24.06.20 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
ඔබ ජීවාත්ම සත්තාවන්
පිරිසිඳු බවට පත් වූ විට, මෙම ලෝකය සතුට ලබා දෙන ලෝකයක් බවට පත් වේ. දුකට හේතු
වන්නේ, පාප පහේ බලපෑම අනුව ක්‍රියා කිරීමයි. (මාතේෂ්වරී ජීගේ අමිල ප්‍රකාශ)
ීතය:
දෑස් නොදන්නවා
වන නමුත්, හදවත හඳුනයි ...
ඔබ අසීමිත පියාගේ
පැසසුමට කන් දුන්නා. සාමාන්‍ය මනුෂ්‍යයින්ට එවැනි පැසසුම් ලැබිය නොහැක. මෙම පැසසුම
ඊට අයිතියක් ඇති කෙනාට ලැබෙන්නේ, ඔහුව පසසන්නේ ඔබගේ ක්‍රියා අනුවට අනුරූපව වන
නිසාය. සියලුම මනුෂ්‍යයින් පසසනවට වඩා මොහුගේ ක්‍රියා සියලුම මනුෂ්‍යයින් වෙනුවෙන්
නිසා උසස්ම උසස් වෙයි. සියලු දෙනාගේ මුක්තිය සහ ගැලවීම සඳහා සිටින්නේ එකම කෙනා නිසා
ඔහු සියල්ලටම වඩා ඉහළම ඉහළ වෙයි. ඉතින් ඔහු හැම කෙනෙකුගේම අධිකාරී වනවා නේද? කෙසේ
වෙතත්, සාමාන්‍ය ලෙස බැලුවොත් කෙනෙකුට පසසන්නේ වැඩක් කළාට පසුවය. එවැනි අයට පැසසුම්
ලැබේ. ඒ අනුව පරම පියා ඉහළම ඉහළ වෙයි. ඔහු නියතයෙන්ම මෙහි පැමිණි අතර අප වෙනුවෙන්
මහා කර්තව්‍යයක් කර ඇත. ඔහු මෙම ලෝකය වෙනුවෙන් මහා ඉහළ කාර්යයක් කළ නිසා මෙම ලෝකය
පවත්වා ගන්නා අය ලෙස ද හැඳින්වේ. ඔහු පැමිණ ලෝකය ඉහළ තැනකට එසවූවා. ඔහු මහාභූත ද
ඇතුළු සියල්ල ද පරිවර්ථනය කළා. ඔහු එසේ කළේ කුමන ක්‍රමයට ද? ඔහු මෙය විස්තර කරන්නේ
මනුෂ්‍ය සත්තාවන්ට ඔවුන්ගේ බලයෙන්, ඔවුන්ගේ ක්‍රියා වල බලයෙන් මහා භූත සහ පදාර්ථ
වෙනස් කළ නොහැකි නිසාය. ඇත්තෙන්ම ඔහු නිර්මාණකයා වන අතර එය කරන්නේ කෙසේද? ජීවාත්ම
සත්තාවන් ඉහළට එසවෙන විට ශරීර, මහාභූත, පදාර්ථ ආදී සියල්ල අනුපිළිවෙළට බල ගැන්වී
මුළු ලොවම නැවුම් හරිත ඵල ලබා සතුට ගෙනෙයි.
මනුෂ්‍ය ලෝකය සතුටට පත් කරන පරම පියා එය සිදු වන්නේ කෙසේ දැයි දනී. ජීවාත්ම
සත්තාවන් පිරිසිඳු වන තෙක් ලෝකයට සතුට නොඑන අතර බාබා පළමුව ඔවුන් පිරිසිඳු කරන්නේ ඒ
නිසයි. දැන්, ජීවාත්ම සත්තාවන් සිටින්නේ අපිරිසිඳු තත්ත්වයේය. පළමුව එම
අපිරිසිඳුතාවය අස් කළ යුතුය. එවිට ජීවාත්ම සත්තාවන්ගේ බලය සමඟ, සෑම තමෝප්‍රධාන්
දෙයක් ම සතෝප්‍රධාන් වීම සිදු වෙයි. එය හඳුන්වන්නේ සත් යුගය නමිනි. සියලු මහාභූත
ආදිය ස්වර්ණමය වන නමුත් පළමුව වෙනස් විය යුත්තේ ජීවාත්ම සත්තාවන්ගේ තත්ත්වයයි. ඒ
නිසයි ඔහු ජීවාත්ම සත්තාවන් වෙනස් කරන පාරිශුද්ධ අධිකාරී වන්නේ. ඔබට දැන් දැකිය
හැකියි ලෝකය වෙනස් වන බව. පළමුව අප වෙනස් වී, එම පදනම මත ලෝකය වෙනස් වේ. අප දැනුදු
වෙනස් නොවුණොත් ලෝකය කෙසේ වෙනස් වන්නද? දිනපතා ඔබව පරීක්ෂාවට ලක් කරන්න. එසේ පින්
රැස් කර ගන්නා අය සෑම රැයකදීම එම ගිණුම් පරීක්ෂා කර බලයි. හැම කෙනෙකුටම ගිණුමක් ඇත.
මෙහිදී හැම කෙනෙකුටම ලාභාලාභ ගිණුමක් දවස පුරා සටහන් කළ යුතුය. මහා පාඩුවක් සිදු
වුණොත් වැඩි අවධානයක් ඊළඟ දිනයේ තිබිය යුතුය. මෙසේ වැඩි ලාභ ගිණුමක් සඳහා අවධානය
යොමු කිරීමෙන් අපට තත්ත්වයක් ලබා ගත හැකිය. එසේ පරීක්ෂා කිරීමෙන් ඔබට වෙනස් විය
හැකිය. ‘මම දේවි දේවතා වන නමුත් ඒ පසුවයි, දැනට මේ ඇති‘ යනුවෙන් නොසිතන්න. දැන්මම
දෙවි දේවතා සංස්කාර ඇති කර ගත යුතුයි. පාප පහේ බලපෑම මත තිබුණු සංස්කාර වලින් අප
නිදහස් දැයි දැන් බැලිය යුතුය. මා තුළ තිබූ තරහ දැන් නැති වෙලාද? තණ්හාව සහ බැඳීම්
සංස්කාර වෙනස් වෙලාද? ඔබ ඒවායින් නිදහස් වී ඇත්නම්, ඔබ වෙනස් වෙලා යැයි කිව හැකිය.
එසේ නොවුණොත් ඔබ වෙනස් වී නැත. ඉතින් ඔබට මෙය දැනිය යුතුයි. ඔබ දවස මුලුල්ලේම පාප
ගිණුම් තුළ ක්‍රියා කර සුළු පුණ්‍ය කර්මයක් කිරීමෙන් වෙනසක් වන්නේ නැත. අපේ ක්‍රියා
පිළිබඳව ඉතා ප්‍රවේශම් විය යුතුය. ඔබ කුමක් කළත් පරීක්ෂාවෙන් කරන්න, ඔබ පාපයේ බලපෑම
මත යම් දෙයක් නොකරන බවට. මේ ගැන ඔබ බොහෝ ප්‍රවේශම් විය යුතුයි. මුළු ගිණුමම හරි
හැටි තබා ගන්න. නිදා ගැනීමට පෙර විනාඩි දහයක් පහළොවක් මුළු දවස ගෙවුණු ආකාරය බලන්න.
සමහරු මෙය ලියා තබයි. මේ ඔබේ අතීත පාප බර ඔළුවෙන් නිදහස් කර ගත යුතු හෙයින් පරම
පියාගේ උපදෙස වන්නේ, ‘මා සිහි කරන්න‘ යන්නයි. ඔබ ඒ සඳහා කොතෙක් කාලය යෙදුවාද? එවැනි
සටහනක් තබා ගැනීමෙන් පහුවදා වඩාත් ප්‍රවේශම් විය හැකියි. මෙසේ ප්‍රවේශම් වීමෙන් ඔබ
හොඳ ක්‍රියා වලට පෙළඹී පාප ක්‍රියා නොකර සිටිනු ඇත. මෙසේ ඔබේ ම ආරක්ෂාව සලසා ගන්න.
