31.05.20 Avyakt Bapdada
Sinhala
Murli 18.01.86 Om Shanti Madhuban
මනසේ බලය සහ
නිර්භීතකමේ බලය.
අද දින, වෘක්ෂයේ
බීජය, ඔහුගේ නව වෘක්ෂයේ අත්තිවාරම වන දරුවන් දෙස බලනවා. වෘක්ෂයේ බීජය, ඔහුගේ
වෘක්ෂයේ කඳ දෙස බලනවා. වෘක්ෂයේ බීජය විසින් පෝෂණය කර ඇති ශ්‍රේෂ්ඨ ඵලය වන සියලුම
දරුවන් දෙස ඔහු බලනවා. ආදි දේව් ඔහුගේ ආදිතම මැණික් දෙස බලනවා. සෑම මැණිකකම
ශ්‍රේෂ්ඨත්වය සහ විශේෂත්වය, එයටම අයත් එකකි. කෙසේවෙතත්, සියලු දෙනාම නව නිර්මාණයට
උපකරණ වන විශේෂ ජීවාත්මයි, මන්ද ඔවුන් පියාව හඳුනාගෙන ඇති උපකරණ බවට පත් වී, පියාගේ
කාර්යයේ සහයෝගී වී, බොහෝ දෙනෙක් ඉදිරියේ නිදසුන් බවට පත් වී ඇත. ලෝකය දෙස නොබලා, ඔබ
නව ලෝකය නිර්මාණය කරන ඒකායන කෙනාව දැක තිබේ. ඔබ ලෝකය ඉදිරියේ, නොසැලෙන විශ්වාසය සහ
නිර්භීතකමේ නිදසුන් බවට පත් වී ඇත, එබැවින් ඔබ සියලු දෙනාම විශේෂ ජීවාත්මයි.
විශේෂයෙන් එකට එකතු වී ඇති සියලුම විශේෂ ජීවාත්ම දැක, බාප්දාදා සතුටට පත් වී, එවන්
දරුවන්ගේ ප්‍රශංසා ගීත ගායනා කරයි. ඔබ කවුරු වී සිටියත්, කෙබඳු ආකාරයකට සිටියත්, ඔබ
පරම පියාව හැඳිනගත් අතර පරම පියා ඔබව තෝරා ගත්තා, ඔබට ලෞකික ‘ඔළු‘ නොමැති වුවත්,
හදවතට සැනසීම ගෙන දෙන කෙනා, අවංක හදවත් ඇති අයට ආදරය කරයි. පරම පියා ලෞකික ඔළු ඇති
අයව ප්‍රිය නොකරයි ඔහු ප්‍රිය කරන්නේ හදවත් ඇති අයවයි. පරම පියා ඔබට කෙබඳු අසීමිත
ඔළුවක් ලබා දෙන්නේද යත්, නිර්මාපකයා හැඳින ගැනීමෙන්, ඔබ නිර්මාණයේ මුල, මැද සහ
අවසානය පිළිබඳ ඥානය ගැන දැනුවත් වෙයි. එබැවින් බාබා ඔබව තෝරාගත්තේ ඔබගේ හදවත නිසාය.
අංකයක් හිමි වන්නේ, සේවයේ පදනමට අනුව නොවෙයි, සත්‍ය සහ පිරිසිදු හදවතක පදනමට
අනුවයි. සේවයේදි පවා, ඔබ අවංක හදවතකින් සේවය කළාද නැත්නම් ඔබ හිසෙන් පමණක් සේවය
කළාද? හදවතේ හඬ, හදවතට ලඟා වන අතර, හිසේ හඬ ලඟා වන්නේ හිසටයි.
