21-04-2021 උදෑසන මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්
සුමිහිරි දරුවනි, ඔබ දැන් සත්‍ය පියාගෙන් සත්‍ය දේ අසා, ආලෝකයට පැමිණ සිටියි. ඔබගේ වගකීම වන්නේ සෑම කෙනෙක්වම අන්ධකාරයෙන් ගලවා, ආලෝකයට රැගෙන ඒමයි. ප්රශ්නය: ඔය දරුවන් කවරෙකුට හෝ දැනුම දෙන විට, ඔබ අනිවාර්යෙන් මතක තබා ගත යුත්තේ කුමක්ද? පිළිතුර: නිරන්තරයෙන් ඔබගේ මුවට ’බාබා, බාබා’ යැයි කීමට සලස්වන්න, මන්ද, මෙසේ කිරීමෙන් ’මගේ’ යන අවධානය අවසන් වෙයි. උරුමයද සිහි වෙයි. ’බාබා’ කීමෙන්, සර්ව ව්‍යාප්ත බවේ අදහසද විනාශ වෙයි. දෙවියන් සෑම තැනකම සිටින බව යමෙක් පැවසුවොත්, ඔහුගෙන් විමසන්න පියා සෑම කෙනෙක් තුළම සිටින්නේ කෙසේද? ගීතය: අද මිනිසුන් සිටින්නේ අන්ධකාරයේය. ඕම් ශාන්ති. දරුවන් කුමක්ද පැවසුවේ, එමෙන්ම ඔවුන් ’අහෝ, දැනුමේ මහා සයුර! අහෝ දැනුමේ සූර්යයා! බාබා’ කියා අඬ ගැසුවේ කාටද? පරමාත්ම දෙවියන්ට ’බාබා’ යැයි කියයි. දෙවියන්, පියා වන බැවින් ඔබ සියලු දෙනාම දරුවන්ය. දරුවන් පවසන්නේ ’අපි දැන් අඳුරට වැටී ඇත. අපව ආලෝකයට රැගෙන යන්න!’ ’බාබා’ යැයි කීමෙන් ඔබ පියාට අඬ ගසන බව ඉන් ඔප්පු වෙයි. ඔබ ’බාබා’ කියන විට ඔබ සෙනෙහස අත්විඳියි, මන්ද, පියෙකුගෙන් උරුමයක් ලැබෙන බැවින්. ’ඊෂ්වර’ හෝ ’ප්‍රභූ’ යැයි කීමෙන්, පියාගේ උරුමයේ එම මිහිරියාව නොමැත. ’බාබා’ කීමෙන් ඔබට ඔබගේ උරුමය සිහිවෙයි. ඔබ කන්නලව් කරන්නේ ’බාබා, අපි අඳුරට වැටී ඇත! පැමිණ, දැනුමින් අපගේ පහන් දල්වනු මැනවි!’ මෙසේ කියන්නේ, ජීවාත්මයන්ගේ පහන් නිවී ගොස් ඇති නිසාය. කෙනෙක් මිය ගිය විට, මිනිසුන් දින 12ක් පහනක් දල්වා තබයි. පහන නොනිවා තබා ගැනීමට කෙනෙක් මුළු රැය පුරා අවදිව සිටියි. පියා විස්තර කරන්නේ භාරතයේ ජනයා වන ඔබලා, ආලෝකයේ, එනම්, දිවාකල සිටියා. නමුත් ඔබ දැන් සිටින්නේ රාත්‍රියේය. දිවාකල පැය 12ක් පවතින අතර පැය 12ක් රාත්‍රිය පවති. එය සීමිත කරුණකි. මෙම දිවා රාත්‍රිය අසීමිතයි. ස්වර්ණමය සහ රිදී යුගයන් වලට බ්රහ්මගේ දහවල කියාද, තඹ සහ කලි යුග වලට බ්රහ්මගේ රාත්‍රිය යැයිද කියයි. රාත්‍රියේ අන්ධකාරය තිබෙන අතර මිනිසුන් එහිදී හැපී වැටෙයි. ඔවුන් දෙවියන් සොයමින් සෑම දිශාවකම යන නමුත් ඔවුන්ට දෙවියන් හමු වන්නේ නැත. ඔවුන් දෙවියන් හමුවීම උදෙසා භක්තියේ යෙදෙයි. භක්තිය