27.09.20    Avyakt Bapdada      Sinhala Murli     27.03.86    Om Shanti    Madhuban


නිරන්තරයෙන් ආදරණීය වන්න.


අද දින, සෙනෙහසේ මහා සයුර වන පරම පියා, ඔහුගේ ආදරණීය දරුවන් හමුවීමට ඇවිත්. මෙම ආධ්‍යාත්මික සෙනෙහස, සෑම දරුවෙක්ව පහසු යෝගීවරයෙක් කරවයි. මෙම සෙනෙහස, මුළු පැරණි ලෝකය අමතක කිරීමට ඇති පහසු මාර්ගයක්. සෑම ජීවාත්මයක්ම පරම පියාට අයිති කරවීමට ඇති එකම බලවත් මඟ මෙම සෙනෙහසයි. බ්‍රහ්මණ දිවියේ අත්තිවාරම සෙනෙහසයි. ශක්තිමත් ජීවිතයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය පෝෂණයේ පදනම සෙනෙහසයි. පරම පියා ඉදිරියට පෞද්ගලිකවම පැමිණ ඇති සියලුම ශ්‍රේෂ්ඨ ජීවාත්ම, මෙහි පැමිණ ඇත්තේ ඔවුන්ගේ සෙනෙහසේ පදනමට අනුවයි. ඔබ සෙනෙහස් පියාපත් වලින් මෙහි පියඹා විත් මධුබාන්හි නිවැසියන් වෙයි. බාප්දාදා ඔය සියලුම ආදරණීය දරුවන්ව, ඔබ සියලු දෙනාම ආදරණීය වන්නේ කෙසේද කියා, දකින නමුත්, ඔබ අතරේ ඇති වෙනස කුමක්ද? ඔබ අංකානුරූප වන්නේ කෙසේද? මෙයට හේතුව කුමක්ද? ඔබ සියලු දෙනාම ආදරණීයයි, නමුත් ඔබගෙන් ඇතැමුන් නිරන්තරයෙන් ආදරණීය වන අතර තවත් අය ආදරණීය පමණක් වන අතර තුන්වන කණ්ඩායම කාලයට අනුව සෙනෙහසේ වගකීම ඉටු කරන අයයි. මේ තුන් ආකාරයේ ආදරණීය දරුවන්ව බාප්දාදා දුටුවා.

නිරන්තරයෙන් ආදරණීය අය, සෙනෙහසේ ගිලී සිටින නිසා, ඔවුන් සෑම විටම කිසිදු උත්සාහයක් දැරීමට සිදුවීමෙන් හෝ අපහසුතා අත්විඳීම ඉක්මවා සිටියි. ඔවුන්ට උත්සාහ දැරීමට සිදු නොවන අතර කිසිම දෙයක් අපහසු බවද ඔවුන් අත්නොදකියි. ඔවුන් නිරන්තරයෙන් ආදරණීය නිසා, දැන් සිටම සොබා දහමේ පදාර්ථ සහ මායා ඔවුන්ගේ දාසියන් වෙයි, එනම්, නිරතුරුවම ආදරණීය ජීවාත්ම, පාලකයන් වෙයි. එබැවින් සොබාදහමේ පදාර්ථ සහ මායා ඉබේටම ඔවුන්ගේ දාසියන් බවට පත් වෙයි. නිරන්තරයෙන් ආදරණීය ජීවාත්මයන්ට, ඔවුන් වෙනුවෙන් තම කාලය සහ සිතිවිලි භාවිත කරවීමට, සොබා දහමේ පදාර්ථයන්ට සහ මායාට එඩිතරකමක් නැත. නිරතුරුවම ආදරණීය ජීවාත්මයන්ගේ සෑම සිතිවිල්ලක් සහ මොහොතක්ම තිබෙන්නේ, පරම පියාගේ සිහිපත් කිරීමට සහ සේවය කිරීමටයි. මේ නිසයි, නිරන්තරයෙන් ආදරණීය ජීවාත්මයන්ට, ඔවුන්ගේ සිතිවිලි වලින්වත් කිසිම විටෙක, මායා මත යැපි සිටිය නොහැකි බව, මායා සහ සොබා දහමේ පදාර්ථ දන්නේ. ඔවුන් සියලු බලයන්ට අයිතියක් ඇති ජීවාත්මයි. නිරන්තරයෙන් ආදරණීය ජීවයන්ගේ මනෝ ස්ථීතිය වර්ණනා කෙරෙන්නේ, ඒකායන පියාට හැර වෙනත් කිසිවෙකුට අයත් නොවන අය ලෙසයි. පරම පියා, ඔවුන්ගේ ලෝකයයි.

