරන්න, එමෙන්ම යුක්තියුක්ත
හැඟීම් පවත්වා ගන්න. මෙය දක්ෂකම නොවෙයි, නමුත් එය සෑම කල්පයකම පරාජය අත්විඳ සූර්ය
වංශය වෙනුවට චන්ද්‍ර වංශයේ කොටසක් බවට පත්වීමය. එවිට ඔබට සෑම කල්පයකදීම චන්ද්‍ර
වංශයේ කොටසක් බවට පත් වීමට සිදුවෙයි. එසේ නම් එය පරාජයද, දක්ෂකමද? එවන් දක්ෂකම්
නොපෙන්වන්න. අහංකාර නොවන්න. කිසි කෙනෙකුට අපහාස නොකරන්න. එම හැඟීම් දෙකම ඔබව සුබ
පැතුම් සහ පිවිතුරු හැඟීම් තිබීමෙන් ඈත් කරයි. එබැවින් පරීක්ෂා කරන්න සුළුවෙන් හෝ
අහංකාරකමේ හෝ අපහාස විඳීමේ හැඟීමක් නැහැ නේද? අහංකාරකම හෝ අපහාස විඳීමේ හැඟීම්
තිබෙන විට, එම පුද්ගලයාට කිසිසේත්ම ස්ව-අභිමාන මනෝ ස්ථීතියේ ස්ථාවර විය නොහැක.
ස්ව-අභිමානය, ඔබව සියලු ආශාවන්ගෙන් ඉවතට පියවර මැනීමට මඟපාදයි, එවිට ඔබ නිරතුරුවම
සතුටු ලෝකයේ සතුටු සහ සාම ඔංචිල්ලාවල පැද්දෙනු ඇත. මෙය, සියලු ආශාවන් ජයගෙන, ලොව
ජයගන්නා කෙනෙක් වීම, ලෙස හැඳින්වෙයි. ඉතිං බාප්දාදා කුඩා සතුටු ලෝකය දෙස බලමින්
සිටියා. ඔබ ඔබගේම ලෝකයේ, සතුටු ලොවේ සිට, ඔබගේ බුද්ධියේ පාදයෙන් විදේශයකට යන්නේ
ඇයි? ඔබගේ නොවන ආගමක්, ඔබගේ නොවන දේශයක්, සෑම විටම ඔබට දුකක් ඇති කරයි. ඔබගේ ආදිතම
ධර්මය සහ ඔබගේ ආදිතම දේශය ඔබට සතුට ලබා දෙයි. ඉතිං, ඔබ සතුටු සාගරය වන පරම පියාගේ
දරුවන්ය. ඔබ සතුටු ලෝකය අත්විඳ ඇති ජීවාත්මයි. ඔබ අයිතියක් ඇති ජීවාත්මයි, එබැවින්
ඔබ සෑම විටම සතුටින් සහ සාමයෙන් රැඳී සිටිය යුතුයි. ඔබට වැටහෙනවාද?
මේ දේශයේ සහ විදේශයන් සිට, සියලුම ආදරණීය දරුවන් ඔවුන්ගේ නිවසට, ඔවුන්ගේ පියාගේ
නිවසට, තම අයිතිය ලබා ගැනීමට පැමිණ සිටියි. අයිතියක් ඇති දරුවන් දැක, බාප්දාදා ද
සතුටු වෙයි. ඔබ සතුටින් මෙහි පැමිණි ආකාරයෙන්ම, නිරන්තරයෙන් සතුටින් රැඳී සිටීමේ
ක්‍රමවේදය වන්නේ, ඔබගේ සිතිවිලි වලින් පවා ඒ දෙකම අත්හැර, සෑම කලටම භාග්‍යවන්ත
වීමය. ඔබගේ භාග්‍යය හිමි කරගැනීමට ඔබ ඇවිත්, නමුත් ඔබගේ භාග්‍යය හිමිකර ගැනීමත්
සමගින්, ඔබගේ පියාසර ස්ථීතියට බාධාවක් වන, මනසේ දුර්වලතා ඔබ හැර යා යුතුයි. මෙය
අත්හැරීම යනු, යමක් හිමි කරගැනීමයි. අච්චා.
