09.08.20 Avyakt Bapdada
Sinhala
Murli 04.03.86 Om Shanti Madhuban
වඩාත්ම ශ්‍රේෂ්ඨ
නිර්මාණයේ පදනම, සෙනෙහසයි.
අද දින, බාප්දාදා,
ඔහුගේ නිර්මාණය වන ශ්‍රේෂ්ඨ ජීවාත්ම දැකීමෙන් සතුටු වනවා. මෙම ශ්‍රේෂ්ඨ සහ නව
නිර්මාණය, ලෝකයේ වඩාත්ම ශ්‍රේෂ්ඨ සහ උපරිම ලෙස සෙනෙහස ලබන නිර්මාණයයි, මන්ද, එය
පිවිතුරු ජීවාත්මයන්ගේ නිර්මාණයයි. ඔබ පිවිතුරු ජීවාත්ම නිසා, ඔබ වර්තමානයේ
බාප්දාදාගේ සෙනෙහස ලබන අතර ඔබගේ රාජධානියේ සියල්ලන්ගේම සෙනෙහස ලබයි. තඹ යුගයේ, ඔබ
බැතිමතුන්ගේ සෙනෙහස ලබන දේවතා ප්‍රතිමා ජීවාත්ම වෙයි. මෙකල්හි ඔබ දෙවියන්ගේ සෙනෙහස
ලබන බ්‍රහ්මණ ජීවාත්ම වන අතර ස්වර්ණමය සහ රිදි යුගයන්හි ඔබ රාජධානියට අයිතියක් ඇති
උපරිම ලෙස ශ්‍රේෂ්ඨ දේවතා ආත්ම වී, තඹ යුගයේ සිට කලි යුගය හරහා මේ දක්වා, ඔබ
පිදුම්-ලබන්නට-සුදුසු ජීවාත්මයි. මේ තුන අතරින්, ඔබ වඩාත්ම ශ්‍රේෂ්ඨ වන්නේ මෙකලයි
ඔබ උත්තරීතර ලෙස සෙනෙහස ලබන සුරදූතයන් වීමට යන බ්‍රහ්මණ ජීවාත්මයි. මෙකල ඔබගේ
ශ්‍රේෂ්ඨ තත්ත්වයේ පදනමට අනුව, ඔබ කල්පය පුරාම ශ්‍රේෂ්ඨව රැඳී සිටියි. මෙම අවසන්
උපතේ පවා, ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ව බැතිමතුන් කැඳවන අන්දම ඔබට දැක ගත හැක. ඔවුන්
බොහෝ සෙනෙහසින් කන්නලව් කරයි. ඒවා අජීව ප්‍රතිමා පමණක් බව ඔවුන් දන්නා නමුත්, ඔවුන්
ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ව බොහෝ සෙනෙහසින් වන්දනා කරයි ඔවුන් ඔබට භෝග් පුද කර ආරතිද
(බන්දේසියක පහන් තබා වන්දනා කිරීම) සිදු කරයි. ඒ වන්දනා කෙරෙන්නේ ඔබගේ ප්‍රතිමා බව,
ඔය ද්විත්ව විදේශිකයන්ට දැනෙනවාද? පරම පියාගේ කාර්යය, භාරතයේ සිදු කළ බැවින්,
පියාගේ ප්‍රතිමා සමගින්ම ඔබ සියලු දෙනාගේ ප්‍රතිමා, භාරතයේද තිබේ. ඔවුන් දේවාල
උපරිම සංඛ්‍යාවක් ගොඩ නගන්නේ භාරතයේය. පිදුම්-ලැබීමට-සුදුසු ජීවාත්ම වන්නේ ඔබ පමණක්
බවට කුල්මත් බව ඔබට තිබෙනවා නේද? ඔබ ලෝකයේ සතර කොණට විසිරී ගියේ, සේවය කිරීමටයි.