දෙවන වර්ගය, එනම් ආදරණීය ජීවාත්ම, අනිවාර්යෙන් ආදරණීයව සිටියි, නමුත්, ඔවුන් නිරන්තර නොමැති නිසා, ඔවුන්ගේ සිතිවිලි සහ ඒවා තුළින් ඔවුන්ගේ සෙනෙහස, ඇතැම් විටෙක වෙනත් දිශාවන්හි ගමන් කරයි. තමන්ව පරිවර්ථනය කිරීමේදි, විටින් විට ඔවුන් උත්සාහ දැරීමට සිදුවීම අත්දකින අතර ඇතැම් විට ඔවුන් අපහසුතා අත්විඳියි, නමුත් ඉතා සුළුවෙන්. සොබාදහමේ පදාර්ථ හෝ මායාගෙන් සූක‍්ෂම පහරදීමක් සිදුවන ඕනෑම අවස්ථාවකදි, එවිට, සෙනෙහස නිසා, ඔවුන් ඉතා විගසින් සිහිකිරීමේ හිඳ, ඔවුන්ගේ සිහිකිරීමේ බලයෙන් ඉතා විගසින් තමන්ව පරිවර්ථනය කරගනී. කෙසේවෙතත්, ඔවුන්ගේ කාලයෙන් සහ සිතිවිලි වලින් කොටසක්, අපහසුතාවය අභිබවා යෑමට සහ එම උත්සාහය දැරීමට වැය වෙනවා. ඇතැම් විටෙක ඔවුන්ගේ සෙනෙහස සාමාන්‍ය වන අතර තවත් විටෙක ඔවුන් සෙනෙහසේ ගැලී සිටිනවා. ඔවුන්ගේ මනෝ ස්ථීතියේ නොකඩවා වෙනස්වීම් ඇති වනවා. කෙසේවෙතත්, ඔවුන්ගේ කාලය සහ ඔවුන්ගේ සිතිවිලිවල වැඩිපුර අපතේ යෑමක් සිදුනොවයි. මේ නිසයි, ඔවුන් ආදරණීය වුවද, ඔවුන් නිරන්තරයෙන් ආදරණීය නොවන අතර එමනිසා, ඔවුන් දෙවන අංකය බවට පත් වෙයි.

