24.11.20 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ දුක දරාගනිමින් බොහෝ කාලයක් අපතේ යවා ඇත. ලෝකය දැන් පරිවර්ථනය වෙනවා.
පරම පියාව සිහි කර, සතෝප්‍රධාන් වන්න, එවිට ඔබගේ කාලය වටිනා අන්දමකින් භාවිත වෙයි.
ප්රශ්නය:
උපත් 21 කට
ලොතරැයිය දිනා ගැනීම සඳහා, ඔබ සිදු කළ යුතු උත්සාහය කුමක්ද?
පිළිතුර:
ඔබට උපත් 21 කට ලොතරැයිය දිනා ගැනීමට අවශ්‍ය නම්, බැඳීම් ජයගත්තෙක් වන්න. ඔබව
සම්පූර්ණයෙන්ම පරම පියා වෙනුවෙන් කැප කරන්න. මෙම පැරණි ලෝකය දැන් පරිවර්ථනය වන බව
සහ අපි නව ලෝකයට යනවා, යන අවධානය, සෑම විටෙකම තබා ගන්න. මෙම පැරණි ලෝකය දකින අතරම
එය නොදකින්න. සුදාම කළා මෙන්, ඔබගේ හාල් මිට, වටිනා අන්දමකින් භාවිත කර, ස්වර්ණමය
යුග ආධිපත්‍යය හිමි කර ගන්න.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙතැන අසුන් ගෙන, ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරයි. ’ආධ්‍යාත්මික
දරුවන්’ යනු ජීවාත්ම බවත් ’ආධ්‍යාත්මික පියා’ යනු සියලුම ජීවාත්මයන්ගේ පියා බවත්,
ඔය දරුවන්ට වැටහෙයි. මෙය හැඳින්වෙන්නේ ජීවාත්ම සහ පරමාත්ම ජීවය අතර හමුවක් කියාය.
මෙම හමුවීම සිදුවන්නේ එක් වරක් පමණයි. ඔය දරුවන් මේ සෑම දෙයක්ම දන්නවා. මෙය යම්
අසහාය දෙයකි. ස්වරූපයක් නැති පරමාත්ම පියා, ස්වරූපයක් නොමැති ජීවාත්මයන්ට විස්තර
කරයි. ඇත්ත වශයෙන්ම ජීවාත්මයන්ට ස්වරූපයක් නැති අතර ඔවුන් මෙහි පැමිණි විට,
ස්වරූපයක් ගනී. ඔවුන් තම ස්වරූප තුළින් තමන්ගේ චරිත කොටස් රඟදක්වයි. සෑම කෙනෙක්
තුළම ජීවාත්මයක් ඇත. සියලුම සත්වයන් තුළත් ජීවාත්මයක් ඇත. ඔවුන් සත්ව වර්ග මිලියන
8.4 ක් ගැන පවසන අතර, සියලුම සත්වයන්ද එහි ඇතුලත්ය. බොහෝ සත්වයින් සිටියි. පරම පියා
විස්තර කරන්නේ එම කාරණා වල ඔබගේ කාලය අපතේ නොහරින්න. මෙම ඥානය නොමැති මිනිසුන්
ඔවුන්ගේ කාලය බොහෝ සේ අපතේ හරියි. මෙකල පරම පියා මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට උගන්වන
අතර ඔබ ඉන්පසුව චක්‍රයෙන් භාගයක් ප්‍රතිලාභය අත්වඳියි. එහිදී ඔබට කිසිම අපහසුතාවයක්
ඇති වන්නේ නැත. ඔබගේ කාලය අපතේ යන්නේ දුක දරාගැනීමටයි. මෙහි ඇත්තේ දුකම පමණයි. මේ
නිසයි සෑම කෙනෙක්ම පියා සිහි කරන්නේ අපගේ කාලය දුක් විඳිමින් අපතේ යනවා, එබැවින්
අපව මෙහි සිට රැගෙන යන්න! සතුට විඳිමින් ඔබගේ කාලය අපතේ යන බව ඔබ කිසිදාක නොකියයි.