අපව නරක් කර ඇත්තේ මේ පාප වෙයි. අපට දුක ඇත්තේ පාප නිසාය. අප එම දුකෙන් නිදහස් වීම
ප්‍රධාන දෙයයි. භක්ති මාර්ගයේ දී අපි දෙවියන් යදිමින් ඔහුව සිහි කරයි. අප කුමක් හෝ
උත්සාහයක් දැරිය යුත්තේ කුමක් සඳහාද? සතුට හා සාමය සඳහාය. ඉතින් මෙකළ අප මෙය
ප්‍රායෝගිකව පුහුණු කළ යුතුය. මේ පාසල එම ප්‍රායෝගික ක්‍රියා කිරීමේ පාසලයි. එසේ
පුහුණු වීමෙන් අපි දිගටම පිරිසිඳු බවට පත් වෙමු. එවිට අපේ මුල්, සදාතනික පිරිසිඳු
පවුල් ක්‍රමය ලැබීමේ අරමුණ ඉෂ්ඨ වෙයි. එය හරියට වෛද්‍යවරයෙකු වීමට වෛද්‍ය
විද්‍යාලයට යන කෙනෙක් රෝහල තුළ ප්‍රායෝගික පුහුණුව ලබනවා සේය. මේ විදුහලේ දී අපි
පාපයෙන් මිදීම දිගටම කර ගන්නා අතර මෙම අධ්‍යයනය තුළින් අප එය පුහුණු කරමු. එසේ
පිරිසිඳු වීමෙන් ලබන උපාධිය කුමක්ද? දේවි දේවතා තත්ත්වයයි.
මෙම දෙවි දේවතාවරුන් සිහි කරන අතර ඔවුන්ගේ පැසසුම මෙසේය සියලු ගුණාංගයන්ගෙන් සපිරි,
කලා දහසයකින් පිරුණු, සම්පූර්ණ පාපයෙන් තොර ... ආදී වශයෙනි. මෙසේ වන්නේ කෙසේද? අප
දැනට එසේ වි නැත. අප එසේ විය යුතුයි. මක් නිසාද අප දූෂිත වී ඇති නිසයි. දෙවි
දේවතාවුන් සඳහා වෙනම ලෝකයක් නැත. අප මනුෂ්යයන්මයි දෙවි දේවතාවුන් වන්නේ. ඒ
දේවතාවුන් පිරිහී ඇති අතර දැන් ඔවුන් නැගී සිටිය යුතුව ඇත. ඇත්තෙන්ම පරම පියා අපිට
නැගිටින ආකාරය උගන්වයි. අප දැන් ඔහු සමඟ සබඳතාවයක් ඇති කර ගත යුතුයි. පරම පියා දැන්
පැමිණ අපව මෙසේ දැනුවත් කරවයි අන්තිමේදී, ඔබ මට බාර වෙයි, ඉතින් ඔබ හැම විට මගේ
වන්නේ කෙසේද? ලෞකික ජීවිතයේ දී කෙසේද දරුවන් දිගටම ඔවුන්ගේ පියාටත් පියා දරුවන්ටත්
අයත් වන්නේ? එලෙසින්ම, ඔබ දිගටම ශරීරයෙන්, මනසින් හා ධනයෙන් මට අයත් විය යුතුයි. ඔබ
එසේ වන්නේ කෙසේද? ඊට හොඳම නිදසුන බාබා මෙම දාදාගේ ශරීරයට පැමිණීමයි. ඔහු සියල්ල
දානය කර - ශරීරය, මනස සහ ධනය - දානය කර ඔහුට අයත් වෙමින් කටයුතු කළා. එම පියා මෙන්
අනුගමනය කරන්න. මේවා ගැන අසන්නට හෝ පටලැවෙන්නට හේතුවක් නැත. එය බොහෝ සරළ කෙලින්ම
පෙනෙන කරුණකි. ඉතින් දැන් එසේ දිගටම කටයුතු කරන්න. ගොඩාක් අසා දැනගෙන යන්තම්
තේරුමක් ගෙන වැඩක් නැත. ටිකකට ඇහුම්කන් දී බොහෝ දේ උකහා ගන්න. ඔබ අසාගන්නා සියලු දේ
ප්‍රායෝගික කර ගන්නේ කෙසේද මේ ගැන සම්පූර්ණයෙන් හිතන්න. දිගටම මේ පුහුණුව කරගෙන
යන්න. දිගටම අස අසා සිටීම නොකරන්න. ඔබ අද ඇසූ දේ ගැන මෙසේ පුහුණු කරනවා යැයි කියාවි
‘හරි මම අද සිට මේ තත්ත්වය රකිනවා. පාප ක්‍රියා වල බලපෑමෙන් මිදී කටයුතු කරනවා. මගේ
සටහන ද එසේ තබමි...‘ කෙනෙක් එසේ මෙම පුහුණුව කළොත් ඔහු යම් තත්ත්වයකට පත් වන හැටි
දැකිය හැකියි. දැන් කියූ දේ දැන් සිටම පුහුණු කළ යුතුයි. ඔබ කියන දේ ඔබ අසන දේ
ප්‍රායෝගිකව කරන්න. එපමණයි. වෙන කිසිවක් නැත. ඔබේ ක්‍රියා ගැන අවධානයෙන් සිටින්න.