තුන්වන වර්ගයේ අය, කාලයට අනුව ඔවුන්ගේ සෙනෙහස් වගකීම ඉටු කරන අයයි. එවන් ජීවාත්ම විශ්වාස කරන්නේ, සත්‍ය සෙනෙහස ලබා ගත හැක්කේ වෙනත් කිසිවෙකුගෙන් නොව ඒකායන පියාගෙන් පමණක් බවත් මෙම ආධ්‍යාත්මික සෙනෙහස, ඔබව සදා කාලයට ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන බවත්. ඔවුන්ට සම්පූර්ණ ඥානය තිබේ, එනම්, වටහාගැනීම, එමෙන්ම ඔවුන් මෙම සෙනෙහස් ජීවිතයට පමණක් තවමත් ආදරය කරයි. කෙසේවෙතත්, පාලන බලය නොමැතිකම නිසා, තමන්ගේම සිරුරු වලට හෝ සංස්කාර වලට ඇති බැඳීම හෝ යම් විශේෂිත පැරණි සංස්කාරයකට, පුද්ගලයෙකුගේ සංස්කාර වලට හෝ දේපළ වලට හෝ නිෂ්ඵල සිතිවිලි ඇති වීමේ සංස්කාරයකට ඇති බැඳීම නිසා, ඔවුන් නිෂ්ඵල සිතිවිලි වල බරක් උසුලා සිටියි. එසේත් නැත්නම්, ඔවුන්ට සමූහයේ බලය නොමැති නිසා, ඔවුන්ට සමූහයකදි සාර්ථක විය නොහැක. සමූහය තුළ ඇති වන සිදුවීමක් ඔවුන්ගේ සෙනෙහස අවසන් කර ඔවුන්ව එය දෙසට ඇද ගනී. ඔවුන්ගෙන් ඇතමෙක් සෑම විටම ඉතා විගසින් අධෛර්යමත් වනවා. එක විනාඩියක් ඔවුන් ඉතා ඉහළින් පියාසර කරමින් සිටින නමුත් ඊලඟ විනාඩියේ ඔබ ඔවුන් දෙස බලන්නේ නම්, ඔවුන් තමන් සමඟ පවා අධෛර්යට පත්ව සිටියි. තමන් සමඟ අධෛර්යයට පත්වන මෙම සංස්කාරය ඔවුන්ට නිරන්තරයෙන් ආදරණීය වීමට ඉඩ නොදෙයි. යම් ආකාරයක සංස්කාරයක් ඔවුන්ව සිදුවීම් හෝ ස්වභාවයන් වෙතට ආකර්ෂණය කරගනී. ඔවුන් කැලඹීමකට පත් වන නමුත්, ඔවුන් සෙනෙහස අත්විඳින නිසා සහ සෙනෙහස් දිවියට ඇලුම් කරන බැවින්, ඔවුන්ට කොහොමත් පරම පියාව සිහි කිරීමට හැකි වෙයි. ඔවුන් නැවත වරක් පරම පියාගේ සෙනෙහස තුළ ගිලී සිටීමට තැත් කරයි. එබැවින් කාලයට සහ සිදුවීමට අනුව කැලඹීමට පත් වීම නිසා, ඔවුන්ට ඇතැම් විට සිහි කිරීම තිබෙන අතර ඇතැම් විට සටන් කරමින් සිටියි. ඔවුන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් ඔවුන් සටන් කිරීමට ගත කරන නිසා, සැසඳීමේදි ඔවුන්ගේ සෙනෙහසේ ගිලී සිටීමේ ජීවිතය අඩුය. ඔවුන් තෙවන අංකය ලබන්නේ මේ නිසයි. කෙසේවෙතත්, ලෝකයේ සියලුම ජීවාත්ම සමඟ සංසන්දනය කරන විට, තුන්වන අංකයේ සිටීමත් උපරිම ලෙස ශ්‍රේෂ්ඨ බව කියයි, මන්ද ඔවුන් පරම පියාව හැඳිනගෙන තිබෙන අතර, ඔවුන් පරම පියාට සහ බ්‍රහ්මණ පවුලට අයත්ය. අඩු තරමින් ඔවුන් වඩාත් ශ්‍රේෂ්ඨ බ්‍රහ්මණ ජීවාත්ම, බ්‍රහ්ම කුමර කුමරියන් ලෙස හැඳින්වෙනවා. මේ නිසයි ලෝකය සමඟ සසඳන විට, ඔවුන් පවා (තුන්වන ඝණය) ආදරණීය ජීවාත්මයි. කෙසේවෙතත්, පරිපූර්ණත්වය අතින් සසඳන විට, ඔවුන් තෙවන