13.12.20    Avyakt Bapdada      Sinhala Murli     18.03.87    Om Shanti    Madhuban


සත්‍ය ආධ්‍යාත්මික පෙම්වතෙකුගේ ලක‍්ෂණ.


අද දින, ආධ්‍යාත්මික පෙම්බරා, ඔය ජීවාත්ම, ඔහුගේ ආධ්‍යාත්මික පෙම්වතුන්ව, මුණ ගැසීමට ඇවිත්. ආධ්‍යාත්මික පෙම්බරා සහ ආධ්‍යාත්මික පෙම්වතුන් අතර හමුව, මුළු කල්පයටම සිදුවන්නේ මෙකල පමණයි. ඔහුගේ පෙම්වතා වන සහ ආධ්‍යාත්මික ආකර්ෂණයෙන් ආකර්ෂණය වී ඇති මෙන්ම, ඔහුගේ හෝ ඇගේ සත්‍ය පෙම්බරා හැඳිනගෙන ඔහුව ලබා ගෙන ඇති, සෑම සියලු ජීවාත්මයක්ම දැකීමට බාප්දාදා සතුටු වනවා. තවද අතරමංව සිටි ඔය පෙම්වතුන් දැක, ඔබ නැවත වතාවක් ඔබගේ නිවැරදි ගමනාන්තයට ලඟා වීම ගැන පෙම්බරා සතුටු වනවා. සියලුම ලැබීම් ඔබට අත්විඳීමට මඟපෑදිය හැකි වෙනත් පෙම්බරයෙක් ඔබට සොයා ගැනීමට නොහැකි වෙයි. ඔහුගේ ආධ්‍යාත්මික පෙම්වතුන් හමුවීම සඳහා, ආධ්‍යාත්මික පෙම්බරා පැමිණෙන්නේ කොහාටද? ඔය පෙම්වතුන් සහ පෙම්බරා උසස් වන සේම ඔහු ඔබව මුණ ගැසීමට පැමිණෙන්නේද උසස් ස්ථානයකටයි. ඔබ හමුවක් සමරන මෙම ස්ථානය කුමක්ද? ඔබට අවශ්‍ය ඕනෑම නමකින් ඔබට මෙම ස්ථානය හැඳින්විය හැක. සාමාන්‍යයෙන්, සියලු දෙනාම ප්‍රිය කරන හොඳම මුණගැසීමේ ස්ථාන මොනවාද? සාමාන්‍යයෙන් හමුවීමක් සිදුවන්නේ, මල් උයනක හෝ ඔබ මුහුදු වෙරළ ලෙස හඳුන්වන, සාගර වෙරළකයි. එසේ නම් ඔබ දැන් අසුන්ගෙන සිටින්නේ කොහිද? ඔබ අසුන්ගෙන සිටින්නේ ඥාන සාගරයේ වෙරළේ, ආධ්‍යාත්මික හමුවීම් ස්ථානයක. එය ආධ්‍යාත්මික සහ දේවමය උද්‍යානයක්. ඔබ සියලු දෙනාම වෙනත් බොහෝ විවිධ අන්දමේ උද්‍යාන දැක තිබේ, නමුත් මෙය, සෑම මලක්ම අනෙකට වඩා පිපුණු උයනක් වන අතර සෑම මලක්ම එයටම අයත් ලස්සන සුවඳක් ලබා දෙනවා. පෙම්බරා වන බාප්දාදා, ඔහුගේ පෙම්වතුන් මුණ ගැසීමට එන්නේ, මෙම මුහුදු වෙරළටයි. බොහෝ තිබෙන එම මුහුදු වෙරළවල් ඔබ දැක තිබෙන නමුත් සෙනෙහසේ සහ බලයේ විවිධ රළ මෙන්ම, ඥාන සාගරයේ වෙනත් විවිධ රළ නිරන්තරයෙන් ඔබව නැවුම් කරන මුහුදු වෙරළක් ඔබ කිසිදාක දැක තිබෙනවාද? ඔබ මේ ස්ථානයට කැමති නේද? පිරිසිඳුකම මෙන්ම විනෝදයත් තිබේ. සුන්දරත්වයද තිබේ. එතරම්ම ලැබීම්ද තිබේ. ඔය පෙම්වතුන්ගේ විනෝදය වෙනුවෙන් පෙම්බරා බොහෝ විශේෂ ස්ථානයක් නිර්මාණය කර ඇති අතර ඔබ සෙනෙහසේ රේඛාව (මායිම) තුළට පැමිණි සැනින්, ඔබ බොහෝ විවිධ අන්දමේ උත්සාහ දැරීමෙන් නිදහස ලබයි. ස්වභාවික සිහිපත් කිරීම යන විශාලතම උත්සාහය, ඉතා පහසු බව ඔබ අත්දකියි. වෙනත් කුමන උත්සාහ වලින්ද ඔබව නිදහස් කෙරෙන්නේ? ඔබගේ ලෞකික රැකියා වලින් ඔබව නිදහස් කරනවා. ඔබව කෑම පිසීමෙන්ද නිදහස් කෙරෙනවා. ඔබට නිම කරන ලද සෑම දෙයක්ම ලැබෙනවා නේද? සිහිකිරීම ස්වභාවික බවද ඔබ අත්දකියි. ඔබගේ ඒප්‍රනද ඥාන මිණි මුතු වලින් නොකඩවා පිරෙයි. ඔබව උත්සාහ දැරීමෙන් නිදහස් කර සෙනෙහසේ ගැලී සිටින, එවන් තැනකට ඔබ පැමිණෙනවා.