මෙකල මනුෂ්‍යයින්ට කිසි වටිනාකමක් නැති බවත් ඔබට වැටහෙයි. මිනිසුන් හදිසියේ මිය යන
ආකාරය ඔබට දැක ගත හැක. එක් කුණාටුවකදී බොහෝ මිනිසුන් මිය යයි. රාවණගේ රාජධානියේ,
මිනිසුන්ට වටිනාකමක් නැත. පරම පියා දැන් ඔබට විශාල වටිනාකමක් ලබා දෙනවා.
පැන්සයක්වත් නොවටිනා අයගෙන්, පවුමක් වටින අය බවට, ඔහු ඔබව පරිවර්ථනය කරනවා. මෙසේ
සිහි කර තිබේ දියමන්තියක් වැනි උපතෙහි, වටිනාකමක් කිව නොහැක. මෙකල මනුෂ්‍යයින්
සිප්පි කටු පසු පස හඹා යයි. සමහර විට, ඔවුන් මිලියනපතියන්, කෝටිපතියන් හෝ
බිලියනපතියන් වනවා ඇති ඔවුන්ගේ බුද්ධි සෑම වෙලාවකදීම එහි නියැලී තිබෙයි. ඒ සියල්ලම
අමතක කර දමා, ඒකායන පියාව සිහි කරන ලෙස ඔවුන්ට පැවසුවත්, ඔවුන් එය පිළිගන්නේ නැත.
පෙර චක්‍රයේදී තම බුද්ධියේ මෙය සනිටුහන් වූ අයගේ බුද්ධියේ පමණක් මෙය සනිටුහන් වෙයි.
එසේ නැත්නම්, ඔබ කොතරම් විස්තර කළද, එය ඔවුන්ගේ බුද්ධියේ තැන්පත් නොවනු ඇති. මෙම
ලෝකය පරිවර්ථනය වන බව, ඔබ අංක පිළිවෙලට දන්නවා. ඔබ පිටත දැන්වීම් පුවරුවක, ලෝකය
පරිවර්ථනය වන බව ලියා තිබුණත්, ඔබ ඔවුන්ට විස්තර කරන තුරු, ඔවුන්ට මෙය නොවැටහෙයි.
හොඳයි කෙනෙක් මෙය වටහා ගත් පසු, ඔබ ඔහුට මෙය විස්තර කළ යුතුයි පරම පියා සිහිපත් කර,
සතෝප්‍රධාන් වන්න. ඥානය ඉතාමත්ම පහසුයි. මෙය සූර්ය පෙළපතයි, මෙය චන්ද්‍ර පෙළපතයි...
යනාදී වශයෙන්. ලෝකය දැන් පරිවර්ථනය වන අතර, එය පරිවර්ථනය කරන්නේ ඒකායන පියායි. ඔබ
මෙය නිවැරදිව දන්නා අතර, එයද ඔබ දරන උත්සාහයට අනුව අංක පිළිවෙලටයි. මායා ඔබට උත්සාහ
දැරීමට ඉඩ නොදෙයි, එවිට නාටකයට අනුව, ඔබට එතරම් උත්සාහ දැරිය නොහැකි බව, ඔබ
වටහාගනී. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ තමන් වෙනුවෙන් මෙම ලෝකය පරිවර්ථනය කරන බව ඔය
දරුවන් දැන් දන්නවා. ශ්‍රීමත් ලැබෙන්නේ එක් ශිව බාබාගෙන්ය. ’ශිව බාබා, ශිව බාබා’
යැයි කීම ඉතාමත්ම පහසුයි. ශිව බාබාව හෝ උරුමය ගැන වෙනත් කිසිවෙක් නොදනී. ’බාබා’ යනු
උරුමයක්. සත්‍ය ශිව බාබා සිටිය යුතුයි. මෙකල, ඔවුන් නගරාධිපතිටත් ’පියා’ ලෙස අමතයි.