ආරම්භ වන්නේ තඹ යුගයෙදීය, එනම්, රාවණ රාජධානිය ආරම්භ වන විටය. දශෙරා (රාවණව පුළුස්සා දැමීම) පිළිබඳව කතාපුවතක්ද ගොතා ඇත. ඔවුන්ගේ මනසේ හිතලු වලින්ද ඔවුන් කතාපුවත් ගොතයි නිදසුනක් ලෙස ඔවුන් චිත්‍රපටි සහ නාට්‍ය ආදිය නිර්මාණය කරයි. ශ්‍රීමත් භගවත් ගීතාව, සත්‍යයයි. උත්තරීතර ජීවාත්මය පැමිණ, ඔය දරුවන්ට රාජයෝගාව උගන්වා ඔබට රාජධානිය ලබා දුන්නා. ඉන්පසුව ඔවුන් භක්ති මාර්ගයේදී කතාන්දර නිර්මාණය කළේය. ව්‍යාස් විසින් ගීතාව ලියන ලදි, එනම්, ඔහු කතාවක් ගෙතුවේය. ඔය දරුවන් දැන් පියාගෙන් සත්‍ය දේට සවන් දෙමින් සිටිනවා. ඔබ සෑම විටෙකම අඛණ්ඩව ’බාබා, බාබා’ කිව යුතුයි. උත්තරීතර ජීවය, අපගේ බාබාය. ඔහු නව ලෝකයේ නිර්මාණකරු බැවින් අපි අනිවාර්යෙන්ම අපගේ දිව්‍ය ලෝකයේ උරුමය ඔහුගෙන් ලබා ගත යුතුයි. උපත් 84ක් අත්විඳිමින් අපි අපායට පැමිණියා. පියා පහදා දෙන්නේ දරුවනි, භාරතයේ ජනතාව වන ඔබලා අයත් වූයේ සූර්ය සහ චන්ද්‍ර රාජ වංශ වලටයි. ඔබ ලෝකයේ අධිපතියන්ව සිටි කල, වෙනත් ආගම් නොතිබිණි. එයට දිව්‍ය ලෝකය, ක්‍රිෂ්ණාගේ දේශය යැයි කීහ. මෙහි, එය රකුසන්ගේ දේශයයි. එහි ලක්ෂ්මි සහ නාරායනගේ රාජධානියව පැවතුණු බව, බාප්දාදා ඔබට සිහි කර දෙයි. පියා පමණයි, දැනුමේ මහා සයුර, සාමයේ මහා සයුර සහ පාරිශද්ධකරු වන්නේ, ගංඟා නදිය නොව. සියලුම මනාළියන්ට සිටින්නේ මනාලයා වන එක් පරමාත්ම දෙවියන් පමණයි. මිනිසුන් මෙය නොදනී. ෙමි නිසයි, සියලුම ජීවයන්ගේ පියා කවරෙක්ද කියා ඔවුන්ගෙන් විමසූ විට ඔවුන් අවුලට පත්වන්නේ. ඔවුන් පිළිතුරු දෙන්නේ අපි නොදන්නෙමු. අහෝ ජීවාත්මයනි! නමුත් ඔබගේ පියාව ඔබ නොදන්නේ කෙසේද? ඔවුන් දෙවි පියාණන් ගැන කතා කරන නමුත්, ඔහුගේ නම සහ රූපය කුමක්ද, එමෙන්ම ඔවුන් ඔහුව හඳුනනවාද, කියා විමසූ විට, ඔහු සෑම තැනකම සිටින බව ඔවුන් පවසයි. දරුවන්ගේ පියෙකුට, කිසිම විටෙක සෑම තැනකම සිටිය හැකිද? රාවණගේ රකුසු උපදෙස් පිළිපැදීමෙන් මිනිසුන් බොහෝ සේ අඥානයින් වී ඇත. අංක එකේ දුර්ගුණය වන්නේ ශරීර අවධානයයි. ඔවුන් ජීවාත්ම යන විශ්වාසය ඔවුන්ට නැත. ඔවුන් පවසන්නේ මම අහවල් කෙනාය. ඉන් හැඳින්වෙන්නේ ශරීරයයි. ඇත්ත වශයෙන්ම ඔවුන් සැබවින්ම කවුරුන්ද කියා ඔවුන් නොදනී. ’මම විනිශ්චයකරුවෙකි, මම අහවලාය.’ ඔවුන් දිගින් දිගටම ’මම’ යැයි කියයි, නමුත් එය වැරදිය. ’මම’ සහ ’මගේ’ වෙනස් වූ දෙකකි. ජීවාත්මය අවිනාශී වන අතර ශරීරය විනාශ වෙයි. නමක් දෙනු ලබන්නේ ශරීරයටයි. ජීවාත්මයට නමක් දෙන්නේ නැත. පියා පවසන්නේ මගේ නම ශිවාය. මිනිසුන්, ශිවාගේ උපන් දිනය පවා සමරති. අශාරීරික කෙනාට උපන් දිනයක් තිබෙන්නේ කෙසේද? ඔහු ඇතුළු වන්නේ කවුරුන් තුළටද කියා කිසිවෙක් නොදනී. සියලුම ජීවාත්මයන්ගේ නම, ජීවාත්මයයි. උත්තරීතර පියාගේ නම, ශිවා වන අතර ඉතිරි සියලු දෙනාම සැලිග්රමයි. සියලුම ජීවාත්ම, දරුවන් වන අතර සියලුම ජීවාත්මයන්ගේ පියා වන්නේ ශිවාය. ඔහු අසීමිත පියාය. සෑම කෙනෙක්ම ඔහුට කන්නලව් කරයි පැමිණ අපව පිවිතුරු කරන්න! අපි දුක් විඳිනවා! කන්නලව් කරන්නේ ජීවාත්මයි. දුකෙන් සිටින විට සියලුම ජීව ඔහුව සිහි කරන නමුත් එම දරුවන්ම සතුටින් සිටින විට, ඔවුන්ගෙන් කිසිවෙක් ඔහුව සිහි නොකරයි. ඔබව දුකට පත් කර තිබෙන්නේ රාවණයි. පියා විස්තර කරන්නේ මෙම රාවණ, ඔබගේ පැරණි සතුරාය. මෙය නිර්මාණය කර ඇති නාටකයේ රඟ දැක්මයි. එබැවින් දැන් සෑම කෙනෙක්ම සිටින්නේ අඳුරේය. මේ නිසයි ඔවුන් මෙසේ කන්නලව් කරන්නේ අහෝ දැනුමේ සූර්යයාණෙනි, පැමිණ අපව ආලෝකයට රැගෙන යන්න! භාරතය, සතුටේ දේශය වූ කල්හි, කිසිම කෙනෙක් කන්නලව් කළේ නැත. එහි කිසිම අඩුවක් නොතිබිණි. මෙහි, ඔවුන් අඛණ්ඩව අඬ ගසති අහෝ ශාන්තිය පිරිනමන්නාණෙනි! ශාන්තිය, ඔබගේ ආදිතම ධර්මය බවත්, ඔබගේ ගෙල වටා ඇති මාලාව බවත්, පරමාත්ම පියා පැමිණ පහදා දෙයි. ජීවාත්ම, ශාන්ත දේශයේ නිවැසියන්ය. සතුටම පමණක් ඇති සතුටු දේශයට, ඔබ ශාන්ත දේශයේ සිට යයි. ඔබට අසරණ බවින් හඬා වැලපෙන්නට සිදුවන්නේ නැත. මිනිසුන් දුකින් සිටින විට පමණයි, මෙසේ හඬන්නේ අනුකම්පා කරන්න! දුක නැති කර සතුට පිරිනමන්නා වන බාබා, එන්න! ශිව බාබා, මිහිරි බාබා, නැවත වරක් වඩින්න! ඔහු අනිවාර්යෙන්ම පැමිණෙයි. මිනිසුන් ශිවාගේ උපන් දිනය සමරන්නේ ඒ නිසාය. ශ්‍රී ක්‍රිෂ්ණා, දිව්‍ය ලෝකයේ රාජ කුමාරයාය. ඔහුගේ උපන් දිනයද සමරන නමුත්, ක්‍රිෂ්ණා පැමිණියේ කවදාද කියා, කිසිවෙකු නොදනී. රාධේ සහ ක්‍රිෂ්ණා, විවාහ වන විට, ලක්ෂ්මි සහ නාරායන වෙයි. කිසිවෙකු මෙය නොදනී. මිනිසුන් දිගින් දිගටම කන්නලව් කරති අහෝ දෙවි පියාණෙනි! අච්චා, ඔහුගේ නම සහ රූපය කුමක්ද කියා ඔවුන්ගෙන් විමසන්න, එවිට