21.10.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සෑම රාත්‍රියකදීම ඔබගේ වාර්තාව දෙස බලන අතරදී දිනපොතක්ද තබා ගන්න. එවිට අලාභ ඇති කර නොගැනීම පිළිබඳව ඔබ සැලකිලිමත් වනවා ඇත.

ප්‍රශ්නය:
පෙර කල්පයේ වාසනාවන්ත දරුවන් එක් ක්‍ෂණයකින් ස්පර්ෂ කර ගන්නේ පරම පියාගේ කුමන කරුණද?

පිළිතුර:
දරුවන් වන ඔබට ස්මරණය තබා ගැනීම සඳහා තිබෙන නොයෙකුත් ක්‍රම සෑම දිනකම බාබා කියා දෙනවා. වාසනාවන්ත දරුවන් පමණයි මෙම ස්පර්ෂය ලබන්නේ. ඔවුන් ඒවා පහසුවෙන් පුහුණුවට යොදවනවා. බාබා කියනවා කෙටි කාලයක් සඳහා මල් වත්තකට ගොස් හුදෙකලාව ගත කරන්න. ඉතා සුමිහිරි ලෙස බාබාට කතා කර ඔබගේ වාර්තාව තබා ගන්න. එවිට දිගින් දිගටම ඔබට දියුණුව කරා ලඟා විය හැකි වෙනවා.

ඕම් ශාන්ති.
හමුදාවේ සිටින අයට ප්‍රථමයෙන් විධානයක් දෙනවා සීරුවෙන් සිටින්! පරම පියා දරුවන්ට විධානයක් දෙමින් ඔවුන් ගෙන් මෙසේ අසනවා ඔබ ජීවාත්මයක් යන විශ්වාසය ඔබට තියෙනවාද? ඔබ පරම පියා සිහිපත් කරනවාද? දරුවන්ට කියා තිබෙනවා පරම පියා ඔබට මෙම ඥානය ලබා දෙන්නේ මෙම කාලයේදී පමණක් බව. ඔබට උගන්වන්නේ පරම පියා පමණක් බව. පරමාත්ම දෙවියන් කතා කරයි! ප්‍රධාන දෙය තමයි කවුද පරමාත්ම දෙවියන් කියන්නේ? ඔබට උගන්වන්නේ කවුද? ඔබ විසින් විශේෂයෙන් තේරුම් ගත යුතු හා විශ්වාස කළ යුතු පළමු දෙයත් මෙය තමයි. ඒ වගේම ඔබ අතීන්ද්‍රිය සතුට අත්දැකිය යුතුයි. ඒ අසීමිත පියා හමු වීම පිළිබඳව ඔබ තුළ අසීමිත සතුටක් තිබිය යුතුයි. ඔබගේ උරුමය ලබා දීම සඳහා පරම පියා මෙහි පැමිණ ඔබව හමුවන්නේ එකම එක අවස්ථාවකදී පමණයි. කුමක් සඳහා වූ උරුමයක්ද? ඔහු මීට අවුරුදු 5000 කට ප්‍රථම කළ ආකාරයෙන්ම ඔබට මුළු ලෝකයේම අධිකාරීත්වය නම් වු උරුමය ලබා දෙනවා. පරම පියා පැමිණ සිටිනවා යන ස්ථීර විශ්වාසය තබා ගන්න. ඔහු නැවතත් අපට රාජයෝග උගන්වනවා ඔහු අපට උගන්වනවා. ළදරුවන්ට කිසිම දෙයක් උගන්වන්නේ නැහැ. ’මමා, බාබා‘ යන වචන නිරායාසයෙන් ඔවුන්ගේ කටින් පිටවන්නේ එම වචන නිතරම ඔවුන්ගේ කන වැකෙන නිසයි. මේ තමා ආධ්‍යාත්මික පියා. ජීවාත්මය තුළ තිබෙන්නේ ඇතුලාන්තයෙන් එන, සූක්‍ෂම කුල්මත්භාවයක්. ඉගෙන ගත යුතු වන්නේ ජීවාත්මයයි. ඒ පරම පියා, පරමාත්ම ජීවය තමයි ඥානයෙන් පිරි