ඔවුන් ගාන්ධිටත් ’පියා’ කියා අමතයි. ජගත්ගුරු ලෙසද කෙනෙක් අමතයි, ඉන් කියැවෙන්නේ එම
තැනැත්තා මුළු ලෝකයේම ගුරු බවයි. සියල්ලන්ට පාරිශුද්ධකරු සහ විමුක්තිය පිරිනමන්නා
වන්නේ ඒකායන පියා බැවින්, කිසිම මනුෂ්‍යයෙකුට එය විය නොහැක. පරම පියා අශාරීරිකයි
එසේ නම් ඔහු ඔබට විමුක්තිය ලබා දෙන්නේ කෙසේද? ලෝකය පරිවර්ථනය වනවා, එබැවින් ඔහු
නිසැකයෙන්ම රඟපෑමට මෙහි පැමිණෙයි. ඔබට මේ පිළිබඳව අවධානයක් තිබෙන්නේ එවිට පමණයි.
ලෝකය මුළුමනින්ම ශුන්‍ය වී, පරම පියා ඉන්පසුව නව ලෝකය නිර්මාණය කරනවා නොවෙයි.
ග්රන්ථ වල ඔවුන් පෙන්වා ඇත්තේ විශාල නිරුද්ධියක් සිදු වී ඉන්පසුව බෝ පත්‍රයක් මත
ක්‍රිෂ්ණා පාවෙමින් එන අයුරුයි. කෙසේවෙතත්, එය එසේ නොවන බව පරම පියා විස්තර කර
දෙයි. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවත ඒ ආකාරයෙන්ම සිදුවන බව සිහි කර ඇති බැවින්,
සම්පූර්ණ ශුන්‍ය වීමක් සිදු විය නොහැක. පැරණි ලෝකය දැන් පරිවර්ථනය වන බව ඔබගේ හදවත්
වල ඇත. මේ සියලුම දේවල් පැමිණ විස්තර කරන්නේ පරම පියා පමණයි. ලක්ෂ්මි සහ නාරායන්
නව ලෝකයේ අධිපතියන්ය. පැරණි ලෝකයේ අධිපති වන්නේ රාවණ කියා ඔවුන් පිංතූර වල පෙන්වා
ඇත. රාමාගේ රාජධානිය මෙන්ම රාවණගේ රාජධානියද සිහි කර ඇත. බාබා, පැරණි රකුසු ලෝකය
අවසන් කර, නව දිව්‍යමය ලෝයේ ස්ථාපනය දිරිගන්වන බව, ඔබගේ බුද්ධිය තුළ තිබේ. පරම පියා
පවසන්නේ මා සැබවින්ම කවුරුන්ද හෝ මා කුමක්ද කියා දන්නා අය නොසිටින තරම්ය. ඔබ දරන
උත්සාහයට අනුව අංක පිළිවෙලට, ඔබ මාව හඳුනනවා. ඉතාමත්ම හොඳින් උත්සාහ දරන අයට බොහෝ
කුල්මත්භාවයක්ද තිබේ. සිහිපත් කිරීමේ සිටීමට උත්සාහ දරන අයට සැබෑ කුල්මත් බව තිබේ.