අංකයයි. එබැවින් ඔවුන් ආදරණීයයි, නමුත් අංක පිළිවෙලට. අංක එකේ නිරන්තරයෙන් ආදරණීය ජීවාත්ම, නිරතුරුවම නෙළුම් මල් මෙන් නොබැඳී පරම පියාට උපරිම ලෙස ආදරණීයයි. ආදරණීය ජීවාත්ම නොබැඳී ආදරණීයයි, නමුත් ඔවුන් පියා මෙන් බලවත්ව ජයග්‍රාහී නැත. ඔවුන් සෙනෙහසේ ගැලී නොමැත, නමුත් ආදරණීයයි. ඔවුන්ගේ විශේෂ පාඨය වන්නේ මා ඔබට අයත් වන අතර මා ඔබගේ ලෙස රැඳී සිටිමි. ඔවුන් නිරන්තරයෙන් මෙම ගීතය නොකඩවා ගයයි. කෙසේනමුත්, ඔවුන් තුළ සෙනෙහස තිබේ, එබැවින් ඔවුන් 80% ආරක‍්ෂිතව රැඳී සිටියි. කොහොමනමුත්, ඒ අතර මැදට ’ඇතැම් විට‘ යන වචනය පැමිණෙයි. ඔවුන් පිළිබඳව ’නිරන්තරයෙන්‘ යන වචනය භාවිත කෙරෙන්නේ නැත. තුන්වන අංකයේ ජීවාත්මයන්ට, නැවත නැවතත් තම සෙනෙහස සම්බන්ධ කිරීමට සිදුවන නිසා, සෙනෙහසින් යුතුව පොරොන්දුද නොකඩවා සිදු කරයි. ’හොඳයි. අද පටන් මා මෙසේ වෙනවා. දැන් සිට, මා මෙය කරන්නම්.‘ ඔවුන් වෙනස දන්නා නිසා, පොරොන්දු සිදු කරන අතර ඔවුන් උත්සාහයන්ද දරයි, නමුත් එක හෝ තව විශේෂිත සංස්කාරයක් ඔවුන්ට සෙනෙහසේ ගැලී සිටීමට ඉඩ නොදෙයි. යම් බාධකයක් ඔවුන්ව සෙනෙහසේ ගිලී සිටීමේ තම මනෝ ස්ථීතියෙන්, ඔවුන්ව පහළට ඇද දමයි. එබැවින් ඔවුන් පිළිබඳව ’නිරන්තරයෙන්‘ යන වචනය භාවිත කළ නොහැක. ඔවුන් විටෙක මේ ආකාරයටත් තවත් විටෙක තව ආකාරයකටත් සිටින නිසා, ඔවුන්ට තවමත් එක හෝ වෙනත් විශේෂිත දුර්වලතාවයක් තිබෙයි. එවන් ජීවාත්ම බාප්දාදා සමඟ ඉතා මිහිරි හදවතට සමීප කතා බස් වල යෙදෙයි. ඔවුන් බොහෝ අයිතීන් තිබීම පෙන්නුම් කරයි. ඔවුන් පවසන්නේ උපදෙස එන්නේ ඔබගෙන්, නමුත් ඔබට අප වෙනුවෙන් එය කළ හැකි අතර එහි ප්‍රතිලාභය මා ලබා ගන්නම්. ඔවුන් සෙනෙහසින් සහ අයිතියක් ඇතිව පවසන්නේ ඔබ මාව, සතුකර ගෙන ඇති නිසා, එය දැන් තිබෙන්නේ ඔබේ අතේය. පරම පියා පවසන්නේ පියා දන්නවා, නමුත් දරුවා අඩු තරමින් එය පිළිගත යුතුයි. කෙසේවෙතත්, ඒ දරුවන් හිමිකාරිත්වයක් ඇතිව පවසන්නේ මා එය පිළිගත්තත් නැතත්, මා සිටින ආකාරයට ඔබට මාව පිළිගැනීමට සිදුවනවා. එබැවින් පියාට ඒ වුණත්, එවන් දරුවන් කෙරෙහි දයානුකම්පාවක් දැනෙයි, මන්ද ඔවුන් කොහොම වුවත් බ්‍රහ්මණ දරුවන්ය. එබැවින් ඔහු උපකරණ ජීවාත්ම මාර්ගයෙන් විශේෂ බලයද ලබා දෙයි. කෙසේවෙතත්, ඇතැමුන් ඔවුන්ගේ බලය ගෙන, තමන්ව පරිවර්ථනය කරගන්නා අතර තවත් අය, බලය ලැබුණත් තමන්ගේම සංස්කාර තුළ බොහෝ ගිලී සිටින බැවින්, ඔවුන්ට එම බලය ධාරණය කරගැනීමට නොහැක. ඔබ යමෙකුට පෝෂ්‍යදායක ආහාර ලබා දී, ඔහු එය නොකන්නේ නම්, කුමක් සිදු වෙයිද?