අද බාප්දාදා, හදවත් ඇති අයගේ ලැයිස්තුව දෙස බලමින් සිටියා. හිස් ඇති අය, නමක් උපයා
ගන්නා අතර හදවත් ඇති අය, ආශිර්වාද උපයාගනී. ඉතිං, මාලාවන් දෙකක් නිර්මාණය වෙමින්
තිබුණා, මන්ද, අද දිනයේ, පෙර ගමන් ගිය ජීවාත්ම, සූක්ෂම කලාපයේ මතු විය. එම විශේෂ
ජීවාත්ම, හදවතට සමීප කතාබහක යෙදී සිටියා. ඔවුන්ගේ කතාබස්වල ප්‍රධාන මාතෘකාව වූයේ
කුමක්ද? ඔබ සියලු දෙනාද විශේෂ ජීවාත්මයන්ට මතු වීමට මඟ පෑදුවා නේද? වත්මන් කාලය සහ
අංග සම්පූර්ණ කාලය අතර කෙතරම් වෙනසක් තවමත් ඉතිරිව තිබෙන්නේද, පිළිබඳ සාකච්ඡාවක්
සූක්ෂම කලාපයේ පැවැත්වීය. කීදෙනෙක් සූදානම්ව සිටිනවාද? සංඛ්‍යාව සූදානම් වෙලාද
නැත්නම් ඔවුන් තව සූදානම් විය යුතුද? සියලු දෙනාම වේදිකාවට අංක පිළිවෙලට පැමිණෙනවා,
එහෙම නේද? පෙර ගමන් ගිය අය විමසා සිටියේ අපි කල් තියා සිදු කළ යුතු කාර්යය සිදු
කරමින් සිටිනවා, නමුත් අපගේ සහකරුවන් අපගේ කාර්යයට, ලබා දෙන්නේ කුමන විශේෂ
සහයෝගයක්ද? ඔවුන්ද මාලාවක් පිළියෙල කරනවා. ඔවුන් පිළියෙල කරන්නේ කුමන මාලාවද? නව
ලෝකය ආරම්භ කිරීම සඳහා උපත් ගන්නේ කවුරුන්ද, කොහේද? එය නියම කරමින් තිබෙනවා.
ඔවුන්ගේ කාර්යය සඳහා ඔවුන්ටද සියුම් සහ බලවත් සිත් වල විශේෂ සහයෝගය අවශ්‍යයි.
ස්ථාපනය සඳහා උපකරණ වීමට ඇති බලවත් ජීවාත්ම පිවිතුරු වන නමුත් මිනිසුන්ගේ වාතාවරණය
සහ පදාර්ථ තමෝගුණීය. උපරිම ලෙස තමෝගුණී වාතාවරණය මධ්‍යයේ, නෙළුම් මල් වැනි සතෝගුණී
ජීවාත්ම සුළු පිරිසක් සිටිනවා. මේ නිසයි, අද හදවතට සමීප කතාබහක යෙදී සිටි අතර, ඔබගේ
උපරිම ලෙස ආදරණීය ශ්‍රේෂ්ඨ ජීවාත්ම සිනහමුසුව මෙසේ විමසුවේ අපගේ සහකරුවන්ට මෙම
විශාල සේවය ගැන අවධානයක් තිබෙනවාද, නැත්නම් ඔවුන් තම මධ්‍යස්ථාන සහ සේවා කලාප සමඟ
පමණක් කාර්යබහුල වී සිටිනවාද?
සියලු පදාර්ථ පරිවර්ථනය කිරීමේ කාර්යය සහ තමෝගුණී සංස්කාර ඇති ඒ සියලු ජීවාත්මයන්ගේ
විනාශය, ක්‍රමවේදයකට අනුව සිදුවෙයි, නමුත් හදිසි මරණ, අකල් මරණ සහ බොහෝ
ජීවාත්මයන්ගේ සාමූහික මරණයේ කම්පන තරංග බොහෝ තමෝගුණී වෙයි. ඒවා පරිවර්ථනය කිරීමට
හැකි වී, හේතුවක් නොමැති රුධිරය ගැලීමේ වාතාවරණයේ තරංග වලින් තමන්ව ආරක්ෂිතව තබා
ගැනීමට සහ එම ජීවාත්මයන්ට සහයෝගය ලබා දීමට එවන් අසීමිත කාර්යයකට ඔබ සූදානම් වනවාද?