ඔබ උපත් 84 හි චක්‍රය පිළිබඳ ඥානය විස්තර කරන විට, සිහිපත් කිරීමේ වන්දනාවේ සිටින
විට ඔබ ලබන තරම් කුල්මත්භාවයක් අත්විඳින්නේ නැත. ප්‍රධානතම දෙය වන්නේ පිවිතුරු
වීමය. මිනිසුන් කන්නලව් කරන්නේ පැමිණ අපව පිවිතුරු කරන්න! පැමිණ අපට ලෝකයේ
ආධිපත්‍යය ලබා දෙන්න කියා, ඔවුන් පවසන්නේ නැත. ඔබ භක්ති මාර්ගයේ බොහෝ කතාපුවත් වලට
සවන් දෙයි. මෙය සත්‍ය නාරායන්ගේ සත්‍ය කතාපුවතයි. ඔබ උපතින් උපතට එම කතා අසමින්
සිටි අතර අඛණ්ඩව පහළට පැමිණියා. ආගමික කතාපුවත් වලට සවන් දීමේ ක්‍රම වේදය තිබෙන්නේ
භාරතයේ පමණයි. වෙනත් දේශ වල එවන් කතාපුවත් නැත. භාරතය ධාර්මිෂ්ඨ බව ඔවුන් සලකයි.
භාරතයේ බොහෝ පූජස්ථාන තිබේ. ක්‍රිස්තියානුවන්ට තිබෙන්නේ එක් පල්ලියක් පමණයි. මෙහි
බොහෝ විවිධ මාදිලියේ පූජස්ථාන ඇත. එක් අයගේ නම පමණක් තිබිය යුතු නමුත්, මෙහි බොහෝ
නම් තිබේ. මෙහි පූජස්ථාන දැක බලා ගැනීමට විදෙස් රටවල් වලින් මිනිසුන් පැමිණෙයි.
පෞරාණික භාරතය තිබුණේ කුමන ආකාරයකින්ද කියා එම අසරණ මිනිසුන්ට වැටහෙන්නේ නැත. වසර
5000 කට වඩා පැරණි කිසිවක් නැත. ඔවුන් සිතන්නේ වසර සිය දහස් ගණනකට වඩා පැරණි දෙයක්
ඔවුන්ට හමු වී ඇති බවයි. පරම පියා විස්තර කරන්නේ පූජස්ථාන ආදියේ ඇති පිංතූර පැවති
ඇත්තේ වසර 2500 ක් පමණයි. ආරම්භයේදී ශිවාගේ වන්දනාව පමණක් තිබුණි එය අමිශ්‍ර
වන්දනාවයි. ඒ අන්දමින්ම අමිශ්‍ර ඥානයද තිබේ. පළමුව අමිශ්‍ර වන්දනාව තිබෙන අතර, පසුව
මිශ්‍ර වන්දනාව තිබෙයි. දැන් බලන්න, ඔවුන් ජලය, පස් ආදියට වන්දනා කරන ආකාරය දෙස!
අසීමිත පියා පවසන්නේ ඔබ භක්ති මාර්ගයේ බොහෝ ධනය අපතේ හැරියා. බොහෝ ග්රන්ථ මෙන්ම
බොහෝ පිංතූර තිබේ. බොහෝ විවිධ ගීතාවන් ඇති. ඒ සියල්ල වෙනුවෙන් බොහෝ වියදම්
කිරීමෙන්, බලන්න ඔබ පත්ව ඇති තත්ත්වය දෙස! ඊයේ මම ඔබව ද්විත්ව ඔටුනු පළන් අය බවට
පත් කළා දැන් ඔබ බොහෝ සෙයින් දුගී වී සිටියි. එය පෙර දිනය (ඊයේ) ගැන කාරණාවක්
පමණයි. ඔබ සැබවින්ම උපත් 84 හි චක්‍රය වටා ගොස් ඇති බවද ඔබට වැටහෙයි. අපි දැන්
නැවතත් එය බවට පත් වෙමින් සිටිනවා. අප බාබාගෙන් අපගේ උරුමය හිමි කරගනිමින් සිටිනවා.