තැනැත්තා. ඔහු කිසිම දෙයක් අධ්‍යයනය කර නැහැ මෙය ඔහු තුළම වූ ඥානයයි. කුමක් පිළිබඳ ඥානයද? ජීවාත්මයන් වන ඔබලාට මෙය තේරුම් කර ගත හැකියි. බාබා ලඟ මුළු ලෝකයේම මුල, මැද, අග ඥානය තිබෙනවා. ඒ එකම එක ආගම ස්ථාපනය වන්නේ කෙසේද යන්නත්, තවත් බොහෝ ආගම් විනාශ වන අයුරුත් ඔහු දන්නවා. මේ නිසා තමයි ඔහු ජනීජනන්හාර් යන නමින් හඳුන්වන්නේ (සෑම දේම දන්නා කෙනා). ජනීජනන්හාර් යන්නෙහි අර්ථය කුමක්ද? කිසිවෙකුත් මෙය නොදනී. මනුෂ්‍යයෙක් ලෙස ඔබ නිර්මාණය, නිර්මාපක හෝ එහි මුල, මැද හා අග, එය පවත්නා කාල පරිච්ඡේදත්, එය නැවත නැවතත් සිදුවන ආකාරයත් නොදන්නේ නම් එම මනුෂ්‍යභාවයෙන් ඇති ඵලය කුමක්ද? යන මෙම පාඨය අනිවාර්යෙන්ම ලිවිය යුතු බව පරම පියා ඔබට විස්තර කර දී තිබෙනවා. ’නැවතත් සිදුවීම‘ යන වචන ද බොහෝ වැදගත්ය. දිගින් දිගටම මෙහි නිවැරදි කිරීම් සිදු වනවා. ’ගීතාවේ දෙවියන් කවුද?‘ යන මැයෙන් තනා ඇති පිංතූරය පළමු ගණයේ එකකි. මුළු ලෝකයේම නොම්මර එකේ වැරැද්ද මෙයයි. පරම පියා, පරමාත්ම ජීවය ගැන නොදැනීම නිසා ඔවුන් කියනවා සෑම කෙනෙක්ම දෙවියන්ගේ ස්වරූපයක් කියා. පුංචි ළමයෙක්ගෙන් ’ඔයා කාගේ ළමයාද?‘ කියා විමසුවහොත්, ’අහවල් අහවල් තැනැත්තාගේ‘ කියා ඔහු කියාවි. ඉන් පසු ’ඒ අහවල් තැනැත්තා කාගේ දරුවාද?‘ කියා ඇසුවහොත් ’අහවල් අහවල් තැනැත්තාගේ‘ කියා ඔහු කියාවි. අන්තිමේදී ඔහු ’ඒ මගේ දරුවායි!‘ කියා කියාවි. මේ ආකාරයෙන්ම මිනිසුන් පරමාත්ම දෙවියන් නොදන්නා නිසාවෙන් ’මම දෙවියන් වෙමි‘යි කියා කියනවා. ඔවුන් ඔහුට බොහෝ සෙයින් වන්දනාමාන කරන අතර තවමත් ඔවුන් ඔහුව නොදනී. මෙහිදී ’බ්‍රහ්මාගේ රාත්‍රිය‘ යන්න සිහිපත් වනවා. එමනිසා, එය අනිවාර්යෙන්ම බ්‍රහමින්වරුන්ගේත් රාත්‍රිය විය යුතුයි. මේ සෑම කරුණක්ම ධාරණය කර ගත යුතුයි. යෝගාව ඇති දරුවන්ට පමණයි මේවා ධාරණය කර ගත හැකි වන්නේ. ස්මරණය පවා බලයක් ලෙස හැඳින්වෙනවා. ඥානය තමා ඔබගේ ආදායම් ලැබීමේ මාර්ගය වන්නේ. ස්මරණය මඟින් ඔබගේ පාප නැති කරලීම උදෙසා වූ බලය ලබා ගන්නවා. ඔබ ඔබගේ බුද්ධිය පරම පියා සමඟ සම්බන්ධ කළ යුතුය. මෙම කාලයේදී මිස වෙන කිසිම අවස්ථාවක පරම පියා ඔබට මෙම ඥානය දෙන්නේ නැත. පරම පියා හැර වෙන කිසිම කෙනෙකුට මෙම ඥානය දිය නොහැකියි. අනෙක් සෑම