සමහරු අමරිකාවට ලඟා වී ඇති අතර තවත් සමහරෙක් අප්‍රිකාවට ලඟා වී ඇත, නමුත් ඔබ එහි
ගියේ ඇයි? මෙකල, ඔබට සේවය කිරීමේ සංස්කාර සහ සෙනෙහසේ සංස්කාර තිබේ. සේවය කිරීම සඳහා
අවශ්‍ය විශේෂත්වය, සෙනෙහසයි. දැනුම සමඟ ඔවුන් ආධ්‍යාත්මික සෙනෙහස අත්විඳින්නේ
නැත්නම්, ඔවුන් දැනුමට සවන් දෙන්නේ නැත.
ඔය සියලුම ද්විත්ව විදේශිකයන්, පරම පියාට අයත් වීමට පැමිණි විට, ඔබ සියලු දෙනාගේ
අත්තිවාරම වූයේ කුමක්ද? පරම පියාගෙන් සෙනෙහස, පවුලෙන් සෙනෙහස, හදවතින් සෙනෙහස,
පරහිතකාමී සෙනෙහස. ඔබව ශ්‍රේෂ්ඨ ජීවාත්ම බවට පත් කළේ මෙයයි. එබැවින් සේවයේ ප්‍රථම
සාර්ථකත්වයේ ස්වරූපය වුණේ සෙනෙහසේ ස්වරූපයයි. ඔබ සෙනෙහස නිසා පියාට අයත් වන විට,
ඕනෑම දැනුමේ කාරණාවක් එවිට පහසුවෙන් පැහැදිලි වෙයි. ඔවුන් පැමිණෙන්නේ සෙනෙහස නිසා
නොවෙයි නම්, දැනුම ධාරණය කරගැනීමට සහ ප්‍රගතියක් ලබන්නට ඔවුන්ට උත්සාහයක් අවශ්‍ය වන
අතර එයට කලක් ගත වෙයි. එයට හේතුව වන්නේ ඔවුන්ගේ ආකල්පය බොහෝ සෙයින් හසු වී
තිබෙන්නේ, ’කුමක්ද?, ඇයි? මේ අන්දමින්? ඒ අන්දමින්‘ ආදියේ වන අතර ඔවුන් සෙනෙහසේ
ගිලී සිටින විට, ඔවුන්ගේ සෙනෙහස නිසා, පියාගේ සෑම වදනක්ම බොහෝ ආදරණීය බව ඔවුන්ට
හැඟෙයි. එවිට ඔවුන්ගේ ප්‍රශ්න අවසන් වෙයි. පරම පියාගේ සෙනෙහස ඔවුන්ව ආකර්ෂණය කරන
නිසා, ඔවුන් ප්‍රශ්න ඇසුවත්, ඒවා යමක් වටහා ගැනීමට උත්සාහ කිරීමේ ස්වරූපයක් ගනී. ඔබ
මෙය අත්දැක තිබෙනවා නේද? සෙනෙහසේ ගිලී සිටින අය, ඔවුන් ආදරය කරන අය කියන ඕනෑම දෙයක
දකින්නේ, සෙනෙහසම පමණයි. එබැවින් සේවයේ ප්‍රධාන පදනම වන්නේ සෙනෙහසයි. පරම පියා පවා
ඔය දරුවන්ව නිරන්තරයෙන් සෙනෙහසින් සිහි කරයි. ඔහු සෙනෙහසින් ඔබට අඬ ගසන අතර
සෙනෙහසින් ඔබට සියලු බාධක තරණය කිරීමට ඔහු මඟ පාදයි. එබැවින් මෙම දේවමය උපතේ, මෙම
බ්‍රහ්මණ උපතේ පදනම වන්නේ සෙනෙහසයි. සෙනෙහසේ අත්තිවාරම ඇති අයට කිසිම දෙයක් අපහසු
බව නොදැනෙයි. සෙනෙහස නිසා, ඔවුන්ට උනන්දුව සහ උද්යෝගය තිබෙයි. ’පරම පියාගේ ශ්‍රීමත්
කුමක් වුණත්, අප එය අනුගමනය කළ යුතුයි.‘ ’මා ඒ ගැන සිතන්නම්, මා එය කරන්නම්‘ මේවා
ආදරණීය කෙනෙකුගේ සුදුසුකම් නොවෙයි. ’පියා මට මෙය පැවසු අතර මා අනිවාර්යෙන් එය කළ
යුතුයි,‘ සෙනෙහසින් බැඳී සිටින ආදරණීය ජීවාත්මයන්ගේ ස්ථීතිය මෙයයි. සෙනෙහස ඇති අය
චංචල නොවෙයි. එය සෑම විටම පරම පියා සහ මා වෙයි - තුන්වැන්නෙක් නොමැත. සියල්ලටම වඩා
උතුම් වන්නේ පරම පියා වන සේම, ආදරණීය ජීවාත්මයන්ටද, සෑම විටම ලොකු හදවත් තිබේ.