පරම පියා විශේෂ සෙනෙහස ලබා දෙන අතර සමහරු ක්‍රම ක්‍රමයෙන් බලවත් වී, තුන්වන වර්ගයේ ජීවාත්මයන්ගෙන් දෙවන වර්ගයේ ජීවාත්ම බවට පරිවර්ථනය වෙයි. කෙසේවෙතත්, සමහරුන් බොහෝ නොසැලකිලිමත් වීම නිසා, ඔවුන්ට ගත යුතු ප්‍රමාණයට ගැනීමට නොහැකි වී තිබේ. තුන් වර්ගයේම දරුවන් ආදරණීය දරුවන්ය. ඔවුන් සියලු දෙනාටම ආදරණීය දරුවන් වීමේ නම්බු නාමය තිබේ, නමුත් ඔවුන් අංක පිළිවෙලයි.

අද එය ජර්මනියේ වාරයයි. මුළු කණ්ඩායමම අංක එකය. ඔබ අංක එකය, සමීප මැණික්ය, මන්ද සමාන අය, සමීපව ද සිටියි. භෞතික වශයෙන් ඔබ කෙතරම් ඈතින් සිටියත්, ඔබ හදවතට කෙතරම් සමීපද යත්, ඔබ වාසය කරන්නේ හදවතේය. ඔබ පරම පියාගේ හදවත්-සිහසුන මත වාසය කරන නිසා, ඔබගේ හදවත් වල ඉබේටම පියා හැර වෙනත් කිසිවෙකු නොමැත, මන්ද බ්‍රහ්මණ දිවියේ, පරම පියා ගනුදෙනුවක් සිදුකරන්නේ හදවත සමඟයි. ඔබ ඔහුගේ හදවත දිනාගත් අතර ඔබ තම හදවත් ලබා දුන්නා. ඔබ ඔබගේ හදවත් වලින් ගනුදෙනුවක් සිදු කළා, එහෙම නේද? ඔබ හදවතින් සිටින්නේ පරම පියා සමඟයි. භෞතික වශයෙන් ඔබගෙන් ඇතැම් අය එක් තැනකත් තවත් අය වෙනත් තැනකත් සිටියි. ඔබ සියලු දෙනාම මෙහි සිටින්නේ නම්, මෙහි අසුන්ගෙන ඔබ කරන්නේ කුමක්ද? මධුබාන්වල වාසය කළ අයව පවා, සේවය කිරීමට පිටතට යැවීමට සිදු විය. ලෝකයට සේවය කරන්නේ වෙන කෙසේද? පරම පියා කෙරෙහි ඔබ තුළ සෙනෙහස තිබෙන අතර සේවය කිරීමටද ඔබ ප්‍රිය කරයි. මේ නිසයි, නාටකයට අනුව, ඔබ විවිධ ස්ථාන කරා ලඟා වී එහි සේවය කිරීමට උපකරණ වී ඇත්තේ. ඉතිං මෙයත් නාටකයේ කොටසක් ලෙස නියම වී තිබේ. ඔබගේ සමකාලීනයන්ට සේවය කිරීමට ඔබ උපකරණ වී ඇත. ජර්මනියේ අය නිරන්තරයෙන් සතුටින් සිටින අයයි. ඔබට ඉතා පහසුවෙන් සදාකාලයට පරම පියාගෙන් උරුමය හිමි වන බැවින්, ඔබට සදා කාලයට ලැබෙන දේ පසෙකට දමා, කෙටි කලකට ටිකක් පමණක් ගන්නේ කුමටද? දානපති ලබා දෙන බැවින්, ගන්නා අය, අඩුවෙන් ගන්නේ කුමටද? එබැවින් සෑම විටම සතුටු ඔංචිල්ලාවේ නොකඩවා පැද්දෙන්න. සෑම විටම මායා පරාජය කරන්නන් සහ සොබාදහම ජයගන්නන් වී, ජයගෙන ලෝකය ඉදිරියේ ජයග්‍රහණයේ බෙර හඬ මහ හඬින් වයන්න.