එකක්ම භක්ති මාර්ගයට අයත් ආගමික ග්‍රන්ථයක් හෝ අඹන ලද රූපයකි. එය ඥානය ලෙස හැඳින්විය නොහැකිය. මේ ආධ්‍යාත්මික ඥානය තියෙන්නේ බාබාට පමණක් වන අතර ඔහු එය දෙන්නේද බ්‍රහමිණ් දරුවන් වන ඔබට පමණි. වෙන කිසිම කෙනෙකුට ආධ්‍යාත්මික ඥානයක් නැත. ලෝකය පුරා බෝහෝ ආගම්, නිකායන්, ලබ්දීන් ආදිය තිබෙනවා. නොයෙකුත් අදහස් තිබෙනවා. මේ සියලු දේ විස්තර කිරීම සඳහා දරුවන් විසින් ලොකු උත්සාහයක් දැරිය යුතු වෙනවා. කුණාටු බොහෝමයක් පැමිණේවි. ගීතයක් තිබෙනවා මගේ ඔරුව එගොඩ කරන්න! සෑම කෙනෙකුගේම ඔරුව එගොඩ විය නොහැකියි. සමහර ඒවා ගිලී යන අතර තව සමහර ඒවා ජලය මත පාවෙමින් තිබෙනවා. අවුරුදු දෙකක් හෝ තුනක් ගත වීමෙන් පසුවද ඒ ගිලී ගිය බෝට්ටු වලට කුමක් වූයේදැයි කිසිම කෙනෙක් දන්නේ නැහැ. සමහර බෝට්ටු සම්පූර්ණයෙන්ම සුනුවිසුණු වී යනවා. සමහර බෝට්ටු එකම තැනම පල්වෙමින් තිබෙනවා. මේ සඳහා බොහෝ උත්සාහයක් දැරිය යුතු වෙනවා. කෘත්‍රිම ලෙස යෝගා කරන මිනිස්සු සෑම තැනම ඉන්නවා. යෝගා ආශ්‍රම රාශියක් තිබිය නොහැකියි. පරම පියා පමණයි මෙහි පැමිණ ඔබට ආධ්‍යාත්මික යෝගා හි යෙදෙන ආකාරය කියා දෙන්නේ. පරම පියා කියනවා මෙය ඉතා පහසු යෝගා ක්‍රමයක්. මේ තරම් පහසු වෙන කිසිම ක්‍රමයක් සොයා ගත නොහැකියි. ජීවාත්මය ශරීරය තුළට ඇතුළු වී එහි චරිත කොටස රඟපානවා. වැඩිම උපත් සංඛ්‍යාව 84 කි. ඉන්පසු උපත් ගණන ටිකෙන් ටික අඩු වෙනවා. මේ කරුණු සමහර දරුවන්ගේ බුද්ධිය තුළට ඇතුළු වෙනවා. ඔබගේ බුද්ධිය මේවා ධාරණය කර ගන්නේ බොහෝම අපහසුතාවයෙන්. පරම පියා විස්තර කරන පළමුවන දෙය තමයි ඔබ යන ඕනෑම තැනකදී ප්‍රථමයෙන් පරම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. පරම පියාගේ හැඳින්වීම ලබා දෙන විවිධ ක්‍රම සොයා ගන්න. ඔවුන් තුළ මෙම විශ්වාසය තිබෙන විට පමණයි පරම පියා සත්‍යය බව ඔවුන් වටහා ගන්නේ. පරම පියා අනිවාර්යෙන්ම ඔබට කියන්නේ සත්‍යය කුමක්ද යන්න පමණයි. මේ ගැන ඔබ සැක ඇති කර නොගත යුතුයි. උත්සාහය කළ යුතු වන්නේ ස්මරණය සඳහාම වන අතර මායා බොහෝ විරුද්ධවාදී ලෙස පැමිණෙන්නේත් මෙහිදීයි. ඇය නැවත නැවතත් ඔබව ස්මරණය තබා ගැනීමට අමතක කරවනවා. මේ නිසා තමයි බාබා කියන්නේ ඔබගේ වාර්තාව ලියා දක්වන්න! එවිට බාබාත් දකිනවා, ඔබ කෙතරම් දුරට ස්මරණයෙහි යෙදෙනවාද කියා. ඔබෙන් හතරෙන් එකක් වත් වාර්තාවක් ලියන්නේ නැහැ. සමහරු කියනවා මුළු දවස පුරාම මම ස්මරණයෙහි යෙදුණා කියා. බාබා කියනවා එය ඉතා අපහසු දෙයක්. දිවා රාත්‍රී කරදර බාධක වලට මහුණ දෙන අය තමයි දිවා රාත්‍රී ස්මරණයෙහි යෙදෙන්නේ. ’ශිව් බාබා, මම කවදාද මෙම නෑදෑයන්ගෙන් ගැලවෙන්නේ?‘ ජීවාත්මයන් කෑගසනවා ’බාබා, මේ කරදරයෙන් මා නිදහස් වන්නේ කෙසේද?‘ ඔබ බොහෝ සෙයින් ස්මරණයෙහි යෙදෙනවා නම් බාබා වෙත වාර්තා එවිය යුතුය. සෑම රාත්‍රියකදීම වාර්තාව ලිවීමටත් දින පොතක් තබා ගැනීමටත් බාබා උපදෙස් දී තිබෙනවා. දින පොත තබා ගැනීමෙන් අලාභ ඇති කර නොගැනීම පිළිබඳව ඔබ සැලකිලිමත් වෙනවා. බාබා මෙය දැක්කොත් ඔහු කුමක් කියයිද? ඔබ වඩාත් ආදරණිය වූ ආදරවන්තයා සිහිපත් කරන්නේ මෙතරම් කෙටි කාලයක්ද? ඔබ ඔබගේ භෞතික පියාවත් භාර්යාවත් සිහිපත් කරනවා, මාව මෙතරම් කෙටි කාලයක් හෝ සිහිපත් කිරීමට ඔබට නොහැකිද! ඔබගේ වාර්තාව ලියන්න. එවිට ඔබටම ලැජ්ජා වීමට සිදු වේවි. ඔබට පෙනේවි මේ තත්ත්වය මත මට නම් උසස් තත්ත්වයක් ලබා ගන්න බැහැ. මේ නිසා තමයි, ‘ඔබගේ වාර්තාව ලිවිය යුතුයි‘ කියා බාබා විස්තර කරන්නේ. පරම පියා සහ මේ උපත් 84 කින් යුතු චක්‍රයත් සිහිපත් කරන්න, එවිට ඔබට මුළු ලෝකයේම පාලකයන් බවට පත් වීමට හැකි වෙනවා. ඔබ අන් අයවත් මේ තත්ත්වයට පත් කළහොත් පමණයි ඔබගේ සේවකයන්ව ඔබට පාලනය කළ හැකි වන්නේ. මෙම රාජයෝග ඥානය තිබෙන්නේ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන් තත්ත්වයට පත්වීමටයි. මෙය තමයි ඔබගේ ඉලක්කය සහ අරමුණ වන්නේ. ජිවාත්මයක් පෙනෙන්නේ නැහැ. නමුත් එය කුමක්ද කියා තේරුම් ගත හැකියි. මොහු තුළ ජීවාත්මයක් තිබෙන බව තේරුම් ගත හැකියි. ලක්‍ෂ්මී හා නාරායන් රාජ්‍ය අනිවාර්යෙන්ම බිහිවෙනවා. ඔවුන් විශාල උත්සාහයක යෙදුණු නිසා එම ශිෂ්‍යත්වය ලබා ගත්තා. ඔවුන්ට අනිවාර්යෙන්ම සේවකයන් විශාල පිරිසක් සිටිනවා. ඔවුන් උසස්ම වූ තත්ත්වය හිමිකර ගත්තා. ඔවුන් බොහෝ සෙයින් යෝගාහී යෙදුණා විය හැකියි. මේ නිසා තමයි ඔවුන් එසේ ගෞරවයෙන් සමත් වූයේ. ඔබට යෝගා කළ නොහැකි වූවා නම් එයට හේතු සොයා බැලිය යුතුය. ඔබගේ බුද්ධිය ව්‍යාපාර ආදී නොයෙකුත් පැති කරා විහිද