පුංචි හදවත් ඇති අය පුංචි දේවල් නිසා අවුලට පත් වෙයි. කුඩා දේවල් පවා විශාල වෙයි.
ලොකු හදවත් ඇති අයට, ලොකු දේවල් පවා කුඩා වෙයි. ඔය සියලුම ද්විත්ව විදේශිකයන්, ලොකු
හදවත් ඇති අය නේද? සියලුම ද්විත්ව විදේශික දරුවන් දැකීමෙන් බාප්දාදා සතුටු වනවා.
එතරම් දුර සිට ඔය සලබයන්, තමන්ව දැල්ලට බිලි දීමට මෙහි ඇවිත්. ඔබ සැබෑ සලබයන්.
අද, එය අමරිකාවේ අයගේ වාරයයි. අමරිකාවේ සිට පැමිණි අයට පරම පියා පවසන්නේ ’ආ මේරේ‘
(එන්න, මගේ). අමෙරිකාවේ අයත් පවසන්නේ ’ආ මේරේ.‘ මෙය විශේෂත්වයක් නොවේද? ගසෙහි
පිංතූරයේ, ආරම්භයේ සිටිම, ඔවුන් අමරිකාව විශේෂයෙන් බලවත් බව පෙන්වා තිබේ. ස්ථාපනය
සිදු වූ ආරම්භක කාලයේ සිටම, අමරිකාවේ අයව පියා සිහි කළා. ඔබට විශේෂ චරිත කොටස්
තිබෙනවා, එහෙම නේද? විනාශයේ බලය ශ්‍රේෂ්ඨ වන සේම, එයට තිබෙන වෙනත් විශේෂතා මොනවාද?
සැබවින්ම සෑම ස්ථානයකටම එයටම අයත් විශේෂත්වයක් තිබෙනවා, නමුත් අමරිකාවේ විශේෂත්වය
වන්නේ, එක් අතකින් විනාශය වෙනුවෙන් ඔවුන් බොහෝ සේ සූදානම් වන අතර අනෙක් අතට, විනාශය
අවසන් කිරීමට එක්සත් ජාතීන් සිටියි. එක අතකින් විනාශයේ බලය තිබෙන අතර අනෙක් අතට
සියලු දෙනාව එක්සත් කිරීමේ බලය. එබැවින් එය දෙගුණයක බලය නොවේද? එහි, ඔවුන් සියලු
දෙනාව එක්සත් කිරීමට තැත් කරයි, එබැවින් මෙම ආධ්‍යාත්මික හමුවේ ශබ්දය, මහ හඬින්
ඇසෙන්නේ එහි සිටයි. ඒ මිනිසුන් තමන්ගේම ක්‍රම වලින් මිනිසුන් එක්සත් කර, සාමය ලබා
ගැනීමට තැත් කරයි. කෙසේවෙතත්, ඔවුන්ව නිවැරදි අන්දමට එක්සත් කිරීමේ කාර්යය, ඔය
මිනිසුන්ගේම කාර්යය පමණයි. ඒ මිනිසුන් සියලු දෙනාව එක්සත් කිරීමට වෙර දරයි, නමුත්
ඔවුන්ට එය කළ නොහැක. ඇත්ත වශයෙන්ම, සියලුම ආගම් වල මිනිසුන් එක පවුලකට ගෙන ඒම, ඔය
බ්‍රහ්මණයන්ගේ සැබෑ කාර්යයයි. ඔබ කළ යුතු විශේෂ දේ මෙයයි. එහි, විනාශයේ හඬ ශ්‍රේෂ්ඨ