එසේ නැත්නම් ඔබගේ කාලය, පැමිණෙන කෙනෙකුට විස්තර කිරීමට සහ කෑමට පමණක් වැය කරනවාද?
ඔවුන් මේ ගැන විමසමින් සිටියා. අද, බාප්දාදා ඔවුන්ගේ පණිවිඩය ඔබට පවසනවා. එවැනි
අසීමිත කාර්යයක් සිදු කිරීමට උපකරණ වන්නේ කවුද? ඔබ ආරම්භයේ උපකරණ වූ බැවින්,
අවසානයේ පරිවර්ථනයේ අසීමිත කාර්යයටද ඔබ උපකරණ විය යුතුයි. මෙවන් කියමනක් තිබේ යමක්
අවසන් කළ කෙනා මුළු කාර්යයම නිම කළා. මව් කුස් මාලිගාවන්ද සූදානම් කළ යුතුයි, මන්ද
යෝගා බලයෙන් නව නිර්මාණය ආරම්භ වන්නේ එවිට පමණයි. යෝගා බලයට, මනසේ බලය අවශ්‍යයි.
මනසේ බලය, ඔබගේ ආරක්ෂාවේ මඟද වෙයි. ඔබගේ අවසානය ලස්සන කිරීමට ඔබට හැකි වන්නේ මනසේ
බලය තුළින් පමණයි. එසේ නැත්නම්, එම අවස්ථාවට අනුව ඔබට භෞතික ආකාරයකට සහයෝගය ලබා
ගැනීමට නොහැකි වන අතර, මනසේ බලය, එනම් උසස් සිතිවිලි වල බලය, ඒකායන කෙනා සමඟ
සම්බන්ධ වී ඇති රැහැන, ඒ වෙලාවේ පැහැදිලි නැත්නම්, එවිට, නපුරු භූතාත්ම මෙන් ඔබගේ
දුර්වලතා, ඔබ පසුතැවිලි වීමේ ස්වරූපයෙන් අත්විඳිනු ඇත. ඔබගේ දුර්වලතා පිළිබඳ අවධානය
ඔබට ඇති වන විට, නපුරු භූතාත්මයක ස්වරූපයෙන් ඔබ බියට පත්වෙයි. වර්තමානයේ, ඔබ කැමති
ආකාරයකට පසුවන නමුත් අවසානයේ, බිය අත්විඳින්නට සිදුවෙයි. එබැවින්, අසීමිත සේවය
වෙනුවෙන් සහ ඔබගේම ආරක්ෂාව වෙනුවෙන්, ඔබ මනසේ බලය සහ දැන් සිටම නිර්භීතකමේ බලය
රැස්කර ගත යුතුයි, මන්ද, අවසානය ලස්සන වන්නේ එවිට පමණයි. අසීමිත කාර්යයට සහයෝගී
වීමෙන් ඔබ අසීමිත ලෝක රාජධානියට උරුමයක් හිමි කරගනීවි. ඔබගේ සහකරුවන් ඔබගේ සහයෝගය
වෙනුවෙන් දැන් බලා සිටිනවා. ඔබගේ කාර්යයන් වෙනස් වුවත්, දෙපිරිසම පරිවර්ථනයට
උපකරණයි. ඔවුන් තම ප්‍රතිඵලය පැවසුවා.