ගොස් තිබෙනවා. මේ සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට ඔබ කාලය සොයා ගත යුතුය. කාලය සොයාගෙන ගෙවත්තට ගොස් හුදෙකලාව සිටින්න. ස්ත්‍රීන්ට මෙය කළ නොහැකියි. ඔවුන් නිවස රැකබලා ගත යුතුයි. නමුත් පුරුෂයන්ට මෙය පහසු දෙයක්. මීට ඉහත කල්පයේදී මෙහි සිටි වාසනාවන්ත දරුවන්ට මෙය ඉතා පහසුවෙන් ස්පර්ෂ කළ හැකිය. මේ අධ්‍යාපනය ඉතාමත් හොඳය. සෑම කෙනෙකුටම තියෙන්නේ තමාට අයත් වූ බුද්ධියක්. ඕනෑම අපහසු අවස්ථාවකදි වුවත් ඔබ පරම පියාගෙන් ඔබගේ උරුමය ලබා ගත යුතුයි. බාබා ඔබට මෙම සෑම උපදෙසක්ම දෙනවා. නමුත් දරුවන් ඒවා පිළිපැදිය යුතුය. බාබා දෙන්නේ සාමාන්‍ය උපදෙස් පමණයි. කෙනෙක් පෞද්ගලික දෙයක් සඳහා උපදෙස් ඇසුවහොත් බාබාට එයට උපදෙස් දිය හැකියි. මිනිසුන් උස කඳුකරයක් වෙත වන්දනා ගමන් යන විට මාර්ගෝපදේශකවරුන් ඔවුන්ට අනතුරු අඟවනවා. ඔවුන් එහි යන්නේ බොහෝ අපහසුතාවයකින්. පරම පියා දරුවන්ට ඉතා පහසු මාර්ගයක් කියා දෙනවා. පරම පියාව සිහිපත් කරන්න. ශරීරය ගැන වු සියලු අවධානය අත්හරින්න. පරම පියා කියනවා මා සිහිපත් කරන්න. පරම පියා මෙහි පැමිණ ඥානය දී නැවත යනවා. ජීවාත්මයක් තරම් වේගවත් වු තවත් රොකට්ටුවක් තිබිය නොහැකියි. මිනිස්සු හඳට යාම සඳහා බොහෝ සෙයින් කාලය අපතේ යවනවා. එය නාටකයේ ආකාරයෙන්ම නියම වී ඇති දෙයක්. විද්‍යාවේ කලාව උදව් වන්නේ විනාශය සඳහාය. ඔවුන් ලඟ විද්‍යාව ඇති අතර ඔබ ලඟ තිබෙන්නේ නිහඬතාවයයි. ඔබ ජීවාත්මයක් ලෙස සිතා පරම පියාව සිහිපත් කරන්න. මෙය ගැඹුරු නිහඬතාවයයි. මා වන මෙම ජීවාත්මය ශරීරයෙන් වෙන්වූ කෙනෙක්. මේ ශරීරය පරණ සපත්තුවක්. නයා සහ ඉබ්බාගේ උදාහරණ අයත් වන්නේ ඔබටයි. ඔබ මෙම ඥානය ගායනා කරමින් කුහුඹුවන් වැනි වූ සාමාන්‍ය මිනිසුන් දේවතාවන් බවට පත්කරනවා. ඔවුන් ගිලී සිටින විෂ සාගරයෙන් මුදවා කිරි සයුර වෙත ගෙන යාම ඔබගේ කාර්යයක්. සන්යාසීන් බිලිපුජා හෝ තපස්යා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. භක්ති හා ඥානය තිබෙන්නේ ගෘහ ජීවිතය ගෙන යන අයටයි. සන්යාසීන්ට ස්වර්ණම යුගයකට යන්න අවශ්‍යවන්නේ නැහැ. ඔවුන් මේ කරුණු ගැන දන්නේ මොනවාද? එලෙස හුදෙකලා වී සිටින්නට ඔවුන්ට සිදුවීම නාටකයේම තිබෙන දෙයක්. සම්පුර්ණයෙන්ම උපත් 84 ම