ඔබට තේරෙනවාද? ඔබ දන්නවා නේද හොඳින්ම බාප්දාදා ගැන. ඉතින් ඔවුන් අනුගමනය කරන්න. එසේ
අනුගමනය කරන වටිනා කීකරු දරුවන්ට මිහිරිම මිහිරි දරුවන්ට සෙනෙහස, ස්මෘතිය සහ සුබ
උදෑසනක්.
දෙවැනි මුරලිය
1957
ගීතය:
මගේ පුංචි ලෝකය දෙස බලන්න ...
මෙම ගීතය ගැයුවේ
කවදාද? ඒ බ්‍රහ්මිණ් වංශයේ මේ කුඩා සංගම යුග ලෝකය නිසයි. අනුපිළිවෙලින් පෙන්වන අපේ
මේ පවුල කුමක්ද? අප වූ කලී පරමපිතා පරමාත්මාගේ මුණුබුරන්ය. බ්‍රහ්ම බාබා සහ සරස්වතී
දේවියගේ මුවින් උපන් දරුවන් වන අප විෂ්ණු සහ ශංකර් මාමාවරුන් ලෙස ගත් විට අප සැවොම
එකිනෙකාට සොයුරු සොයුරියන් සේ නෑ සබඳකම් ඇත. මෙය ඉතා කුඩා ලෝකයකි. මෙම නෑ සබඳකම්
වලට අමතර කිසිවක් නැත. අප මේ කාලයේ දී, අප අතර ඇත්තේ නෑ සබඳකම් පමණි. බලන්න, අප මොන
තරම් ඉහළ අධිකාරීත්වයකට නෑ සබඳකම් තිබේ ද? අපේ සීයා ශිවා වන අතර ඔහුගේ නම සුපතළයි.
ඔහු මුළු මානව ලෝකයේ බීජයයි. මුළු ලොවට යහපත කරන නිසා ඔහු හාර් හාර් බෝලනාත් ශිවා
මහා දේව් (සියලු දුක් නැති කරන මහා දේව මහා බලවත් ශිවා). මුළු ලොවේම දුක නැති කර
සතුට ගෙන දෙන්නේ ඔහුය. අපි ඔහුගෙන් සතුට, සාමය සහ පාරිශුද්ධිය මහා අයිතියක් ලෙස
ලබමු. එම සාමය තුළ කර්ම බන්ධන හෝ කර්ම ගිණුම් නොමැත. කොහොමනමුත්, සාමය සහ සතුට යන
දෙකේම පදනම පාරිශුද්ධියයි. පරම පියාගේ ආරක්ෂාව නම් වූ උරුමය සම්පූර්ණයෙන් ලබනතාක්,
පරම පියාගෙන් එම සහතිකය ලබනතාක් අපට එය හිමි නොවේ. බලන්න බ්‍රහ්ම බාබාට කොතරම් වැඩ
තිබේද? ඔහු කිලිටි වූ ජීව සත්තාවන් ලස්සන කරවයි, පාප පහේ අපිරිසිඳුකම් පිරිසිඳු
කරවයි. එම අලෞකික ක්රියාවේ ත්‍යාගය වශයෙන් ඔහුට සත් යුගයේ පළමු අංකයේ තත්ත්වය
ශ්‍රි ක්‍රිෂ්ණා ලෙස ලැබෙයි. බලන්න ඔබට එම පියා සමඟ ඇති සබඳතාවය. ඉතින් ඔබ බොහෝ
සැහැල්ලුවෙන් හා සතුටින් සිටින්න. දැන් ඔබ ඔබේ හදවතින්ම මෙසේ අසන්න මා ඔහුට
සම්පූර්ණයෙන් අයිති වී සිටිම් ද?