සාමාන්‍යයෙන්, සෙනෙහසේ විශේෂ ලක‍්ෂණය වන්නේ, දෙදෙනා දෙදෙනෙක් ලෙස තව දුරටත් නොසිට, දෙදෙනා එකට මුසුවී එක්කෙනෙක් බවට පත් වීමයි. මෙය එකට මුසුවීම ලෙස හැඳින්වෙයි. සෙනෙහසේ ගිලී සිටින මෙම අවස්ථාව, මුසුවීම හෝ එකමුතු වීම ලෙස බැතිමතුන් ගෙන ඇත. සෙනෙහසේ මුසුවී සිටීමේ අරුත, ඒ මිනිසුන්ට වැටහෙන්නේ නැත. සෙනෙහසේ මුසුවී සිටින ස්ථීතිය තිබෙන නමුත්, ඔවුන් එහි අරුත ලෙස ගෙන ඇත්තේ, ජීවාත්ම වල අනන්‍යතාවය සදාකාලයට අවසන් වන බවයි. මුසුවීම යනු, සමාන වීමය. ඔබ පරම පියාව සහ ආධ්‍යාත්මික පෙම්බරාව මුණ ගැසෙන අතර ඔබ සෙනෙහසේ මුසු වී සිටින විට, ඔබ පියාට සමාන වීම අත්දකියි, එනම්, ඔහු සමඟ මුසු වීම. බැතිමතුන් මෙම අවස්ථාව, මුසුවීම ලෙස හඳුන්වා තිබේ. ඔබ ගිලී සිටියි, එමෙන්ම ඔබ මුසු වෙයි. කෙසේවෙතත් මෙය, ඔහුව මුණගැසෙන විට, සෙනෙහසේ ගිලී සිටීමේ අවස්ථාව අත්විඳීමය. ඔබට වැටහෙනවාද? එබැවින් බාප්දාදා ඔහුගේ පෙම්වතුන්ව දකිනවා.

සැබෑ පෙම්වතෙක් යනු නිරන්තර පෙම්වතෙක්, ස්වභාවික පෙම්වතෙක් වන කෙනෙකි. සැබෑ පෙම්වතුන් වන අයගේ විශේෂතාද ඔබ දන්නවා. කෙසේවෙතත්, ඔවුන්ගේ ප්‍රධාන ලක‍්ෂණ වන්නේ