බාබා නැවත නැවතත් ඔබට උත්සාහ දැරීමට දිරිමත් කරයි. ’මන්මනභව’ යන ව්‍යවහාරයද ගීතාවේ
සඳහන් කර ඇත. එහි ඇතැම් වචන නිවැරදි. එහි කියැවෙන්නේ එය පැවතුණා කියා. දේවතා ධර්මය
දැන් නොපවතින නමුත් එහි ප්‍රතිමා තිබේ. බලන්න, ඔවුන් ඔබගේ සිහිවටනය කෙතරම් හොඳින්
සාදා තිබේද කියා. ඔබ දැන් නැවත වරක් ස්ථාපනය සිදු කරන බව, ඔබට වැටහෙයි. ඉන්පසුව,
භක්ති මාර්ගයේදී අපගේ නිවැරදි සිහිවටන ගොඩනැගෙයි. භූමිකම්පාවක් සිදු වන විට, සෑම
දෙයක්ම විනාශ වන අතර, සෑම දෙයක්ම අළුතින් ගොඩනැගිය යුතුයි. එහි සියලුම කුසලතා තිබේ.
දියමන්ති ඔප මට්ටම් කිරීමේ කුසලතාවයද තිබේ. මෙහිද මිනිසුන් දියමන්ති ඔපමට්ටම් කර
ඉන්පසුව ඉන් අභරණ සාදයි. දියමන්ති ඔපමට්ටම් කරන අය ඉතාමත්ම ප්‍රවීණයි. ඔවුන්
ඉන්පසුව එහි යයි. මේ සියලුම කුසලතාවයන්ද එහි යයි. එහි බොහෝ සතුට තිබෙන බව ඔබ
දන්නවා. එය ලක්ෂ්මි සහ නාරායන්ගේ රාජධානිය විය. එහි නාමයම වන්නේ දෙව්ලොවයි, එය
සියයට සීයක් සමෘද්ධිමත්ය. එය දැන් දියාරු වී ගොසින්ය. ආභරණ පැළඳීමට භාරතයේ ලොකු
විලාසිතාවක් තිබේ එය මතක ඇති කාලයක සිට පැවතෙන්නක්. එබැවින් ඔය දරුවන්ට විශාල
සතුටක් තිබිය යුතුයි. මෙම ලෝකය පරිවර්ථනය වන බව ඔබ දන්නවා. දිව්‍ය ලෝකය නිර්මාණය
වෙමින් තිබෙනවා, එබැවින් ඒ සඳහා අපි අනිවාර්යෙන්ම පාරිශුද්ධ විය යුතුයි. අපි
දිව්‍යමය ගුණධර්මද ධාරණය කරගත යුතුයි. මේ නිසයි බාබා පවසන්නේ අනිවාර්යෙන්ම ඔබගේ දින
වාර්තාව සටහන් කරන්න. ජීවාත්මය වන මා, කිසියම් රකුසු ක්‍රියාවක් සිදු කළාද? තමන්
ජීවාත්මයක් බව ස්ථීරවම සලකන්න. මෙම ශරීරය තුළින් මා යම් පාපකාරී ක්‍රියාවක් සිදු
කළාද? මා එසේ කර තිබේ නම්, මාගේ වාර්තාව පළුදු වනු ඇත. උපත් 21 ක් සඳහා ලොතරැයිය
මෙයයි. තවද මෙය තරඟයකි. අශ්ව තරඟ ඇත. මෙයට කියන්නේ, ස්ව ආධිපත්‍යය ලබා ගැනීම සඳහා,
අශ්වයා බිලි දෙන, යාග ගින්න කියාය. එනම් ඔය ජීවාත්ම තරඟයේ දිව යා යුතුයි. ඔබ දැන්
ආපසු නිවහනට යා යුතුයි. එයට සුමිහිරි නිහඬ නිවහන කියාද කියයි. ඔබ දැන් මෙම වදන් වලට