මෙසේ සිතන්න පරම පිතා පරමාත්මා පැමිණ ඇති නිසා අපි ඔහුගෙන් සම්පූර්ණ උරුමය ලබා ගත
යුතුයි. ශිෂ්‍යයෙක්ගේ යුතුකම වන්නේ, ශිෂ්‍යත්වයක් සම්පූර්ණ උරුම වන ලෙස සම්පූර්ණ
උත්සාහ කිරීමයි. ඉතින් ඇයි අප ලොතරැයියේ පළමු අංකය නොදිනන්නේ? එනම් ජයග්‍රාහී මාලයට
අයත් නොවන්නේ ඇයි? කෙසේ වුවද සමහරු සිටින්නේ ලඩ්ඩු දෙකක් අත් දෙකේ ඇතිවයි. (දෑත්
පුරවාගෙන සිටීම, කකුල් බෝට්ටු දෙකක් තුළ සිටීම). ඔවුන්ට ඕනෑ මෙහි සීමිත සතුටක් ලැබ
පාරාදීස ලෝකයේ ඉතා සුළු සතුටක් ලැබීමටයි. එවැනි සිතිවිලි ඇති අය අයත් වන්නේ මෙහි
සීමිත සතුටක් ලැබ පාරාදීසයේ ඉතා කුඩා වූ සතුටක් ලබන්නයි. එවැනි සිතිවිලි ඇති අය
මධ්‍යම හෝ පහළ මට්ටමේ උත්සාහවන්තයින් වන අතර උසස් උත්සාහවන්තයින් නොවේ. පරම පියා
අපට දෙන විට හෙට්ටු නොකර ඉඳිත්දී එය ලබන අප ඇයි එසේ කරන්නේ? මේ නිසයි ගුරුනානක්
මෙසේ කීවේ දෙවියන් වූ කලී දෙනු ලබන්නාය. ඔහු සර්ව බලධාරී වුවත් ජීවාත්ම සත්තාවන්ට
එම බල ගැනීමට හැකියාවක් නැත. මෙසේ කියමනක් ඇත. දෙනු ලබන්නාට දීමේ දී කිසිඳු වෙහෙසක්
ඇති නොවේ. නමුත්, ගනු ලබන්නන් ගැනීමෙන් වෙහෙස වෙයි. දැන් ඔබේ හදවතට මෙය ඇතුල් වී
ඇත. ඇයි මම එම තත්ත්වය නොලබන්න නොපතන්නේ? කෙසේ වුවද, බලන්න බ්‍රහ්ම බාබාගේ උත්සාහයේ
දී පවා මායා කොතරම් බාධා කරනවා ද? ඇයි? දැන් මායාගේ රජ දහන අවසන් වීමට යන නිසයි.
මායා මිහිරි සියලු දේ විනාශ කර ඇති අතර ඊළඟටයි බාබා (දෙවියන්) එන්නේ. ඔහු
මිහිරියාවෙන් පිරිපුණ් කෙනාය. අපි ඔහුගේ සබඳකම් වලින් සියලුම මිහිරියාවන් ලබා ගන්නා
අතර, එමනිසයි දෙවියන් මෙසේ පසසන්නේ මවත් ඔබයි පියත් ඔබයි. ඉතින් ඔහුගේ මෙම සබඳතාව
ඇති විට පමණයි මෙම කාලය අනභිබවනීය වන්නේ.