මෙකල ඇතැම් ජීවාත්ම තාවකාලික පහසුකම් සමඟ මුළුමනින්ම කුල්මත්ව සිටින අතර ඇතැමුන් දුකෙන් සහ අසාමයෙන් වෙහෙසට පත් වී බොහෝ ගැඹුරු නින්දක නිදා සිටින බැවින් ඔවුන්ට කුඩා හඬක් නෑසෙයි. එවැනි ආකාරයේ කුල්මත් බවක ගිලි සිටින අයව, තදින් සොලවා අවදි කළ යුතුයි. ගැඹුරු නින්දක තදින් නිදා සිටින අයවත් අවදි කිරීමට, ඔවුන්ව තදින් සෙලවිය යුතුයි. එසේනම් හැම්බර්ග් වල අය කරන්නේ කුමක්ද? එය ඉතා හොඳ බලවත් කණ්ඩායමක්. ඔබ සියලු දෙනා තුළම පරම පියා කෙරෙහි මෙන්ම ඉගෙනුමටද ගැඹුරු සෙනෙහසක් තිබේ. මෙම ඉගෙනුමට ඇලුම් කරන අය නිරන්තරයෙන් ශක්තිමත්ව සිටියි. පරම පියා කෙරෙහි, එනම් මුරලිධාර්ට (මුරලිය පවසන කෙනාට) සෙනෙහස තිබීම යනු, මුරලියට සෙනෙහස තිබීමය. ඔබ තුළ මුරලියට සෙනෙහස නොමැති නම්, මුරලිධාර්ට සෙනෙහස තිබිය නොහැක. ඔවුන් තුළ පරම පියාට කෙතෙරම් සෙනෙහස තිබුණත්, ඉගෙනුමට වෙලාව නොමැති බව යමෙක් පවසන්නේ නම්, පියා ඔවුන්ව විශ්වාස නොකරයි. ගැඹුරු සෙනෙහස ඇති තැන, බාධක වලට රැඳී සිටිය නොහැක ඒවා ඉබේටම අවසන් වෙයි. ඉගෙනුමට සහ මුරලියට ඇලුම් කරන අය පහසුවෙන් සියලු බාධක අභිබවා යයි. පහළින් ඇති බාධක වලට ඉහළින් ඔවුන් පියාසර ස්ථිතියෙන් ඉහළට යයි. පියාසර ස්ථිතියේ ඇති අයට කන්දක්, ගලක් වැනිය. ඉගෙනුමට ඇලුම් කරන අයට නිදහසට කරුණු නොතිබෙයි. අපහසු ඕනෑම දෙයක් පහසු කිරීමට, සෙනෙහසට හැක. මුරලියට, ඉගෙනුමට සහ පවුලට ඇති සෙනෙහස, බලකොටුවක් වෙයි, එමෙන්ම මෙම බලකොටුවේ සිටින අය ආරක‍්ෂිතව සිටියි. මෙම විශේෂතා දෙකම මෙම කණ්ඩායම ඉදිරියට ගමන් කරවනවා. ඉගෙනුමට සහ පවුලට ඇති සෙනෙහස නිසා, එම බලපෑමෙන් ඔබ එකිනෙකාව සමීපයට ගෙන එයි. ඔබට සිටින උපකරණ ජීවයත් ආදරණීය ජීවාත්මයකි (පුෂ්පාල් දීදි). සෙනෙහස, භාෂාව දෙස නොබලයි. සෙනෙහසේ භාෂාව, අනෙක් සියලුම භාෂාවන්ට වඩා ශ්‍රේෂ්ඨයි. සියලු දෙනාම ඇයව සිහි කරයි. බාප්දාදා ද ඇයව සිහි කරයි. බාබා ඉතා හොඳ ප්‍රායෝගික සාක‍්ෂි දකිනවා. සේවයේ වර්ධනයක් තිබේ. ව්‍යාප්තිය නොකඩවා වැඩියෙන් සිදුවන තරමට, ශ්‍රේෂ්ඨ ජීවාත්ම වීමේ ඵලය ලෙසින්, ඔබට සියලු දෙනාගෙන් වැඩියෙන් ආශිර්වාද හිමි වෙයි. වන්දනීය ජීවාත්ම බවට පත්වන්නේ, පුණ්‍යාත්ම පමණයි. ඔබ මෙකල පුණ්‍යාත්මයක් නොවන්නේ නම්, ඔබට අනාගතයේ වන්දනීය ජීවාත්මයක් විය නොහැක. පුණ්‍යාත්මයක් වීමත් අවශ්‍යයි. අච්චා.