ලබා තිබෙන අය නාටකයේ හැටියට දිගටම ඒවි. ඔවුන් දිගින් දිගටම මතු වෙයි. මායා හරිම බලවත්. ඇස් හරිම දූෂිතයි. ඥානය නැමැති තෙවන ඇස ලබා ගත් විට ඔබගේ ඇස් ශිෂ්ට වෙනවා. එතනින් කල්ප භාගයකට ඔවුන් කවදාවත්ම දූෂිත වන්නේ නැහැ. ඔවුන් හරිම රැවටිලි සහගතයි. ඔබ පරම පියාව සිහිපත් කරනා තරමට ඔබගේ භෞතික ඉන්ද්‍රියන් වඩාත් සිසිල් වනු ඇත. එතනින් උපත් 21 කටම භෞතික ඉන්ද්‍රියන්ගෙන් කිසිම වැරදි හැසිරීමක් ඇතිවන්නේ නැහැ. සියලුම භෞතික ඉන්ද්‍රියන් ඉතාමත් සාමකාමී හා සතෝගුණී තත්ත්වයට පත්වෙනවා. ඔබ ශරිර අවධානයට පත් වු විට තමයි ඒවා යක්ෂ තත්ත්වයට පත්වන්න පටන් ගන්නේ. පරම පියා ඔබව ජීවාත්ම අවධාන තත්ත්වයට පත්කරවනවා. ඔබ කල්ප භාගයකටම උරුමය ලබනවා. උත්සාහ දරණා තරමට ඔබ ලබනා තත්ත්වය වඩාත් උසස් වනු ඇත. ජීවාත්ම අවධානයට පත්වන්න උත්සාහ දරන්න. එවිට ඔබගේ භෞතික ඉන්ද්‍රියන්ට ඔබව රැවටීමට නොහැකි වනු ඇත. අවසානය දක්වාම මෙම යුද්ධය පැවතෙනවා. ඔබ ඔබගේ කර්මතීත් තත්ත්වයට පත් වූ විට මෙම යුද්ධය ආරම්භ වේවි. දවසින් දවස එම හඬ පැතිරී ගොස් මිනිස්සු මරණයට වඩාත් බිය වීමට පටන් ගනියි. පරම පියා කියනවා මෙම ඥානය ඇත්තේ සියලු දෙනා සඳහාය. පරම පියාගේ හැඳින්වීම පමණක් ලබා දෙන්න. ජීවාත්ම වන අප සියලු දෙනාම සහෝදරයින්. ඔබ සියලු දෙනාම එකම පරම පියාව සිහිපත් කරනවා. ඔබ කියනවා සත්‍ය වූ පියා. ස්වභාවධර්මය ගැන විශ්වාසය තබා සිටින අයත් ඉන්නවා. කොහොමනමුත්, පරමාත්ම දෙවියන් කියා කෙනෙක් ඉන්නවා. එහෙම නේද? මුක්තිය හා ජීවන් මුක්තිය ලබා ගැනිමේ අරමුණින් මිනිස්සු ඔහුව සිහිපත් කරනවා. සදාකාලික විමුක්තියක් නැහැ. ලෝකයේ ඉතිහාසය භූගෝලය නැවත පැමිණිය යුතුයි. සත් යුගය තිබෙන කාලයේදී එහි තිබුණේ භාරතය පමණක්ය යන්න ඔබ දන්නවා. මිනිස්සු කිසිම දෙයක් දන්නේ නැහැ. ලක්‍ෂ්මී හා නාරායන්ගේ රාජ්‍යයක් එහි තිබුණා. එය අවුරුදු සියයක හෝ දහසක කතාවක් වෙන්න බැහැ. එලෙස අවුරුදු සියයක හෝ දහසක දෙයක් නම් ලෝකයේ ජනගහනය තවත් විශාල වෙයි. පරම පියා කියනවා කලි යුගය දැන් අවසානය වෙත ගමන්කරනා අතරේ සත් යුගය දැන් ස්ථාපනය වෙමින් පැවතෙනවා. කලි යුගය තවමත් එය දනගාන වයසෙහියි සිටින්නේ කියා සිතා සිටින මිනිස්සු එහි කාලපරිච්ජේදය තව බොහෝ අවුරුදු ගණනාවකට ඈතට තිබෙනවා කියා විශ්වාස කරනවා. දරුවන් වන ඔබ දන්නවා චක්‍රය ඇත්තේ අවුරුදු 5000 ක් පමණක් බව. ස්ථාපනය සිදුවන්නේ භාරතයේ. භාරතය දැන් දිව්‍ය ලෝකය බවට පත්වෙමින් තිබෙනවා. අපි දැන් ශ්‍රීමත් අනුගමනය කර එම අධිරාජ්‍යය ස්ථාපනය කරනවා. පරම පියා කියනවා දැන් නිරන්තරව මා පමණක් සිහිපත් කරන්න. ඔවුන්ට කිව යුතු පළමුවන දෙය මෙයයි. පරම පියා කෙරෙහි විශ්වාසය ඇතිවන තුරු ඔවුන් ප්‍රශ්න අසාවි. කිසියම් ප්‍රශ්නයකට ඔවුනට පිළිතුරු නොලැබුණොත් ඔවුන් කියාවි ඔබ කියන්නේ පරමාත්ම දෙවියන් පැමිණ ඔබට උගන්වනවා කියලා නමුත් ඔබත් කිසිම දෙයක් දන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි පළමුවෙන් මේ කාරණය සම්බන්ධයෙන් ස්ථාවර විය යුත්තේ. සියලු ජීවාත්මයන්ගේ පියා වන්නේ ඒකායන කෙනා පමණයි ඔහු තමයි නිර්මාණකරු වන්නේ. විශ්වාසය ඔවුන් තුළ ඇති විය යුතුය. ඔහු අනිවාර්යෙන්ම සංගම් යුගයේදී එනවා. පරම පියා කියනවා මම සෑම යුගයකදීම පැමිණෙන්නේ නැහැ. මම චක්‍රයන්ගේ හමුවීම සිදුවන කාලයේදියි පැමිණෙන්නේ. නව ලෝකයේ නිර්මාණකරු වන්නේ මමයි. චක්‍රය මැදදී මම එන්නේ කොහොමද? පැරණි හා නව යන දෙක මැදදී තමයි මම එන්නේ. ඉතාමත් සුබ වූ උසස් වු සංගම් යුගය කියන්නේ මෙයටයි. ඔබ ඉතා උසස් තත්ත්වයට පත්වන්නේ මෙතනදීයි. ලක්‍ෂ්මී හා නාරායන් සියලු දෙනාට වඩා උසස් වෙති. මෙම අරමුණ සහ ඉලක්කය ඉතාමත් පහසුයි! මෙම ස්ථාපනය දැන් සිදුවෙමින් පවතින බව සෑම දෙනාටම දැනුම් දෙන්න, ඉතාමත් උසස්, යන වචනය අනිවාර්යෙන්ම ඔබ විසින් භාවිත කළ යුතුයි කියා බාබා ඔබට කියා දී තිබෙනවා. මන්ද, මෙම යුගයේදි තමයි පහළ තත්ත්වයේ සිට උසස් තත්ත්වයට පත්වන්නේ. මෙම ප්‍රධාන කරුණු ඔබ කවදාකවත් අමතක නොකළ යුතුයි. කාලපරිච්ඡේදයන්ගේ දින වකවානු ඔබ ලියා තැබිය යුතුය. ඔබගේ අධිරාජ්‍යය ආරම්භ වන්නේ මුලදීමයි. අන් අයගේ රාජ්‍යයන් ආරම්භයේ පටන්ම එන්නේ නැහැ. ඔවුන්ගේ ආගමික නායකයන් පැමිණි කළ පමණයි එහි වර්ධනය සිදුවන්නේ. ඔවුන්ගේ මිලියන ගණනක් බිහි වුණායින් පසුව තමයි අධිරාජ්‍ය ආරම්භ වන්නේ. ඔබගේ අධිරාජ්‍ය සත් යුගයේ ආරම්භයේ පටන්ම ඇරඹෙනවා. සත් යුගයේ අධිරාජ්‍යයන් පැමිණියේ කොහි සිටද යන්න කිසිම කෙනෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැහැ. කලි