ඔවුන් පවසන්නේ, ඔහු නමක් හා රූපයක් ඉක්මවා සිටින බවයි! අහා! ඔබ පවසන්නේ ඔහු දෙවි පියාණන් බවයි, ඉන්පසුව ඔහු නමක් හා රූපයක් ඉක්මවා සිටින බව පවසයි! අහස යනු අවකාශයකි, නමුත් එයට ‘අහස’ යන නම ඇත. ඔබ පියාගේ නම සහ රූපය නොදන්නා බව කියයි. අච්චා, ඔබ තමන්ව දන්නවාද? ඔව්, මම ජීවාත්මයක්මි. අච්චා, ජීවාත්මයක නම සහ රූපය කුමක්ද? ඔවුන් පවසන්නේ ජීවාත්මය, උත්තරීතර ජීවාත්මය බවය. ජීවාත්මයකට නමක් සහ රූපයක් ඉක්මවා සිටිය නොහැක. ජීවාත්මයක් යනු, නළල මැද වාසය කරන තාරකාවක් වැනි තිතකි. එතරම් කුඩා ජීවයක් තුළ උපත් 84ක චරිත කොටසක් පටිගත වී තිබේ. මෙම කාරණා වටහා ගත යුතුයි. දින හතේ උඳුන, සිහි කරන්නේ මේ නිසාය. රාවණගේ රාජධානිය ආරම්භ වූයේ තඹ යුගයේ වන අතර එතැන් සිට පාපයන් පැවතී ඇත. ඔබ අඛණ්ඩව ඉනිමඟ දිගේ පහළට පැමිණියා. දැන් සෑම කෙනෙක්ම අන්ධකාරයට හසු වී අවලස්සන වී සිටියි. මේ නිසයි ඔවුන් මෙසේ අඬ ගසන්නේ අහෝ, දැනුමේ සූර්යයා වඩිනු මැන! ඇවිත් අපව ආලෝකයට ගෙන යන්න! මෙවැනි කියමනකි සත්ගුරු, දැනුමේ තෙල ලබා දෙන විට, අවිද්‍යාව (අන්ධකාරය) දුරු වී යයි. බුද්ධිය, පියාව සිහි කරයි. මෙසේ නොකියයි ගුරු, තෙල ලබා දෙන විට. ගුරූන් බොහෝ සිටින නමුත් ඔවුන් කිසිවෙකුට දැනුම නැත ඔවුන්ව සිහි කෙරෙන්නේ නැත. ඒකායන පියා පමණයි දැනුමේ මහා සාගරය, පාරිශුද්ධකරු මෙන්ම සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා වන්නේ. එබැවින් වෙනත් කිසිවෙකු දැනුම ලබා දෙන්නේ කෙසේද? දෙවියන් මුණ ගැසීමට බොහෝ මාවත් තිබෙන බව, පූජකයන් කියති, ග්රන්ථ හැදෑරීම, යාගහෝම පැවැත්වීම, තපස් රැකීම ආදි සියල්ල, දෙවියන් හමුවීමේ මාවත් බව ඔවුන් කියයි. කෙසේවෙතත්, අපවිත්‍ර අය, පිවිතුරු ලෝකයට යන්නේ කෙසේද? පියා පවසන්නේ මමම පැමිණිය යුතුයි. සිටින්නේ එක් දෙවියන් පමණයි. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්, දේවතාවන්ය ඔවුන්ට දෙවියන් යැයි කිව නොහැක. ඔවුන්ගේ පියා, ශිවාය. මිනිසුන් සිටින්නේ මෙහි බැවින්, මිනිසුන්ගේ පියාද සිටිය යුත්තේ මෙහි නොවේද? ලියා ඇති නාමය වන්නේ ’ප්‍රජාපිතා බ්‍රහ්ම කුමාරි ආයතනය’. එබැවින් දරුවන් ඔබයි. බ්‍රහ්ම කුමර කුමරියන් බොහෝ සිටිති. උරුමයක් ලැබෙන්නේ බ්‍රහ්මගෙන් නොව, ශිවාගෙනි. උරුමයක් ලැබෙන්නේ දාදා (සීයා) ගෙනි. ඔහු