නිරන්තරයෙන් සතුටු ලෝකයේ ජීවත් වන අයට සහ සියලු ආශා ජය ගන්නා අයට, සියලු ජීවාත්ම
වෙනුවෙන් සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් තිබෙන ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, ස්ව-අභිමන්
අසුනේ නිරන්තරයෙන් ස්ථාවරව රැඳී සිටින අයට, බාප්දාදාගේ සෙනෙහස, සිහි කිරීම සහ
නමස්කාරය.
මිහිරියාව
තුළින් අමිහිරි දේශයක් මිහිරි කරන්න.
අද දින, සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම පියාණන්, සීයා, ඔහුගේ ආදරණීය මුනුපුරන් මුණ ගැසීමට
ඇවිත්. බ්‍රහ්මාව, මීමුත්තා ලෙස සිහිකර තිබේ. අශාරීරික පරම පියා, බ්‍රහ්මාව, භෞතික
ලෝකය වෙනුවෙන් උපකරණයක් කළා. මනුෂ්‍ය ලෝකයේ නිර්මාණකරු වීම නිසා, මනුෂ්‍ය ලෝකයේ
සිහිවටනය, වෘක්ෂයක ස්වරූපයෙන් පෙන්වා තිබේ. බීජය අදෘෂ්‍යමානයි. ප්‍රථමයෙන් පත්‍ර
දෙකක් මතු වන අතර ඉන්පසුව ඉන් කඳ මතුවෙයි. වෘක්ෂයේ පියා ලෙස ආදිදේව් සහ මව ලෙස
ආදිදේවී ලෙස, බ්රහ්මා, වෘක්ෂයේ අත්තිවාරම වෙනුවෙන් උපකරණය වෙයි. එයින් බ්‍රහ්මණ
කඳ මතුවන අතර බ්‍රහ්මණ කෙඳන් බොහෝ අතු ඉස්මතු වෙයි. මීමුත්තා ලෙස බ්‍රහ්මාව සිහි කර
තිබෙන්නේ මේ නිසයි. බ්‍රහ්මාගේ අවතරණය සිදුවනවා යනු, නරක දවස් අවසන් වී හොඳ දවස්
ආරම්භ වීමයි. රාත්‍රිය අවසන් වී බ්‍රහ්මාගේ අරුණෝදය (මුහුරත) සිදුවෙයි. එය ඇත්ත
වශයෙන් බ්‍රහ්ම මුහුරත වන නමුත් ඔවුන් පවසන්නේ ’බ්‍රහම් මුහුරත්‘ කියාය. එබැවින්
ඔවුන් බ්‍රහ්මාව මහළු ස්වරූපයකින් පෙන්වයි. සීයා, අශාරීරික පියා, ඔය මුනුපුරන්ට
කෙතරම් තෑගි දෙන්නේද
යත්, ඔබ උපත් 21 ක් ඒවාගෙන් ජීවත් වෙයි. ඔහු දානපති මෙන්ම භාග්‍යය පිරිනමන්නාය. ඔහු
ඔබට බඳුන් පුරවා ඥාන මිණි මුතු ලබා දෙයි. ඔහු ඔබට බොහෝ ශක්තී ස්වරූපයන්ගේ රන්
තිළිණයක් ලබා දෙයි. ඔහු ඔබට ගුණදම් ආභරණ පිරවූ පෙට්ටි ලබා දෙයි. ඔබට ආභරණ පෙට්ටි
කීයක් තිබෙනවාද? ඔබ දිනපතාම අළුත් ආභරණ දැම්මත්, ගණන් කළ නොහැකි තරමට තිබෙයි. මෙම
තිළිණ සෑම කලටම ඔබත් සමඟ යයි. ඒ භෞතික තෑගි මෙහි ඉතිරි වෙයි, නමුත් මේවා ඔබත් සමඟ
යයි. ඔබ දේවමය තෑගි වලින් කෙතරම් පිරෙන්නේද යත්, ඔබට එහිදි කිසිවක් උපයාගැනීමට
අවශ්‍ය නොවෙයි. ඔබ නොකඩවා ඔබගේ තෑගි මත ජීවත් වෙයි. වෙහෙස වී වැඩ කිරීමෙන් ඔබ නිදහස
ලබයි.
ඔබ සියලු දෙනාම විශේෂයෙන් පැමිණ සිටින්නේ නත්තල සැමරීමටයි. බාප්දාදා එය හඳුන්වන්නේ
කිස්මිස් (වියළි මිදි) ලෙසයි. කිස්මිස් දිනය යනු මිහිරියාවේ දවසයි. එය නිරන්තරයෙන්
මිහිරි වීමට ඇති දිනයයි. මෙදින ඔවුන් බොහෝ රසකැවිලි කන අතර අන් අයටද රසකැවිලි
බෙදයි. ඔවුන්ගේ මුව මිහිරි වන්නේ කෙටි වෙලාවකට පමණයි, මන්ද ඔවුන්ම මිහිරි වන්නේ
නම්, ඔවුන්ගේ මුවගින් සෑම විටම මිහිරි වචන පමණක් මතුවෙයි. රස කැවිලි කන විට හෝ අන්
අයට බෙදන විට ඔබ සතුටු වෙයි. ඒ ආකාරයෙන්ම මිහිරි වචන ඔබව සතුටට පත් කරවන අතර අන්
අයවත් සතුටු කරයි. එබැවින් මෙය සිදුකර, නිරතුරුවම නොකඩවා සියලු දෙනාගේම මුව මිහිරි
කරන්න. සෑම විටම මිහිරි ද්‍රිෂ්ඨියක්, මිහිරි වදන් සහ මිහිරි ක්‍රියා තිබිය යුතුයි.
කිසිමිස් දිනය සැමරීමේ අරුත මෙයයි. සැමරීම යනු අන් අයව මිහිරි කරවීමයි. ඕනෑම
කෙනෙකුට සුළු මොහොතක මිහිරි ද්‍රිෂ්ඨි ලබා දී, මිහිරි වචන ටිකක් පවසන්න, එවිට ඔබ එම
ජීවාත්මයට සෑම කලටම පිරිපුන් බවක් දැනෙන්නට සලස්වයි. මිහිරි ද්රිෂ්ඨියේ මෙම තත්පර
දෙක සහ මිහිරි වදන් එම ජීවාත්මයගේ ලෝකය පරිවර්ථනය කරයි. මෙම මිහිරි වදන් ටික ඔවුන්ව
සෑම කලටම පරිවර්ථනය කිරීමට උපකරණයක් වෙයි. මිහිරියාව කෙබඳු ගුණදහමක්ද යත් එය
අමිහිරි භූමියක් සුමිහිරි කරවයි. ඔබ සියලු දෙනාගේ පරිවර්ථනයට පදනම වුණේ බාබාගේ
මිහිරි වදන් ටිකයි, එහෙම නේද? සුමිහිරි දරුවනේ, ඔබ පිවිතුරු සහ මිහිරි ජීවාත්මයි.
මෙම මිහිරි වදන් ටික ඔබව පරිවර්ථනය කළා. බාබාගේ මිහිරි ද්‍රිෂ්ඨිය ඔබව වෙනස් කළා. ඒ
ආකාරයෙන්ම මිහිරියාවෙන් අන් අයවත් මිහිරි කරවන්න. මේ ආකාරයෙන් ඔවුන්ගේ මුව මිහිරි
කරන්න. ඔබට වැටහෙනවාද? ඔබ නත්තල් දිනය සැමරුවා නේද? ඔබ සෑම කලටම මේ සියලුම තෑගි
වලින් ඔබගේ ඒප්‍රන පුරවගෙන සිටිනවාද? සෑම විටම මිහිරියාවේ තිළිණය ඔබත් සමඟ තබාගන්න.
නිරන්තරයෙන් මෙයින් මිහිරිව රැඳී සිට අන් අයවත් මිහිරි කරන්න. අච්චා.
ඥාන මිණි මුතු වලින් තම බුද්ධියේ ඒප්‍රන සෑම විටම පුරවාගන්නා අයට, බල මඟින්
ශක්තියෙන් පිරි ජීවාත්ම වී, සියලු ශක්තීන්ගෙන් පිරී සිටින අයට, සියලු ගුණදම් වල
ආභරණ වලින් සෑම විටම සැරසී සිටින ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, මිහිරියාවෙන් තම මුව සෑම
විටම මිහිරි කරගන්නා සුමිහිරි දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, සිහි කිරීම සහ නමස්කාරය.