යුගයේ අවසානයේ දී නොයෙකුත් ආගම් බිහිවෙනවා. ඉතින් එහෙනම්, සත් යුගයේදී එක රාජ්‍යයක් හා එක ආගමක් පමණක් බිහි වන්නේ කෙසේද? දියමන්ති හා මැණික් ඔබ්බවා තැනූ මාලිගා රාශියක් තියෙනවා. පාරාදීසය කියා කියන්න පුළුවන් දෙයක් තමයි භාරතයේ තියෙන්නේ. එය වසර 5000 ක කතාවක්. වසර සිය දහස් ගණනක එකක් නම් කොහොමද හරියට ගණනය කරන්නේ? මිනිස්සු හරිම පටලැවිල්ලකට පත්වෙලා! දැන් මෙය ඔවුන්ට තේරුම් කර දිය හැක්කේ කාටද? තමන් ඉන්නේ යක්ෂ රාජ්‍යයක කියා සිතීමට ඔවුන් කැමති නැහැ. දේවතාවන්ගේ ප්‍රශංසාව නම්, සියලුම ගුණධර්මයන්ගෙන් සම්පූර්ණ, දුර්ගුණ රහිත. ඔවුන් ජීවාත්ම අවධානයෙන් සිටින නිසා ඔවුන් ලඟ දුර්ගුණ පහ නැහැ. එමනිසා, පරම පියා කියනවා ප්‍රධානම දෙය ස්මරණයයි. උපත් 84 ගැනීමෙන් ඔබ අපිරිසිඳු වී සිටින නිසා දැන් නැවතත් ඔබ පාරිශුද්ධ විය යුතුයි. නාටකයේ චක්‍රය මෙයයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඥානය නම් වූ තෙවෙනි ඇස ලබා ගනිමින් ඔබගේ ඇස් ශිෂ්ට කර ගන්න. ඔබගේ සියලුම භෞතික ඉන්ද්‍රියන් සාමකාමී වී සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ වන්නේ බාබාව සිහිපත් කිරීමෙන් පමණි. එමනිසා, මෙම උත්සාහය පමණක් දරන්න.

2. තමන්ගේ වැඩපළ කරන අතර දී පවා හුදෙකලාව බාබාව සිහිපත් කිරීමට කාලය ගන්න. යෝගා කිරීමට නොහැකි වීමට හේතු සොයාගැනීමට උත්සාහ කරන්න. අනිවාර්යෙන්ම ඔබගේ වාර්තාව තබා ගන්න.

වරදානය:
ඔබට විනිශ්චය කිරීමේ බලය සහ පාලන බලය තිබී, නිරන්තර සාර්ථකත්වයේ ප්‍රතිරූපයක් වේවා.

ඕනෑම ලෞකික හෝ ආධ්‍යාත්මික කාර්යයකින් සාර්ථකත්වය ලබා ගැනීමට නම්, ඔබට විශේෂයෙන් පාලන බලය සහ විනිශ්චය කිරීමේ බලය අවශ්‍යයි, මන්ද ජීවාත්ම ඔබත් සමඟ සබැඳියාවකට පැමිණෙන විට, ඒ මිනිසුන්ට අවශ්‍ය කුමක්ද කියා ඔබ ප්‍රථමයෙන් විනිශ්චය කළ යුතුයි. ඔවුන්ගේ නාඩි අල්ලා බලා ඔවුන්ගේ ආශාවන්ට අනුව ඉන්පසුව ඔවුන් තෘප්තිමත් කිරීම සහ ඔබගේ පාලන බලයෙන් සහ විනිශ්චය කිරීමේ බලයෙන් අන් අයට බලපෑමක් කිරීම මෙම බල දෙක ඔබව සේවා ක‍්ෂේත්‍රය තුළ සාර්ථකත්වයේ ප්‍රතිරුවක් කරවයි.

පාඨය:
සර්ව බලධාරී පියාව ඔබගේ සහකරු කරගන්න, එවිට මායා, කඩදාසි කොටියෙක් බවට පත් වෙයි.