පෙර ගමන් ගිය ජීවාත්ම සමහරෙක් දැනටමත් සූදානම් වී සිටින අතර තවත් අය ශ්‍රේෂ්ඨ
ජීවාත්ම කැඳවීම සඳහා සූදානම් වෙමින් සිටිනවා. සමහරු එවන් ජීවාත්ම සූදානම් කිරීමේ
යෙදි සිටිනවා. ඔවුන්ගේ සේවා ක්‍රමවේදය වන්නේ, මිත්‍රත්වයේ සබැඳියාවක් සහ
සමීපතාවයයි. ඔවුන්ට දැනුම සාකච්ඡා කිරීමට නොහැකි නමුත් ඔවුන්ට දැනුමැති
ජීවාත්මයන්ගේ සංස්කාර තිබෙන නිසා සහ එකිනෙකාගේ උසස් සංස්කාර ගැන දැන සිටින නිසා,
ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ චිත්ත තරංග සහ ඔවුන්ගේ නිරන්තරයෙන් පූජනීය සහ ප්‍රීතිමත් මුහුණු,
එකිනෙකාව දිරිමත් කිරීමේ කාර්යය ඉටු කරයි. ඔවුන් වෙනස් පවුල් වල සිටින නමුත් එක් හෝ
තව සබැඳියාවක හෝ මිතුරුකමක පදනමට අනුව ඔවුන් එකිනෙකා සමඟ සම්බන්ධ වෙයි. ඒ ජීවාත්ම
දැනුමින් පිරිපුන් නිසා එම කෙනා ඔවුන්ට අයත් බව හෝ ඒ කෙනා සමීප බව ඔවුන්ට නොකඩවා
හැඟෙයි. අයත් වීමේ හැඟීමේ පදනමින් ඔවුන් එකිනෙකාව හඳුනාගනී. කාලය දැන් සමීපයට
පැමිණෙන අතර එබැවින් පෙර ගමන් ගිය අයගේ කාර්යය සීඝ්‍ර වේගයකින් සිදුවෙමින් පවතිනවා.
සූක්ෂම කලාපයේ එවන් හුවමාරුවක් සිදුවුනා. ජගදම්බා විශේෂයෙන් සියලුම දරුවන්
වෙනුවෙන් මිහිරි වචන කිහිපයක් පැවසුවා ’නිරන්තර ජයග්‍රහණයේ පදනම වන්නේ දරාගැනීමේ
බලය සහ ඉඩ දීමේ බලයයි. මේ විශේෂතා දෙකෙන් ඔබ නිරන්තරයෙන් උසස් සහ පහසු ජයග්‍රහණය
අත්විඳියි.‘ අනෙක් අය පැවසූ දේ බාබා ඔබට කිව යුතුද? අද කතාබහ කිරීමේ සහ මුණගැසීමේ
විශේෂ දිනයක් වුණා, එබැවින් ඔවුන් සියලු දෙනාම තම තමන්ගේ අත්දැකීම් බෙදාගත්තා.
අච්චා, ඔබ වෙන කාගේ අත්දැකීම් වලටද සවන් දෙන්නේ? (විශ්ව කිශෝර් දාදා) සාමාන්‍යයෙන්
ඔහු කතා කරන්නේ ඉතා අඩුවෙන් නමුත් ඔහු කුමක් පැවසුවත් එය ඉතා බලවත් ලෙස පවසයි.
ඔහුගේ මුළු අත්දැකීමම වදන් කිහිපයකින් බෙදාගත්තා ඕනෑම කාර්යයක සාර්ථකත්වයේ පදනම
වන්නේ නොසැලෙන විශ්වාසය සහ සම්පූර්ණ කුල්මත් බවයි. නොසැලෙන විශ්වාසය තිබෙයි නම්,
අන් අයද ඉබේටම කුල්මත් බව අත්විඳියි. මේ නිසයි ඔහුට සාර්ථකත්වයේ පදනම වුණේ,
විශ්වාසය සහ කුල්මත් බව. ඔහුගේ අත්දැකීම වුණේ එයයි. සකාර් බාබා තුළ සෑම විටම තමන්
අනාගතයේ ලෝක අධිරාජයා වීමේ කුල්මත් බව තිබූ ආකාරයෙන්ම, විශ්ව කිශොර්ට තිබූ
කුල්මත්භාවය වුණේ, ඔහු ප්‍රථම ලෝක අධිරාජවරයාගේ පළමුවන රජකුමරු වීමට යන බවයි. ඔහු
තුළ වර්තමානයට මෙන්ම අනාගතයටද නොසැලෙන විශ්වාසයක් තිබුණි. එබැවින් සමාන බව තිබුණි.