මෙතැන අසුන්ගෙන, බ්රහ්මගේ මාර්ගයෙන්, ඔබව දිව්‍ය ලෝකයට යාමට සුදුස්සන් බවට පත් කරවයි. ඔහු ඔය දරුවන්ව බ්රහ්මගේ මාර්ගයෙන් දරුකමට හදාගනී. දරුවන් පවසන්නේ බාබා, මා ඔබ සතුය. මා මගේ උරුමය හිමි කරගන්නේ ඔබගෙනි. විෂ්ණු දේශය ස්ථාපිත කරන්නේ බ්රහ්මගේ මාර්ගයෙනි. ශිව බාබා ඔබට රාජයෝගාව උගන්වයි. ගීතාව, පරමාත්ම දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ උපදේශයන්ය. සිටින්නේ එක් අශාරීරික කෙනා වන පරමාත්ම දෙවියන් පමණයි. පරම පියා පහදා දෙන්නේ ඔය දරුවන් උපත් 84ක් ගෙන තිබේ. ජීවාත්ම, උත්තරීතර ජීවාත්මයෙන් බොහෝ කාලයක් තිස්සේ වෙන් වී සිටියා. බොහෝ කාලයක් වෙන් වී සිටියේ භාරත ජනතාවයි. වෙනත් ආගම් වල අය නොවෙයි. පළමුවෙන්ම වෙන් වූ අය ඔබලායි. ඔබ පියාගෙන් වෙන් වී ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා මෙහි පැමිණියා. බාබා පවසන්නේ අහෝ ජීවයනි, දැන් ඔබගේ පියා වන මා, සිහි කරන්න! මෙය සිහිපත් කිරීමේ වන්දනා ගමනයි, යෝගා ගින්නයි. මෙම යෝගා ගින්නේ, ඔබගේ හිස මත ඇති පාපයේ බර, පිළිස්සී යයි. අහෝ මිහිරි දරුවනි, ස්වර්ණමය යුගයෙන් ඔබ කලි යුගයට පැමිණ සිටියි. දැන් මාව සිහි කරන්න! මෙය ඔබගේ බුද්ධිය විසින් කළ යුතු දෙයකි. ඔබගේ ශරීර සහ ශාරීරික නෑදෑයන් සියලු දෙනාම අමතක කර, නිරතුරුවම මා පමණක් සිහිපත් කරන්න. ඔබලා ජීවාත්ම වන අතර ඒවා ඔබගේ ශරීරයි. ‘මම, මම’ යැයි කියන්නේ ජීවාත්මයයි. රාවණ, ඔබව අපවිත්‍ර කර ඇත. මෙම නාටකය, පෙර නියම වූවක්. පිවිතුරු භාරතය මෙන්ම අපවිත්‍ර භාරතය තිබේ. ඔබ අපවිත්‍ර වූ විට, ඔබට රාම රාජධානිය අවශ්‍ය බව කියමින් ඔබ පියාට අඬ ගසති. ඔවුන් මෙසේ කියන නමුත් ඔවුන් එහි අරුත නොදනී. ඔබට දැනුම ලබා දෙන, දැනුමේ මහා සාගරය වන්නේ ඒකායන පියා පමණයි. පැමිණ, තත්පරයකදී ඔබට උරුමය ලබා දෙන්නේ පියා පමණයි. ඔබගේ සූර්ය සහ චන්ද්‍ර රාජවංශ උරුමය, හිමි කරගැනීම සඳහා, ඔබ දැන් පියාට අයත්ය. ඉන්පසුව ඔබ ස්වර්ණමය සහ රිදී යුගයන්හිදී අමරණීය වෙයි. අහවලා මිය ගිය බව ඔබ එහිදී නොකියයි. ස්වර්ණමය යුගයෙදී අකල් මරණ නොමැත. ඔබ මරණය ජයගන්නා අතර, දුක පිළිබඳ සඳහනක් නැත. එයට සතුටේ දේශය යැයි කියයි. පියා පවසන්නේ මා ඔබට දිව්‍ය ලෝකයේ ආධිපත්‍යය ලබා දෙමි. එහි සැප පහසුව වෙනුවෙන් බොහෝ පහසුකම් තිබේ. භක්ති