සවන් දෙනවා. පරම පියා පවසන්නේ දරුවනි, දැන් බොහෝ උත්සාහ දරන්න. ඔබට රාජධානියක් හිමි
වෙනවා, එය සුළුපටු දෙයක් නොවෙයි. මම ජීවාත්මයක් වන අතර, මා මෙපමණ උපත් ගණනක් ගෙන
ඇත. පරම පියා පවසන්නේ ඔබගේ උපත් 84 දැන් අවසන් වනවා. දැන් ඔබ ආපසු පළමුවන අංකයේ සිට
ආරම්භ කළ යුතුයි. නව මාලිගාවන් වල අසුන් ගන්නේ අනිවාර්යෙන්ම ඔය දරුවන්ය. ඔබ පැරණි
ඒවායේ අසුන් ගන්නේ නැත. ඔබ පැරණි ඒවායේ සිට, අළුත් ඒවා කුලියට දෙන්නේ නැත. ඔබ
වැඩියෙන් උත්සාහ දරන තරමට අනුව, ඔබ නව ලෝකයේ අධිපතියන් වනවා ඇති. අළුත් නිවසක්
ගොඩනැගෙන විට, හදවතේ ආශාව වන්නේ, පැරණි එක අතහැර ගොස් අළුත් එකේ අසුන් ගෙන
සිටීමටයි. පියා දරුවන්ට නව නිවසක් තනන්නේ, පළමු එක පැරණි වූ විට පමණයි. එහි එය
කුලියට දීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඒ මිනිසුන් හඳේ ඉඩම් කැබැල්ලක් ලබා ගැනීමට වෙර
දරන ආකාරයෙන්ම, ඔය දරුවන් දිව්‍ය ලෝකයේ ඔබගේ ඉඩම් කැබැල්ල හිමි කරගන්නවා. ඔබට
වැඩියෙන් යෝගාව සහ ඥානය තිබෙන තරමට, ඔබ වැඩියෙන් පිවිතුරු වෙයි. මෙය රාජ යෝගාවයි
ඔබට බොහෝ සේ විශාල රාජධානියක් ලැබෙනවා! මිනිසුන් ඉඩම් කැබැල්ලක් සොයමින් හඳට යන
විට, ඒ සියල්ලම නාස්තියකි. ඔබට දැන් සතුට ගෙන දෙන මෙම දේවල්, පසුව විනාශය සිදු කර,
ඔබට දුක ගෙන දෙයි. ඔබ තව තව දියුණු වත්ම, හමුදාවන් අඩුවෙයි. සෑම දෙයක්ම බෝම්බ මඟින්
සැනෙකින් සිදුවෙයි. මෙම නාටකය පෙර නියම වූවක් වන අතර, නිවැරදි වෙලාවේදී, හදිසියේම
විනාශය සිදුවෙයි. එවිට සොල්දාදුවන් ආදීන් මිය යයි. ඔබ දැන් සුරඟනාවන් වෙමින්
සිටිනවා. විනාශය සිදුවන්නේ ඔබ වෙනුවෙන් බව, ඔබ දන්නවා. පැරණි ලෝකය අවසන් වීම,
නාටකයේ කොටසයි. සෑම කෙනෙක්ම කරන කුමන හෝ ක්‍රියා තිබේද, ඔහුට ඒ අනුව දුක් විඳින්නට
සිදුවෙයි. නිදසුනක් ලෙස, සන්යාසීන් හොඳ ඇති, එනමුත් ඔවුන් උපදින්නේ ගෘහවාසීන්ටය.
ඔබට උසස් උපතක් ලැබෙන්නේ ස්වර්ණමය යුගයෙදී පමණයි, නමුත් එයද වන්නේ ඔබගේ සංස්කාර වලට
අනුවයි. ඔබ දැන් එම සංස්කාර නව ලෝකයට රැගෙන යනවා. ඔබ අනිවාර්යෙන්ම භාරතයේ උපදියි.