ඔවුන් සමඟ එකට ජීවත් වූ ඔබලාගෙන් ඇතැම් අය, මෙය දුටුවා නේද?
අච්චා. දිදි පැවසුවේ කුමක්ද? දීදි ඉතා හොඳ කතාබහක යෙදී සිටියා. ඇය පැවසුවේ පෙර
දැනුම් දීමක් නොකර අප සියලු දෙනාව ඔබ කැඳවූයේ ඇයි? නැත්නම්, මට සමුගැනීමෙන් පසුව
එන්න තිබුණා. ඔබ මට කියා තිබුණා නම්, සමුගැනීමෙන් පසුව, මට මාව සූදානම් කරගන්න
තිබුණා. නමුත් ඔබ සියලු දෙනාම මට සමු දෙයිද? බාප්දාදා දරුවන් සමඟ හදවතට සමීප කතාබහක
යෙදී සිටියා. ශරීර සහ ශාරීරික නෑදෑයන් සිටිනවා, සියලු දෙනා සමඟ ශාරීරික සැබැඳියාවල
සංස්කාර තිබෙනවා - ලෞකික නොවේ නම් අලෞකික. අලෞකික සම්බන්ධතාවන්ට, ශරීර වලට සහ
සංස්කාර වලට ඇති බැඳීම් ජයගැනීමට භාවිත කළ යුතු, නාටකයේ නියම වී ඇති, ක්‍රමවේදය
මෙයයි. ඇය අවසානයේ සියලු දෙනා කෙරෙහි නොබැඳී හිඳිමින් ඇගේ වගකීම ඉටු කළේ මේ
ආකාරයටයි. ඔහුට පිටව යාමට ඇති කාලය කවදාද කියා, විශ්ව කිශොර් කල් තියා දැන සිටියා,
එනිසා ඒ වෙලාවේ සෑම දෙයක්ම අමතක විය. බැඳීම් විනාශ කරන කෙනෙක් වීමේ ආකාරය, නාටකයේ
නියම වී තිබේ. එය නැවත වරක් ඒ ආකාරයෙන්ම සිදු විය. ඔහුගේම උත්සාහය නිසා ඔහු එය
සිදුකළ අතර ඔහුව කර්ම බන්දන වලින් නිදහස් කිරීමට, පියාද නාටකයට අනුව සහයෝගය ලබා
දුන්නා. දීර්ඝ කාලයක් පුරා සහයෝගීව සිට ඇති දරුවන්ට, ඒකායන පියා හැර වෙනත්
කිසිවෙකුට අයත් නොවූ අයට, මෙම ප්‍රධාන විෂය සමත් වූ අයට, ඒකායන කෙනාගේ අත්දැකීම
පමණක් තිබුණු අයට, එවන් වෙලාවකදි, පියා එම දරුවන්ට විශේෂ සහයෝගය ලබා දෙනවා. සමහරු
විමසිලිමත් වනවා ඔවුන් සියලු දෙනාම කර්මතීට් වෙලාද? කර්මතීට් ස්ථීතිය මෙයද?