වන ආකාරයෙන්ම, ස්ථාපන බලයේ ශබ්දයද මහ හඬින් සහ පැහැදිලිව ඇසිය යුතුයි. විනාශයේ සහ
ස්ථාපනයේ ධජ, එක වර එසවිය යුතුයි. එකක් විද්‍යාවේ ධජය වන අතර එනෙක නිහැඬියාවේ
ධජයයි. විද්‍යාවේ බලය සහ නිහැඬියාවේ බලය යන මේ දෙකෙහිම බලපෑම හෙළිදරව් වන විට,
හෙළිදරව්වේ ධජ එසවීමට හැකි වන බව කියයි. නිදසුනක් ලෙස ප්රභූවරයෙක් වෙනත් රටකට ගිය
විට, ඔහුව පිළිගැනීමට සෑම තැනකම කොඩි දමයි. ඔවුන් තම රටේ ධජ ඔසවන අතර පැමිණි කෙනාගේ
රටේ ධජද ඔසවයි. එබැවින් ඔවුන් පරමාත්ම පියාගේ හෙළිදරව්වේ ධජයද එසවිය යුතුයි. ඔවුන්
දෙවියන්ගේ කාර්යයද පිළිගත යුතුයි. පරම පියාගේ ධජය, සෑම කොණකම එසවූ විට, විශේෂයෙන්
ශක්තීන් හෙළිදරව් වී ඇති බව, ඔබට පැවසීමට හැකි වෙයි. මෙය ස්වර්ණ ජුබිලියේ වසරයි,
එහෙම නේද? එබැවින් සියලු දෙනාටම රන් තාරකා දැක ගැනීමට හැකි විය යුතුයි. එම විශේෂ
තාරකා අහසේ දිස් වන විට, සියලු දෙනාගේම අවධානය ඒවාට යොමු වනවා. සියලුම දෙනාගේ දෑස්
සහ බුද්ධියට මෙම රත්තරන් දිලිසෙන තාරකාද දිස් විය යුතුයි. ස්වර්ණ ජුබිලිය සැමරීමේ
අරුත මෙයයි. මේ තාරකා ප්‍රථමයෙන් බැබලෙන්නේ කොහිද?
දැන් විදේශයන්හි ඉතා හොඳ ව්‍යාප්තියක් තිබෙන අතර මෙය සිදු විය යුතුයි. සෑම කොණකම
සැඟවී සිටි පරම පියාගේ දරුවන්, දැන් කාලයට අනුව, සම්බන්ධතාවයකට පැමිණෙනවා. සෑම
කෙනෙක්ම අසල කෙනාට වඩා වැඩි උනන්දුවකින් සහ උද්යෝගයකින් සේවය කරමින් ඉදිරියට ගමන්
කරනවා. ඔබට එඩිතරකම තිබෙන විට, ඔබට පියාගේ උපකාරයද ලැබෙයි. බලාපොරොත්තු නොතිබූ අය
තුළ පවා බලාපොරොත්තුවේ පහන් දැල්වෙනවා. ලෝකයේ මිනිසුන් සිතන්නේ මෙය කිසිසේත්
සිදුවිය නොහැකි දෙයක් බව, එය ඉතා අපහසු බවයි, නමුත් ඔබගේ සෙනෙහස, ඔබව බාධක වලින්
නිදහස් කර, පියාසර කරන කුරුල්ලන් මෙන් ඔබව මෙහි රැගෙන ආවා. ඔබ ද්විත්ව අහස්
යානාවකින් මෙහි ලඟා වුණා නේද? එකක් අහස් යානය වන අතර අනෙක බුද්ධියේ අහස් යානාවයි.