ඔබ එවන් ක්‍රියා සිදු කරන බැවින්, ඔබ ඉතා යහපත්, ධාර්මික- සිතිවිලි ඇති මිනිසුන්ට
උපත ලබයි. ඔබගේ සංස්කාර වලට අනුව ඔබ උපතක් ගනී. ඔබ ගොස් ඉතාමත්ම උසස් වංශයක උපත
ලබයි. ඔබ මෙන් ක්‍රියා සිදුකරන වෙනත් අය නොමැත. ඔබගේ උපත, ඔබගේ ඉගෙනුම සහ ඔබ කර ඇති
සේවයට අනුව සිදුවෙයි. බොහෝ දෙනෙක් මිය යා යුතුව ඇත. ඔබව ලැබෙන්නට සිටින අය, කල්
තියාම යයි. පරම පියා විස්තර කරන්නේ මෙම ලෝකය දැන් පරිවර්ථනය වෙමින් පවතිනවා. පරම
පියා ඔබට දර්ශන ලබා දී තිබෙනවා. බාබා, ඔබට ඔහුගේම නිදසුන ගැන පවසයි. ඔහු උපත් 21 කට
රාජධානියක් ලබා ගැනීමට යන බව දුටු බැවින්, ඔහු මෙසේ සිතුවා එය සමඟ සසඳන විට, මේ
මිලියන එක හෝ දෙක කුමක්ද? පළමුවන කෙනාට (ඇල්ෆා) ආධිපත්‍යය ලැබුණු අතර, දෙවැන්නාට
(බීටා) ’බූරුකම’ ලැබුණා. ඔහුගේ හවුල්කරුට කැමති දෙයක් ගන්නට කියා ඔහු පැවසුවා.
අපහසුතාවයක් නොවීය. ඔබට බාබාගෙන් ලැබෙන්නේ කුමක්ද කියා, ඔය දරුවන්ට පවසා තිබේ. ඔබට
දිව්‍ය ලෝකයේ රාජධානිය ලැබෙනවා! හැකිතාක් මධ්‍යස්ථාන දිගටම විවෘත කරන්න. ඔබ බොහෝ
දෙනෙකුට සෙත සැලසිය යුතුයි. ඔබ උපත් 21 කට ආදායමක් උපයමින් සිටිනවා. මෙහි බොහෝ
මිලියනපතින් සහ බිලියනපතීන් සිටිනවා. ඔවුන් සියල්ලන්ම යාචකයන්ය. බොහෝ දෙනෙක් ඔබ
වෙතට පැමිණෙයි. බොහෝ අය ප්‍රදර්ශන වලට පැමිණෙනවා පුරවැසියන් නිර්මාණය නොවනවා කියා
නොසිතන්න. බොහෝ පුරවැසියන් නිර්මාණය වෙනවා. මෙය ඉතා හොඳ බව බොහෝ දෙනෙක් පවසන නමුත්,
ඔවුන්ට කාලය නොමැති බව පවසයි! ටිකක් ඇසීමෙන්ම ඔවුන් පුරවැසියන්ගෙන් කොටසක් බවට
පත්වෙයි. මෙම අවිනාශි ඥානය කිසිදාක විනාශ වන්නේ නැත. බාබාගේ හැඳින්වීම ලබා දීම,
සුළුපටු දෙයක් නොවෙයි. සමහරුන්ගේ හිරි ගඩු පිපෙයි. කෙනෙකුට උසස් තත්ත්වයක් හිමි
කරගැනීමට උවමනා වන්නේ නම්, ඔහු උත්සාහ දැරීමේ තමන්ව කාර්ය බහුල කරගනීවි. බාබා කිසි
කෙනෙක් ගෙන් ධනය ගන්නේ නැත. පොකුණ සැදෙන්නේ දරුවන්ගේ සෑම බිංදුවකින්ය. සමහරුන් එක
රුපියලක් එවයි බාබා මගේ නමින් එක් ගඩොලක් භාවිත කරන්න. සුදාමගේ හාල් මිටෙහි
වර්ණනාවද තිබේ. බාබා පවසන්නේ මේවා ඔබට දියමන්ති සහ මුතු මැණික් මෙනි. සෑම කෙනෙකුගේම