කෙසේවෙතත්, ආරම්භයේ සිට සහයෝගීව සිට ඇති දරුවන්ට වැඩිපුර සහයෝගය ලැබෙනවා. එබැවින්
ඔවුන්ගේම උත්සාහ අඩු බව හැඟී ගියත්, පියාගේ උපකාරය ඒ වෙලාවේ ඔවුන්ට වැඩිපුර ලකුණු
ලබා ගැනීමට මඟ පාදා ඔවුන්ට සම්මාන ඇතිව සමත් වීමට මඟපාදයි. එය අදෘෂ්‍යමානව තිබෙන
බැවින් මෙම ප්රශ්නය පැන නගිනවා එය වුණේ එහෙමද? කෙසේවෙතත්, එය ඔවුන්ගේ සහයෝගයේ
ප්‍රතිලාභයයි. නිදසුනක් ලෙස මෙම කියමන තිබේ, ’අවශ්‍ය වෙලාවකදි එය ප්‍රයෝජනවත්
වෙයි.‘ තම හදවතින් සහයෝගීව රැඳී සිට ඇති අයට එවන් වෙලාවක ප්රතිලාභයක ස්වරූපයෙන්
අතිරික්ත ලකුණු ලැබෙයි. මෙහි වැදගත්කම ඔබට වැටහෙනවාද? එබැවින්, බැඳීම් විනාශ
කරන්නෙකුගේ ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් සහ අතිරික්ත ලකුණු ලැබීමේ තිළිණය මගින්, ඔහු
සාර්ථකත්වය ලබා ගත්තා. ඔබට වැටහෙනවාද? අවසානයේ සිදුවුනේ කුමක්ද කියා ඔබ ඇසූ නිසා,
බාබා අද මෙම කතාබහ පවසනවා. අච්චා. දිදී පැවසුවේ කුමක්ද? ඔබ සියලු දෙනාම කොහොමත් ඇගේ
අත්දැකීම් ගැන දන්නවා. ඇය පැවසුවේ සෑම විටම බාප් සහ දාදාගේ අතැඟිලි අල්ලාගෙන ඔබගේ
අතැඟිල්ල ඔවුන්ට දෙන්න. බාබාව ඔබගේ දරුවා බවට පත්කර, ඔබගේ අතැඟිල්ල ඔහුට දෙන්න, එසේ
නැත්නම් ඔහුව ඔබගේ පියා කර, ඔබගේ අතැඟිල්ල ඔහුට දෙන්න. ස්වරූප දෙකෙන්ම, සෑම
පියවරකදීම ඔහුගේ අතැඟිල්ල අල්ලාගෙන ඔහුගේ ඇසුර අත්විඳිමින් නොකඩවා ගමන් කරන්න. මගේ
සාර්ථකත්වයේ පදනම වුණේ මෙයයි. ඉතිං පැවැත්වූනු විශේෂ හදවතට සමීප කතාබහ වුයේ එයයි.
ආදිතම මැණික් සමූහයේ ඇයව මගහැරෙන්නේ කෙසේද? ඉතිං, ඇයත් එහි මතුවුනේ මේ නිසයි.
අච්චා, පෙර ගමන් ගිය අයගේ කාරණා ඒවාය. ඔබ කරන්නේ කුමක්ද?
පෙර ගමන් ගිය අය (advance party) ඔවුන්ගේ වැඩ කරගෙන යනවා. ඔබ තමන්ව උසස් (advance
force) බලයකින් පුරවා ගත යුතුයි, එමඟින් පරිවර්ථනය ගෙන ඒමේ කාර්යය නිම වෙයි, මන්ද
අත්තිවාරම එයයි. (පෙර ගමන් ගිය අය). අසීමිත දේවාධාරීන් අත්තිවාරම බවට පත් වී,
අසීමිත පියාව හෙළිදරව් කරයි. ඔබට මේ ලෝකයේ හෙළිදරව්වේ බෙර හඬ ඉතා විගසින් ඇසෙයි.
සෑම තැනකම, එකම රිද්මයෙන් එකම බෙර හඬ වැයෙයි ’අපට ඔහු හමුවිය, ඔහු ඇවිත්!‘ දැනට
කිරීමට තව බොහෝ සේවය ඉතිරිව තිබේ. ඔබ සිතන්නේ එය සම්පූර්ණ කර ඇති බවයි. තවමත්
ඔවුන්ව වචන වලින් පරිවර්ථනය කිරීමේ කාර්යය සිදුවෙමින් පවතිනවා. ආකල්ප වෙනස් විය
යුත්තේ ඔබගේ ආකල්පයෙන් වන අතර සිතිවිලි වෙනස් විය යුත්තේ ඔබගේ සිතිවිලි මගින්ය.