මාර්ගයේ මිනිසුන් එවන් ආකාරයේ දේවාල ගොඩනැඟුවා! එකල වුවද ඔවුනට බොහෝ ධනය තිබුණි. භාරතය කෙතරම් සමෘද්ධිමත්ව තිබුණාද කියා බලන්න! ඉතිරි ජීවාත්ම සියල්ලම සිටියේ අශාරීරික ලෝකයේය. උසස්ම-උසස් බාබා, දැන් දිව්‍ය ලෝකය ස්ථාපනය කරන බව, ඔය දරුවන්ට දැනගැනීමට ලැබී ඇත. උසස්ම-උසස් වන්නේ ශිව බාබා වන අතර, ඉන්පසුව සූක්ෂම දේශයේ වැසියන් වන බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් සිටියි. ඉන්පසුව මෙම ලෝකය තිබේ. ඔය දරුවන්ට දැනුම තුළින් විමුක්තිය ලැබෙයි. දැනුම, භක්තිය සහ නිරාශාව යනුවෙන් සිහිකර ඇත. ඔබට ස්වර්ණමය යුගයේ ආධිපත්‍යය ලැබීමට ඇති නිසා, පැරණි ලෝකය පිළිබඳ නිරාශාවක් තිබෙයි. පියා පවසන්නේ දරුවනි, දැන් නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න! මා සිහි කිරීමෙන් ඔබ මා වෙතට පැමිණෙයි. අච්චා. සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය: - යෝගා ගින්නෙන් ඔබගේ හිස මත ඇති පාපයේ බර, පිළිස්සී යාවි. ඔබගේ බුද්ධියෙන් ඔබගේ ශරීරය සහ සියලු ශාරීරික නෑදෑයින් ඉවත් කර, ඒකායන පියාව සිහිපත් කරන්න.
- කන්නලව් කරමින් අසරණ වී අඬ ගසනවා වෙනුවට, ඔබගේ ආදිතම ධර්මය වන ශාන්ත බවේ ස්ථාවරව රැඳී සිටින්න. ඔබගේ ගෙල වටා ඇති මාලය, ශාන්ත බවයි. ශරීර අවධානයෙන් ’මම’ සහ ’මගේ’ යන වචන භාවිත නොකරන්න. ඔබ ජීවාත්මයක්ය, යන විශ්වාසය තබාගන්න.
වරදානය: උසස්ම තත්ත්වයට ඔබට අයිතියක් තිබී, ඔබගේ ශ්‍රේෂ්ඨ ස්ථීතිය තුළින්, මායාට ඔබ ඉදිරියේ හිස නැමීමට සලස්වන්න. ශ්‍රේෂ්ඨ ජීවාත්ම, කිසි කෙනෙක් ඉදිරියේ හිස නොනමන නමුත් සියලු දෙනාම ඔවුන් ඉදිරියේ හිස නමයි. ඒ ආකාරයෙන්ම පරම පියා විසින් තෝරාගෙන ඇති ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, කිසිදු තැනක, කිසිදු අවස්ථාවක හෝ මායාගේ විවිධ ආකර්ෂණයේ ස්වරූප වලට හිස නැමීමට තමාට ඉඩ දිය නොහැක. ඔබ දැන්, අන් අයගේ හිස නැමීමට සලස්වන ස්ථීතියක ස්ථාවරව රැඳී සිටින විට, ඔබ උසස්ම තත්ත්වයට අයිතියක් හිමි කරගනිවි. එවන් ජීවාත්ම ඉදිරියේ ස්වර්ණමය යුගයේ පුරවැසියන් ගෞරවයෙන් හිස නමන අතර තඹ යුගයේ බැතිමතුන් ඔබගේ සිහිවටන ඉදිරියේ හිස නමයි. පාඨය: කර්මය සහ යෝගාව අතර හොඳ සමබරතාවයක් තබා ගන්න, එවිට ඔබ කර්මයෝගීවරයෙක් ලෙස හැඳින්වෙයි. *** ඕම් ශාන්ති ***
|
|