ජීවිතය, දියමන්තියක් මෙන් වෙයි. ඔබ මෙය නිර්මාණය කරන්නේ අනාගතය වෙනුවෙනි. ඔබගේ
භෞතික ඇස් වලින් දකින සෑම දෙයක්ම, පැරණි ලෝකයේ කොටසක් බව, ඔබ දන්නවා. මෙම ලෝකය දැන්
පරිවර්ථනය වනවා. ඔබ දැන් අමරණීය දේශයේ අධිපතියන් බවට පත් වනවා. ඔබ අනිවාර්යෙන්ම
බැඳීම් ජයගන්නන් බවට පත් විය යුතුයි. ඔබ කියමින් සිටියේ බාබා, ඔබ පැමිණි විට, අප ඔබ
වෙනුවෙන් කැප වන්නෙමු. එබැවින් මෙය හොඳ ගනුදෙනුවක් නොවෙයිද? ඔහුට මෙවැනි නම් ලබා දී
ඇත්තේ මන්ද කියා, මිනිසුන් නොදනී ව්‍යාපාරිකයා, මැණික් වෙළෙන්දා සහ විජ්ජාකරු. ඔහු
මැණික් වෙළෙන්දාය සෑම අවිනාශී ඥානයේ මැණිකක්ම, වටිනාකමක් කිව නොහැකි තරමේ, වැකියකි.
රුප් සහ බසාන්ට්හි කතාව පදනම් වී ඇත්තේ මෙය මතයි. ඔබ රුප් මෙන්ම බසාන්ට්ද වෙයි.
අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ සිරුර
තුළින් දැන් කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකරන්න. ඔබගේ දින වාර්තාව පළුදු වන
අන්දමේ කිසිම රකුසු ක්‍රියාවක් සිදු නොකරන්න.
2. එක් පියාගේ සිහිපත් කිරීමේ කුල්මත්භාවය රඳවා ගන්න. පාරිශුද්ධත්වයට පත්වීමේ
ප්‍රධානතම උත්සාහය, අනිවාර්යෙන්ම සිදු කරන්න. සිප්පි කටු පසුපස හඹා ගොස් ඔබගේ වටිනා
කාලය අපතේ නොහරින්න, නමුත් ශ්‍රීමත් අනුගමනය කර, ඔබගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත්
කරගන්න.
වරදානය:
ඔබ
ස්ව-පරිවර්ථකයෙක් වීමෙන් සැබෑ රත්තරං වී, තමන්ව හැඩගැසීමෙන් සෑම කාර්යයකින්ම
සාර්ථකත්වය ලබා ගනිත්වා.
සෑම අවස්ථාවකදීම
තමන්ව පරිවර්ථනය කර ස්ව-පරිවර්ථකයන් වන අය, සෑම විටම සාර්ථකත්වය ලබා ගනී, ඔබ තමන්ව
පරිවර්ථනය කරගැනීමේ අරමුණ තබා ගත යුත්තේ මේ නිසයි. අන් අය වෙනස් වූ විට ඔබ වෙනස්
වනවා නොවෙයි අන් අය වෙනස් වුණත් නැතත්, මා වෙනස් විය යුතුයි. මා අර්ජුනා විය
යුතුයි. පරිවර්ථනය ගෙන ඒමේදි, මා සෑම විටම පළමුවෙන් සිටිය යුතුයි. මෙහිදි ප්‍රථම
තැන ගන්නා අය අංක එක හිමි කරගනී, මන්ද තමන්ව හැඩගසා ගන්නා අය, සැබෑ රත්තරංය.
වටිනාකමක් ඇත්තේ සැබෑ රත්‍රං වලට පමණයි.
පාඨය:
ඔබගේ ශ්‍රේෂ්ඨ
ජීවිතයේ ප්‍රායෝගික සාක්ෂියෙන්, පරම පියාව හෙළිදරව් කරන්න.