ඉතින් අපි දැන් උපත් 21 කට සතුට ලබා ගැනීමට දෙවියන් සමඟ සම්පූර්ණ සබඳතාවය ඇති කර ගත
යුතුයි. අපේ උත්සාහයේ යහපත් ඵලය එයයි. කෙසේ වුවද, උපත් 21 ක් ගැන ඇසීමෙන් සීතල
වන්නට එපා. මෙසේ නොසිතන්න අප උපත් 21 කට මේ තරම් උත්සාහ කරලත් ඉන්පසු අපට වැටෙන්න
සිදු වෙනවා නම්, අපට ලැබී ඇත්තේ මොනවාද? කෙසේ වුවද, නාටකයට අනුව ජීවාත්ම සත්තාවන්ට
ලැබිය යුතු උසස් ඵල ඔවුන්ට ලැබෙනවා නේද? පරම පියා පැමිණ අපට සම්පූර්ණ හා පරිපූර්ණ
තත්ත්වය ලබා දෙන නමුත් අපට බාබා අමතක වන විට අප නැවත වැටේ. ඒකට පරම පියාට අවලාද කිව
නොහැක. එය අප දරුවන්ගේ දුර්වලතාවයයි. සත් යුගයේ සහ ත්රේත යුගයේ සියලු ඵල වල සතුට
වන්නේ මේ උපතේ කරන උත්සාහයන් වන අතර ඉතින් අප අපේ සම්පූර්ණ උත්සාහය දරා ඉහළම කොටස
හිමි කර නොගන්නේ ඇයි? ඇයි අප උත්සාහ නොකරන්නේ එම උරුමයම ලබන්න. මනුෂ්‍යයින් සැමවිට
සතුට සඳහා උත්සාහ කරයි. කිසිවෙක් සතුට හා දුක අභිබවා යාමට උත්සාහ නොකරයි. නාටකයේ
අවසානයේදී දෙවියන් පැමිණ අනුරූප වන පරිදි දඬුවම් සියල්ල ජීවාත්ම සත්තාවන්ට ලබා දී,
ඔවුන් පිරිසිඳු කර ඔවුන්ගේ කොටස් වලින් ඔවුන් නිදහස් කරයි. දෙවියන්ගේ කාර්යය මෙය වන
අතර ඔහු නියමිත වේලාවට පැමිණ මෙය කියා දෙයි. ඔබට නැවත ඔබේ කොටස් රඟපෑමට තිබෙත්දී,
ඇයි අපි ඉහළම කොටස රඟ නොපා සිටින්නේ. අච්චා.
මිහිරිම මිහිරි දරුවන්ට මමාගෙන් සෙනෙහස සහ ස්මෘතිය. ඕම් ශාන්ති.
වරදානය:
ඔබ සැම විටම
අචල වූත් සෙලවිය නොහැකි වූත් ‘බාබා‘ යන වචනයේ අවධානයෙන් ‘හේතුකාරණා‘ යන වචනය
‘විසඳීම‘ ට පරිණාමනය කරන්නෙකි.
නිතර වෙනස් වන
අවස්ථාවක දී ඔබ ‘බාබා‘ යැයි කී පමණින් ඔබ අචල කෙනෙක් බවට පත් වෙනවා. අවස්ථාව ගැන
සිතන්නට පටන් ගනී නම්, එවිට හේතු කාරණා එවිසින්ම විසඳුම බවට පත් වේවි. මන්ද, අවස්ථා
යනු කුහුඹුවෙක් තරමට වත් මාස්ටර් සර්ව බලධාරී බ්‍රහමිණ්වරුන් හමුවේ ලොකු නැත.
කුමක්ද සිද්ධ වුණේ. ඇයි එහෙම සිද්ධ වුණේ කියා සිතනවා වෙනුවට, සිද්ධ වුණේ කුමක්
වුවත්, එහි යහපත ඇත සහ සේවයක් එහි ගැබ් වී ඇතැයි සිතන්න. එය එදිරිවාදී අවස්තාවක්
මෙන් දිස් වූවත් එහි සේවාව ගිලී ඇත. ඉන්පසු ඔබ සෑම විටම නොසැලෙන, අචල අය වී සිටියි.
පාඨය:
ඒකායන පියාගේ
බලපෑම යටතේ සිටින්නන්ව, අන් කිසිවෙකු මඟිනුත් නම්මවා ගත නොහැක.