තවමත්, ඔබ මෙම පර්යේෂණය ආරම්භ කර නැති අතර ඔබ මෙය ටිකක් හෝ කිරීම ආරම්භ කරන්නේ නම්,
කුමක් වෙයිද? මෙම සූක්ෂම සේවය ඉබේටම ඔබව බොහෝ දුර්වලතා ඉක්මවා ගෙන යයි. මෙය
සිදුවන්නේ කෙසේද කියා ඔබ සිතයි, නමුත් ඔබ මෙම සේවයේ කාර්යබහුල වන විට, එවන්
වාතාවරණයක් ඉබේටම නිර්මාණය වන අතර ඔබම ඔබගේ දුර්වලතා ඉතා පැහැදිලිව අත්දකියි,
එමෙන්ම එම වාතාවරණය නිසා ඔබ ලැජ්ජාවට පත් වී පරිවර්ථනය වෙයි. ඔබට එය කීමට අවශ්‍ය
නොවෙයි. අන් අයට කියන විට, සිදුවන්නේ කුමක්ද කියා ඔබ දැක තිබේ. එබැවින් දැන් එවන්
සැලසුමක් සාදන්න. ශිෂ්‍යයන් සංඛ්‍යාව වැඩි වෙයි ඒ ගැන පවා කරදර නොවන්න. සෑම දෙයක්ම
සාර්ථකව සිදුවෙයි. ඔබ සාර්ථකත්වයේ ප්‍රතිරූ බවට පත් වන එවන් ක්රමවේදයකි මෙය.
අච්චා.
ශක්තීන් බොහෝ දෙනෙක් සිටිනවා. ආරම්භයේ උපකරණ වූ ශක්තීන් බොහෝ දෙනෙක් සිටියා. ස්වරණ
ජුබිලියේද ශක්තීන් වැඩි පිරිසක් සිටියා. පාණ්ඩවයන් සංඛ්‍යාවෙන් අඩුයි. කෙසේවෙතත්,
පාණ්ඩවයන් සිටිනවා. එය හොඳයි. ආරම්භයේ නිර්භීතකම පවත්වාගෙන, සෑම දෙයක්ම දරාගත් අයගේ
සාක්ෂි වන, ආදිතම මැණික් මොවුන්ය. බාධක විනාශ කිරීමට ඔවුන් උපකරණ වූ අතර උපකරණ
නිර්මාණය කිරීමේ කාර්යයේ ඔවුන් අමරණීයව රැඳී සිටියා. මේ නිසයි සදාතනික වීම සහ
අමරණීය වීමේ ආශිර්වාදය හිමිකරගෙන ඇති දරුවන් කෙරෙහි බාප්දාදා තුළද නිරන්තරයෙන්
සෙනෙහස තිබෙන්නේ. මෙම ආදි මැණික්, ස්ථාපනය සිදුවන විට, අවශ්‍ය වෙලාවකදි සහයෝගීව
රැඳී සිටියා. එබැවින්, උපකරණ වී ඇති සහ අවශ්‍ය වෙලාවකදි සහයෝගී වී ඇති එවන්
ජීවාත්මයන්ට අපහසුතා සිදුවන ඕනෑම විටෙක, බාප්දාදා ඔවුන්ගේ ප්‍රතිලාභය ලබා දෙයි.
එබැවින්, එවන් කාලයකදි උපකරණ වී ඇති ඔබ සියලු දෙනාටම, නාටකයේ මෙම අතිරික්ත තිළිණය
නියම වී තිබේ. මේ නිසයි අතිරික්ත තිළිණයකට ඔබට අයිතියක් තිබෙන්නේ. ඔබට වැටහෙනවාද?