අව්යක්ත්
බාප්දාදා කුමාර්ලා මුණගැසෙමින්
1) කුමාර්ලා යනු සීඝ්‍ර වේගයකින් ඉදිරියට ගමන් කරන අයයි. ඔබ ගමන් කර, නතර වී,
ඉන්පසුව නැවතත් ගමන් කිරීම සිදුනොවිය යුතුයි. අවස්ථා කුමනාකාරයේ වුවත්, ඔබ සෑම විටම
බලවත් ජීවාත්ම බව සලකා නොකඩවා ඉදිරියට ගමන් කරන්න. සිදුවීම් වලින් හෝ වාතාවරණයෙන්
බලපෑමට ලක් වන අය නොවන්න නමුත් අන් අය මත ශ්‍රේෂ්ඨ බලපෑමක් ඇති කරන අය වන්න.
ශ්‍රේෂ්ඨ බලපෑමක් යනු, වෙනත් බලපෑමක් නොවෙයි, ආධ්‍යාත්මික බලපෑමකි. ඔබ එවන්
කුමාර්ලාද? ප්‍රශ්න පත්රයකට මුහුණ දීමට සිදුවන විට, ඔබ චංචල වන අය නොවෙයි නේද? ඔබ
ඔබගේ ප්‍රශ්න පත්‍රය සමත් වනවා නේද? ඔබ සෑම විටම එඩිතරයි, නේද? එඩිතරකම ඇති තැන,
පරම පියාගේ උපකාරය අනිවාර්යෙන්ම තිබෙයි. දරුවන් තුළ එඩිතරකම තිබෙන විට, පරම පියා
උපකාර කරයි. සෑම කාර්යයකදී තමන්ව ඉදිරියෙන් තබාගෙන නොකඩවා අන් අයවත් ශක්තිමත්
කරන්න.
2) කුමාර්ලා යනු පියාසර ස්ථීතියේ සිටින අයයි. පියාසර ස්ථීතියේ සිටින්නේ, සෑම විටම
බන්දන වලින් නිදහස්ව සිටින අය පමණයි. එබැවින් ඔබ බන්දන වලින් නිදහස් කුමාර්ලාය.
ඔබගේ සිත්වල පවා ඔබට කිසිදු බන්දනයක් නැත. එබැවින් ඔය කුමාර්ලා සෑම විටම සියලු
බන්දන අවසන් කර, බන්දන වලින් නිදහස්ව රැඳී සිට, පියාසර ස්ථීතියේ සිටිනවාද? ඔය
කුමාර්ලා ඔබගේ භෞතික බල සහ ඔබගේ බුද්ධියේ බල යන දෙකම, වටිනා අන්දමකින් භාවිත
කරනවාද? ලෞකික ජීවිතයේ, කුමාර්ලා නොකඩවා ඔවුන්ගේ භෞතික බලය මෙන්ම ඔවුන්ගේ බුද්ධියේ
බලය විනාශකාරී කාර්යයන් වෙනුවෙන් භාවිත කර ඇත. කෙසේවෙතත්, ඔබලා දැන් මෙම බල,
ශ්‍රේෂ්ඨ කාර්යයකට භාවිත කරන අය බවට පත් වී ඇත. ඔබ කැලඹීම් ඇති කරන අය නොවෙයි,
නමුත් සාමය ස්ථාපිත කරන අයයි. ඔබ එවන් ශ්‍රේෂ්ඨ කුමාර්ලාද? ඇතැම් විට ඔබගේ ලෞකික
ජීවිතයේ සංස්කාර ඉස්මතු වනවාද? ඔබ අලෞකික ජීවිතයක් ඇති අයයි, එනම් ඔබ නව දිවියක්
ඇති අයයි. එබැවින් ඔබගේ නව දිවිය තුළ, පැරණි දේවල් තව දුරටත් පවතින්නේ නැහැ. ඔබ
සියලු දෙනාම නව උපතක් ඇති ශ්‍රේෂ්ඨ ජීවාත්මයි. තමන් සාමාන්‍ය බව කිසිම විටෙක
නොසලකන්න, නමුත් ඔබ බලවත් බව සලකන්න. ඔබගේ සිතිවිලි වලින් වත් කැලඹීමකට ලක් නොවන්න.