අව්‍යක්ත මුරලි වලින් තෝරාගත් ප්‍රශ්න සහ පිළිතුරු:

ප්‍රශ්නය : බ්‍රහ්මණ දිවියේ විශේෂ ගුණධර්මය, සැරසිල්ල සහ සම්පත කුමක්ද?

පිළිතුර: තෘප්තිය. යම් දේකට ආදරය කරන විට, ඔබ කිසිම විටෙක එම ආදරය කරන දේ අත්නොහරියි. තෘප්තිය, විශේෂත්වයක් වන අතර බ්‍රහ්මණ දිවියේ, පරිවර්ථනය සඳහා එය විශේෂ කැඩපතකි. තෘප්තිය ඇති තැන අනිවාර්යෙන්ම සතුට තිබෙයි. බ්‍රහ්මණ දිවියේ තෘප්තිය නොමැති නම්, එය එවිට සාමාන්‍ය දිවියකි.

ප්‍රශ්නය : තෘප්තිමත් මැණික් වන අයගේ විශේෂතා මොනවාද?

පිළිතුර: තෘප්තිමත් මැණික් වන අය කිසිම විටෙක තමන් සමඟ, වෙනත් ජීව සමඟ, තමන්ගේ සංස්කාර සමඟ හෝ වාතාවරණයේ බලපෑමෙන් අතෘප්තිමත් වන්නේ නැත. ඔවුන් කිසිම විටෙක මෙසේ නොකියයි මා තෘප්තිමත් නමුත් වෙන අය මාව අතෘප්තිමත් කරවනවා. කුමක් සිදුවුණත්, මැණික් වලට ඔවුන්ගේ තෘප්තියේ විශේෂතාවය අත්හල නොහැක.

ප්‍රශ්නය: සෑම විටම තෘප්තිමත්ව සිටින අයගේ ලක‍්ෂණ මොනවාද?

පිළිතුර:
1. සෑම විටම තෘප්තිමත්ව රැඳී සිටින අය ඉබේටම සියලු දෙනාගේ සෙනෙහසට පාත්‍ර වෙයි, මන්ද තෘප්තිමත් බව ඔබව බ්‍රහ්මණ පවුලේ සෙනෙහසට බඳුන් කරවයි.

2. අන් අය, තෘප්තිමත් ජීවයන්ව ඔවුන්ගේ සමීපයට ගෙන ඒමට තැත් කරන අතර ශ්‍රේෂ්ඨ කාර්යයකදි ඔවුන්ගේ සහයෝගය ද අවශ්‍ය වෙයි.

3. තෘප්තිමත් බවේ විශේෂත්වයම ඔබව කාර්යයකට රන් චාන්සලර් කෙනෙක් කරවයි. එවන් ජීවාත්මයන්ට කිසිවක් සිතන්නට හෝ කීමට අවශ්‍ය නොවෙයි.

4. සියලු දෙනාගේ ගති ස්වභාවය සහ සංස්කාර සමඟ සුසංයෝග වීමට, තෘප්තිමත්කම මඟ පාදයි. තෘප්තිමත් ජීවාත්ම, කිසිවෙකුගේ ස්වභාවය හෝ සංස්කාර වලට බිය නොවෙයි.

5. සියලු දෙනාම තම හදවතින් එවන් ජීවාත්මයන්ට සෙනෙහස පායි. සියලු දෙනාගේම සෙනෙහස ලැබීමට ඔවුන් සුදුසුයි. එවන් ජීවාත්මයන්ගේ හැඳින්වීම ඔවුන්ගේ තෘප්තිය වන අතර සියලු දෙනාගේම හදවතේ ආශාව වනුයේ එවන් ජීවාත්ම සමඟ කතාබස් කිරීමට සහ ඔවුන් සමඟ අසුන් ගෙන සිටීමටය.

6. තෘප්තිමත් ජීව නිරන්තරයෙන් මායා පරාජය කරන්නන්ය, මන්ද ඔවුන් කීකරු වන අතර සෑම විටම විනය නීතී රේඛාව තුළ සිටියි. ඔවුන් මායාව දුර සිටම හඳුනාගනී.

ප්‍රශ්නය: නිවැරදි වෙලාවට ඔබට මායාව හඳුනාගැනීමට නොහැකි වන්නේ ඇයි, එමෙන්ම ඇය ඔබව නැවත නැවතත් මුලා කරන්නේ ඇයි?