ඔබට එඩිතරකමේ සහ උද්යෝගයේ පියාපත් තිබෙන විට, ඔබට අවශ්‍ය ඕනෑම තැනකට පියාසර කළ හැක.
ඔවුන්ගේ එඩිතරකම නිසා බාප්දාදා සෑම විටම දරුවන්ට ප්‍රශංසා කරයි. ඔවුන්ගේ එඩිතරකම
නිසා, එක පහනකින් තවත් පහනක් දැල්වූ අතර ඉන් මාලාවක් නිර්මාණය විය. සෙනෙහසින්
උත්සාහ දරණ අයට ඉතා හොඳ ඵල මතු වෙයි. සියලුම දෙනාගේ සහයෝගයේ විශේෂත්වය මෙයයි.
අවස්ථාව කුමක් වුවත්, ප්‍රථමයෙන් අධිෂ්ඨානය සහ සෙනෙහස් සමූහයක් තිබිය යුතුයි. එය
තුළින් සාර්ථකත්වය ප්‍රායෝගිකව දිස් වෙයි. බොහෝ නිසරු භූමියකින් ඵල නෙලා ගැනීමට,
අධිෂ්ඨානයට මඟ පෑදිය හැක. මෙකල විද්‍යාඥයන් කාන්තාර වල පවා පලතුරු වැවීමට උත්සාහ
දරණවා. එබැවින් නිහැඬියාවේ බලයට කළ නොහැක්කේ කුමක්ද? සෙනෙහසේ ජලය ලැබෙන භූමිය, ඉතා
විශාල සහ රසවත් ඵල ලබා දෙයි. නිදසුනක් ලෙස දෙව්ලොව පලතුරු විශාල සහ රසවත් වෙයි.
විදේශයන්හි විශාල පලතුරු තිබෙන නමුත් ඒවා රසවත් නැත. පලතුරු පෙනුමට ඉතා හොඳ වන
නමුත් එය රස නැත. භාරතයේ පලතුරු කුඩා නමුත් ඒවා රසවත්ය. සෑම දේකම අත්තිවාරම තබන්නේ
මෙහිය. සෙනෙහසේ ජලය ලැබෙන මධ්‍යස්ථානය, සෑම විටම සේවය අතින් සහ සහකරුවන් අතින්,
බොහෝ ඵලබරයි. දිව්‍ය ලෝකයේ පිවිතුරු ජලය සහ පිවිතුරු පස් තිබෙයි, ඔබට එහිදි එවන්
පලතුරු ලැබෙන්නේ ඒ නිසයි. සෙනෙහස ඇති තැන, වාතාවරණය, එනම් එහි භූමිය ශ්‍රේෂ්ඨයි.
කොහොමත් කෙනෙක් අසහනයෙන් සිටින විට, ඔහු හෝ ඇය කියන්නේ කුමක්ද? මට වෙන කිසිවක් එපා,
මට අවශ්‍ය සෙනෙහස පමණයි. එබැවින් තමන්ව අසහනයට පත්වීමෙන් ආරක්ෂා වීමට ඇති එකම
ක්‍රමවේදය වන්නේ සෙනෙහසයි. බාප්දාදාගේ විශාලතම සතුට වන්නේ, නැතිවී සිටි දරුවන් දැන්
ආපසු පැමිණීමයි. ඔබ එහි නොගියේ නම්, එහි සේවය සිදු වන්නේ කෙසේද? මේ නිසයි වෙන්
වීමේද යහපතක් තිබෙන්නේ. හමුවීම කොහොමත් යහපතක් ගෙන එයි. ඔබ සියලු දෙනාම තම තමන්ගේ
ස්ථාන වල උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඉදිරියට ගමන් කරන අතර ඔබ සියලු දෙනාටම