ඔබට මෙම ප්රශ්නය නැත ’මට තවමත් නිෂ්ඵල සිතිවිලි ඇති වන නිසා මා කළ යුත්තේ කුමක්ද?‘
එහෙම නේද? ඔබ වාසනාවන්ත කුමාර්ලාය. ඔබගේ භාග්‍යයෙන් ඔබ උපත් 21 ක් නොකඩවා බුදියි.
තමන් වෙනුවෙන්, භෞතික සහ සූක්ෂම ආදායමක් ඉපයීම සඳහා වෙහෙස වී වැඩ කිරීමට
සිදුවීමෙන්, ඔබ නිදහස් වෙයි.
සමුගන්න මොහොතේ
සෙනෙහස සහ සිහි කිරීම
මෙම දේශයේ සහ විදේශ
වල සියලුම දරුවන්ගෙන්, මෙම විශේෂ දිනය වෙනුවෙන් බාප්දාදාට කාඩ්පත්, ලිපි සහ සිහි
කිරීම ලැබී තිබේ. මෙම ශ්‍රේෂ්ඨ දිනයේ බාප්දාදා ඔය සියලුම සුමිහිරිතම දරුවන්ට මෙම
ආශිර්වාදය ලබා දෙනවා ’මිහිරියාව තුළින් නිරන්තරයෙන් ශ්‍රේෂ්ඨ වී, අන් අයව ශ්‍රේෂ්ඨ
කරවන්න.‘ මෙම ආශිර්වාදයෙන් ඔබ නොකඩවා ප්‍රගතිය ලබා, සේවය දියුණු වීමටද මඟපාදන්න.
සියලුම දරුවන්ට, සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨතම පියාගෙන්, සියල්ලට වඩා ශ්‍රේෂ්ඨතම
සිහිකිරීම සහ ආදරණීය සුබ පැතුම්. සුබ උදෑසනක්. නිරතුරුවම මිහිරිව රැඳී සිටීම
වෙනුවෙන් සුබ පැතුම්.
වරදානය:
ඔබ දරාගැනීමේ
බලය ධාරණය කර, සියලු දෙනාට ආදරණීය වී, අවිනාශී සහ මිහිරි ඵල ලබා ගනිත්වා.
යමක් දරාගැනීම යනු,
මියැදීම නොවෙයි, නමුත් සෙනෙහසින් යුතුව සියලු දෙනාගේ හදවත තුළ ජීවත් වීමය. කෙනෙක්
කෙතරම් එදිරිවාදිකම් කළත්, ඔහු රාවණටත් වඩා බියකරු වුණත්, ඔබට එක වරක් පමණක්
නොවෙයි, දස වාරයක් දරාගැනීමට සිදු වුණත්, එවිට පවා දරාගැනීමේ බලය, අවිනාශී මෙන්ම
මිහිරිය. ඔබ බොහෝ දරා ඇති නිසා අනෙක් කෙනාද ටිකක් දරා ගත යුතුයි, යන හැඟීම කිසිම
විටෙක ඇති කර නොගන්න. තාවකාලික ඵල ලබාගැනීමට අවශ්‍ය වීමේ කිසිදු හැඟීමක් නොතිබිය
යුතුයි. දයාවේ හැඟීම ඇති කරගන්න, එනම් සේවය කිරීමේ හැඟීම. සේවය කිරීමට ආශාවක් ඇති
අය, සියලු දෙනාගේ දුර්වලතාවයන්ට හැඩ ගැසෙයි. ඔවුන් ඒවාට විරුද්ධ නොවෙයි.
පාඨය:
ගෙවී ගොස් ඇති
සෑම දෙයක්ම අමතක කරන්න, අතීතයේ දේවලින් පාඩමක් ඉගෙන ගෙන අනාගතයේ නිරන්තරයෙන්
ප්‍රවේසමින් සිටින්න.