පිළිතුර: මායා හඳුනා නොගැනීමට හේතුව වන්නේ, ඔබ සෑම විටම පරම පියාගේ ශ්‍රේෂ්ඨ උපදෙස් නොපිළිපැදීමය. ඔබ ඇතැම් විට ඒවා පිළිපදින අතර ඇතැම් විට එසේ නොකරයි. විටෙක ඔබ ඔහු සිහි කරන අතර විටෙක සිහි නොකරයි. විටෙක ඔබට උනන්දුව සහ උද්යෝගය තිබෙන අතර විටෙක ඔබට එය නොතිබෙයි. ඔබ සෑම විටම උපදෙස් රේඛාව තුළ නොසිටියි, එබැවින් මායා ඔබව ඒ වෙලාවේ මුලා කරයි. මායාට තෝරා ගැනීමේ බලය බොහෝ සෙයින් තිබෙන අතර ඔබ දුර්වල වන විට ඇය එය දැක, එම දුර්වලතාවය තුළින් ඔබව ඇය සතු කරගනී. මායාට ඇතුළු වීමට ඇති දොරටුව දුර්වලතාය.

ප්‍රශ්නය : මායා පරාජය කිරීමට ඇති පහසු ක්‍රමය කුමක්ද?

පිළිතුර: නිරන්තරයෙන් පරම පියා සමඟ සිටින්න. ඔහු සමඟ සිටීම යනු, ඉබේටම විනය නීති මාලාව තුළ සිටීමයි. එවිට ඔබ වෙන වෙනම එක් එක් දුර්ගුණයෙන් නිදහස් වීමට උත්සාහ දැරීමෙන් නිදහස් වෙයි. ඔබ ඔහු සමඟ සිටින විට, පරම පියා කෙබඳුද, ඔබද එවැනිය. ඔබ ඉබේටම ඔහුගේ ඇසුරෙන් වර්ණවත් වෙයි, එබැවින් බීජය අතහැරීමට හෝ අතු කැපීමට තැත් නොකරන්න. අද මා රාගය පරාජය කළා ඊලඟ දිනයේ මා කෝපය පරාජය කළ යුතුයි. නැහැ, නිරන්තරයෙන් ජයග්‍රාහී වන්න. සරළව බීජය ඔබ සමඟ තබා ගන්න, එවිට මායාගේ බීජය එහි සලකුණක්වත් ඉතිරි නොවන සේ පිළිස්සී යයි.

වරදානය:
ඔබ සෑම ජීවාත්මයකටම ධෛර්යය සහ උද්යෝගය ලබා දෙන, දයාවෙන් පිරි ලොවට සෙත සලසන්නෙක් වේවා.

කිසිම විටෙක බ්‍රහ්මණ පවුලේ දුර්වල ජීවාත්මයකට මෙසේ නොකියන්න, ’ඔබ දුර්වලයි.‘ ඔය දයාවෙන් පිරි ලොවට සෙත සලසන දරුවන්ගේ මුවින් නිරන්තරයෙන් සෑම ජීවයක් වෙනුවෙන්ම, කිසිවෙකු අධෛර්යමත් කරන වදන් නොව, යහපත් වදන් මතු විය යුතුයි. සමහරු කෙතරම් දුර්වල වුවද, ඔබට ඔවුන්ට යම් සංඥාවක් හෝ ඉගැන්වීමක් ලබා දීමට සිදු වුණත්, පළමුව ඔවුන්ව ශක්තිමත් කර ඉන්පසුව ඔවුන්ට ඉගැන්වීම ලබා දෙන්න. ප්‍රථමයෙන්ම ධෛර්යය සහ උද්යෝගයෙන් කෙත සීසෑමෙන් පසුව බීජ වපුරන්න, එවිට සෑම බීජයක්ම පහසුවෙන් ඵල දරයි. මෙය කිරීමෙන් ලොවට සෙත සැලසීමේ සේවය, වේගවත් වෙයි.

පාඨය:
පරම පියාගෙන් ආශිර්වාද ලබා ගෙන, නිරතුරුවම පිරිපුන්ව සිටීම අත්විඳින්න.