ස්ථාපන කාර්යය ආරම්භ කරන ලද්දේ මව්වරුන් විසින්ය, බිඳෙන් බිඳ (ඔවුන්ගේ සත වලින්),
එමෙන්ම දැන් සාර්ථකත්වයට කාලය ලඟටම ඇවිත්. මව්වරුන් ලබා දුන්නේ ඔවුන්ගේ හදවතින්,
ඔවුන්ගේ ව්‍යාපාරික ඉපයීම් වලින් නොවෙයි. හදවතේ උපයා ගැනීම්, දහසකට සමානයි. ඔවුන්
සෙනෙහසේ බීජ වැපිරූ අතර සෙනෙහස් බීජ වල ඵලය ඒ අනුව ඵලබරය. ඔව් සැබවින්ම, පාණ්ඩවයන්ද
ඔවුන් සමඟ සිටියි. පාණ්ඩවයන් නොමැතිව කාර්යය දිගටම පැවතිය නොහැක, නමුත් වැඩි දෙනෙක්
ශක්තීන්ය. මේ නිසයි ඔවුන් පාණ්ඩවයන් පස් දෙනා ගැන ලියා තිබෙන්නේ. කොහොමනමුත්, ඔවුන්
තම පවුලේ වගකීම ඉටු කර ඇති අතර, නොබැඳී සිටිමින් සහ පරමාත්ම දෙවියන්ට සෙනෙහසින්
යුතුව සිටීමෙන් ඔවුන් එඩිතරකමේ සහ උද්යෝගයේ සාක්ෂි ලබා දී තිබේ, මේ නිසයි
පාණ්ඩවයන්ද අඩු නැත්තේ. ශක්තීන්ගේ සර්ව බලධාරි සිහිකර ඇති අතර පාණ්ඩවයන්ගේ පියාවද
සිහිකර තිබේ. එබැවින් ඔබ කුමන ආකාරයකින් උපකරණයක් වී සිටින්නේද, උපකරණයක් වීමේ එම
අවධානය පවත්වා ගනිමින් නොකඩවා ඉදිරියට ගමන් කරන්න. අච්චා.
කෝටි ප්‍රකෝටි ගුණයක භාග්‍යයකට නිරතුරුවම අයිතියක් ඇති අයට, නිරන්තරයෙන්
සාර්ථකත්වයට අයිතියක් ඇති අයට, සෑම විටම තමන් ශ්‍රේෂ්ඨ ආධාරක මුහුරත් බව සලකමින්
අන් අයව ඉහළ නංවන අයට, එවන් ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, සිහි කිරීම
සහ නමස්කාරය.
වරදානය:
ඔබ අත්දැකීම්
වල ගැඹුරු පත්ල යන රසායනාගාරයේ හිඳිමෙන්, අභ්‍යන්තරයට යොමු වී, නව පර්යේෂණ සිදු
කරත්වා.
සියලු අත්දැකීම්
ප්‍රථමයෙන් ඔබට හෙළිදරව් වූ විට, එවිට හෙළිදරව්ව සිදුවෙයි. මේ සඳහා, ඇතුලාන්තයට
යොමු වී, සිහිකිරීමේ වන්දනාවේ හිඳ, සෑම ලැබීමකම පතුලටම ගොස් එය පර්යේෂණය කරන්න.
තමන් තුළ සිතිවිල්ලක් ඇති කර ඉන්පසුව එහි ප්‍රතිඵලය හෝ සාර්ථකත්වය දෙස බලන්න මා ඇති
කළ සිතිවිල්ල, ප්‍රායෝගික වුනාද, නැද්ද? මේ ආකාරයෙන් අත්දැකීම්වල පතුල නම්
රසායනාගාරයේ සිටින්න, එවිට ඔබ සියලු දෙනාම විශේෂයෙන් සෙනෙහසේ ගැලී සිටින සහ මේ ලෝකය
ඉක්මවා සිටින බව අන් අයට හැඟෙයි. සියලු දේ කරන අතරම, බලවත් යෝගා ස්ථීතියක සිටීමේ
අභ්‍යාසය වැඩි කරන්න. වචන වලට පැමිණීමේ පුහුණුව ඔබට තිබෙන ආකාරයටම ඔබගේ
ආධ්‍යාත්මිකත්වය පවත්වාගැනීම පුහුණු වන්න.
පාඨය:
තෘප්තිමත් බවේ
අසුන මත අසුන්ගෙන, සිදුවීම් වල ක්‍රීඩා නරඹන අය, තෘප්තිමත් මැණික්ය.