බාප්දාදාගේ එකම බලාපොරොත්තුව වන සියලු අනාථ දරුවන්ව පරම පියාට අයත් කරවීමේ අරමුණ
තිබේ. සාමය වෙනුවෙන් ඔබ සියලු දෙනාම එකට එකතු වී නිර්මාණය කළ වැඩසටහනද හොඳයි. එවිට,
අඩුම තරමින්, මිනිසුන්ට කෙටි වෙලාවකට නිහඬව සිටීමේ පුහුණුව ඇති කිරීමට ඔබ උපකරණ
වෙයි. කෙනෙක් නිවැරදි ආකාරයට එක විනාඩියක් හෝ නිහැඬියාව අත්විඳින්නේ නම්, එවිට එම
විනාඩියේ නිහඬ බව ඉබේටම ඔහුව නොකඩවා නැවත නැවතත් ආකර්ෂණය කරගනී, මන්ද සියලු දෙනාටම
අවශ්‍ය සාමයයි. කෙසේවෙතත්, ඔවුන් ක්‍රමවේදය නොදන්නා අතර ඔවුන්ට ඇසුර නොමැත. සියලුම
ජීවාත්ම සාමයට කැමති බැවින්, එවන් ජීවාත්ම සාමය අත්විඳින විට, ඔවුන් ඉබේටම දිගින්
දිගටම ආකර්ෂණය වෙයි. සෑම තැනකම, තම විශේෂ කාර්යයන් ඉටු කිරීමට හොඳ උපකරණ බවට පත් වී
ඇති ශ්‍රේෂ්ඨ ජීවාත්ම සිටිනවා. එබැවින් විශ්මයන් සිදු කිරීම ලොකු දෙයක් නොවෙයි. හඬ
පැතිරීමේ මාර්ගය වන්නේ, වර්තමානයේ සිටින විශේෂ ජීවාත්ම මගින්ය. එම විශේෂ ජීවාත්ම
වැඩියෙන් සබඳතාවයකට පැමිණෙන තරමට, තව වෙනත් බොහෝ ජීවාත්මයන්ටද ඔවුන්ගේ සම්බන්ධකම්
තුළින් යහපතක් සිදු වෙයි. එක් ප්රභූවරයෙක් මඟින් බොහෝ සාමාන්‍ය ජීවයන්ටද යහපතක්
සිදු වෙයි. කෙසේවෙතත්, ඔවුන් සමීප සම්බන්ධතාවයකට නොපැමිණෙයි. ඔවුන්ගේම ආගමේ සහ
ඔවුන්ගේ චරිත කොටස් තුළ, ඔවුන්ට එක හෝ තව විශේෂ ඵලයක් ලැබෙයි. පරම පියා තුළ
සාමාන්‍ය අය වෙනුවෙන් බොහෝ සෙනෙහස තිබේ. කාලය ලබා දිය හැකි අය ඔවුන් වන අතර අනෙක්
අයට (ප්‍රභූවරුන්ට) වෙලාවක් නැත. කෙසේවෙතත්, ඔවුන් උපකරණ වන විට, බොහෝ දෙනෙකුට එවිට
ඉන් යහපතක් අත් වෙයි. අච්චා.
බාප්දාදා කණ්ඩායම්
මුණ ගැසෙමින්
ඔබ අමරණීයත්වයේ ආශිර්වාදය ලද ජීවාත්ම බව, ඔබ අත්දකිනවාද? ඔබ නිරන්තරයෙන් ගමන්
කරන්නේ ආශිර්වාද වලින් පෝෂණය ලබමින්, එහෙම නේද? පරම පියා කෙරෙහි නොබිඳි සෙනෙහස ඇති
අය, අමරණීයත්වයේ ආශිර්වාදය හිමි කරගනී ඔවුන් නිරන්තර සැහැල්ලු අධිරාජවරුන්.
කාර්යයකට උපකරණයක් වී, එය සිදු කරන අතර සැහැල්ලුවෙන් සිටීම, විශේෂත්වයක්. පියා
උපකරණය බවට පත් වී ඇත, නමුත් උපකරණය වන අතර, ඔහු නොබැඳී සිටීයි, ඔහු සැහැල්ලුවෙන්
සිටින්නේ මේ නිසයි. ඒ ආකාරයෙන්ම පියාව අනුගමනය කරන්න. නිරතුරුවම සෙනෙහසේ සුරක්ෂිත
බවින් ඉදිරියට ගමන් කරන්න. සෙනෙහසේ පදනමින් පරම පියා සෑම විටම ඔබව සුරක්ෂිත කර,
ඔබව පියාසර කරවීමෙන් ඔබව ඉදිරියට ඔසවාගෙන යයි. ඔබටද මෙම ස්ථීර විශ්වාසය තිබෙනවා
නේද? ඔබ සෙනෙහස සහ ආධ්‍යාත්මික සබැඳියාවක් සවි කර තිබෙනවා. මෙම ආධ්‍යාත්මික
සම්බන්ධය තුළින්, ඔබ එකිනෙකාගේ බොහෝ සෙනෙහසට පාත්‍ර වී ඇත. බාප්දාදා මව්වරුන්ට එක
වැකියකින් පමණක් එක ඉතා පහසු දෙයක් පවසා තිබේ. මෙම එක් වැකිය පමණක් සිහියේ තබා ගන්න
’මගේ බාබා!‘ එපමණයි! ඔබ නිකම්ම පවසන්නේ, ’මගේ බාබා!‘ එවිට ඔබට සියලු සම්පත් ලැබෙයි.
සියලුම සම්පත් වලට යතුර වන්නේ මෙම ’බාබා‘ යන වචනයයි. මව්වරුන් යතුරු බලා ගැනීමට
කැමතියි නේද? එබැවින් බාප්දාදාද ඔබ සෑම කෙනෙකුටම යතුරක් දී තිබෙනවා. ඔබට අවශ්‍ය
ඕනෑම සම්පතක් ඔබට ලබා ගත හැක. එය එක සම්පතකට පමණක් ඇති යතුරක් නොවෙයි එය සියලු
සම්පත් වල යතුරයි. සරළව නොකඩවා ’බාබා, බාබා!‘ කියන්න, එවිට ඔබ දැන් දරුවෙක් සහ
අධිපතියෙක් වී, අනාගතයේද අධිපතියෙක් වෙයි. නිරන්තරයෙන් මෙම සතුටින් නොකඩවා නර්ථනය
කරන්න. අච්චා.
වරදානය:
ඔබ, නොබිඳි
විශ්වාසයේ රැහැනෙන්, ඔබගේ අංක එකේ භාග්‍යය නිර්මාණය කරගැනීමෙන්, ජයග්‍රහණයේ
තිලකයෙන් සැරසෙත්වා.
තම බුද්ධියේ විශ්වාසය
ඇති දරුවන් කිසිම විටෙක ’ඇයි?‘ (කෙසේ?) හෝ ’මෙහෙමයි‘ (එසේයි), යන ව්‍යාප්තිය තුළට
නොයයි. ඔවුන්ගේ නොබිඳුනු විශ්වාසයේ රැහැන, සියලු ජීවාත්මයන්ට පැහැදිලිව පෙනෙයි.
ඔවුන්ගේ විශ්වාසයේ රැහැන කිසිම විටෙක අතර මැදදි බිඳී නොයයි. එවන් රැහැනක් ඇති අයගේ
නළලේ, එනම් ඔවුන්ගේ අවධානයේ, ඔබ සෑම විටම ජයග්‍රහණයේ තිලකයක් දකියි. ඔවුන් උපත ලද
සැනින්, සේවය කිරීමේ වගකීමේ ඔටුන්න පැළඳිය යුතුයි. ඔවුන් නිරන්තරයෙන් ඥාන මැණික්
සමඟ ක්‍රීඩා කරමින් සිටින අය වෙයි. ඔවුන් නිරතුරුවම සිහි කිරීමේ සහ සතුටු
ඔංචිල්ලාවන්හි පැද්දෙමින් තම දිවි ගෙවන අය වෙයි. මෙය අංක එකේ භාග්‍යයේ රේඛාවයි.
පාඨය:
ඔබගේ බුද්ධිය
නම් පරිගණකය තුළ, නැවතීමේ තිතේ විරාම ලකුණ තිබීම යනු, සතුටින් රැඳී සිටීමයි.