පළමු ලක‍්ෂණය කාලයට අනුව ඒකායන පෙම්බරා සමඟ සියලු සම්බන්ධතා අත්විඳීම. පෙම්බරා එක්කෙනෙක් පමණයි, නමුත් ඔබට ඒකායන කෙනා සමඟ සියලු සම්බන්ධතා තිබේ. ඔබට අවශ්‍ය ඕනෑම සම්බන්ධතාවයක් සහ යම් විශේෂිත වෙලාවක ඔබට අවශ්‍ය කුමන සම්බන්ධතාවයද, සෙනෙහසේ වගකීම ඉටු කිරීමෙන් ඔබට ඒ සම්බන්ධතාවය අත්විඳිය හැක. එසේ නම් පළමු ලක‍්ෂණය වන්නේ සියලු සම්බන්ධතා අත්විඳීමයි. එක සම්බන්ධතාවයක් පමණක් නොවෙයි, ’සියලු’ යන වචනයට යටින් ඉරක් ගසන්න. ඔවුන් සම්බන්ධතාවයක් ගොඩනගා ඇති බව විශ්වාස කරන ඇතැම් දඟකාර පෙම්වතුන්ද සිටින නමුත්, ඔවුන්ගේ සෑම සම්බන්ධතාවයක්ම, ඔහුත් සමඟ ගොඩනගා ගෙන තිබෙනවාද? දෙවනුව, අවශ්‍ය වෙලාවක දී, ඔබට එම සබැඳියාව අත්විඳිය හැකිද? ඔබගේ සම්බන්ධතාවය, දැනුම මත පදනම් වී තිබේද, නැත්නම් පදනම් වී තිබෙන්නේ, ඔබගේ හදවතේ අත්දැකීම් මතද? බාප්දාදා අවංක හදවත් සමඟ සතුටු වනවා. තියුණු බුද්ධි පමණක් තිබෙන අය සමඟ ඔහු සතුටු වන්නේ නැත, නමුත් හදවතට සැනසුම දෙන කෙනා සතුටු වන්නේ ඔවුන්ගේ හදවත සමඟයි. මේ නිසයි, හදවතේ අත්දැකීම් ගැන දන්නේ, හදවත සහ හදවතට සැනසීම ගෙන දෙන කෙනා පමණයි. මුසු වන ස්ථානය, හිස නොවෙයි, හදවතයි. දැනුම මුසු කිරීමේ ස්ථානය හිස වන නමුත් ඔබගේ පෙම්බරාව මුසු කරන ස්ථානය, හිස නොවෙයි, හදවතයි. දැනුම මුසු කිරීමට ඇති තැන හිසය, නමුත් පෙම්බරාව මුසු කිරීමට ඇති තැන හදවතයි. පෙම්බරා ඔබට පවසන්නේ ඔහුගේ පෙම්වතුන් ගැන කාරණා පමණයි, එහෙම නේද? සමහර පෙම්වතුන් ඔවුන්ගේ හිස බොහෝ සේ භාවිත කරයි, නමුත් හදවතින් ක්‍රියා කරන විට, හිසේ එම වෙහෙස, අඩක් බවට පත් වෙයි. හදවතේ සෙනෙහසින් සිහිකිරීම සිදු නොකරන අයට වඩා, සේවය කරමින් තම හදවතේ සිහිපත් කිරීම ඇති අයට එතරම් වෙහෙස වී වැඩ කිරීමට සිදු නොවන අතර ඔවුන්ට වැඩි තෘප්තියක්ද තිබෙයි. දැනුමේ පදනමට අනුව, තම හිසින් පමණක් සිහි කරමින් සේවය කරන අයට වෙහෙස වී වැඩ කිරීමට සිදු වන අතර ඔවුන්ගේ තෘප්තිය අඩුය. සාර්ථකත්වය තිබුණත් ඔවුන්ගේ හදවත්වල ඇති තෘප්තිය අඩුය. ඔවුන් නොකඩවා මෙසේ සිතයි, ’සිදු වූ සෑම දෙයක්ම හොඳයි, නමුත්... නමුත්...’ එනමුදු තම හදවත් වලින් ක්‍රියා කරන අය නිරන්තරයෙන් තෘප්තියේ ගීත ගයයි. ඔවුන් වචන වලින් පමණක් තෘප්තියේ ගීත ගයනවා නොවෙයි, ඔවුන් හදවත් වලින්ම තෘප්තියේ ගීත ගායනා කරයි. සැබෑ පෙම්වතුන් කාලයට අනුව සියලුම සම්බන්ධතා තම හදවත් වලින් අත්දකියි.

දෙවන සලකුණ සැබෑ පෙම්වතෙකුට සෑම විටම සෑම අවස්ථාවකදී සහ සෑම ක්‍රියාවකදීම ලැබීම් වල සතුට තිබෙයි. එකක් අත්දැකීම වන අතර අනෙක එහි ලැබීමය. සමහරුන්ට මෙම අත්දැකීම තිබේ ’ඔව්, ඔහු මගේ පියා මෙන්ම මගේ මනාලයා සහ දරුවාය, නමුත් මට අවශ්‍ය තරම් ලැබීම් ලබා ගත නොහැක.’ ඔහු පියාය, නමුත් උරුමය ලැබීමේ සතුට නොමැත. එම අත්දැකීම සමඟම, සියලු සම්බන්ධතා තිබීමෙන්, ලැබීමේ අත්දැකීමද තිබිය යුතුයි. නිදසුනක් ලෙස, පියා යන සම්බන්ධතාවයේ, සෑම විටම උරුමය ලැබීමේ අත්දැකීම තිබිය යුතුයි පිරිපුන් බවේ හැඟීම ඇති කරගන්න. සත්ගුරුගේ මාර්ගයෙන්, ආශිර්වාද තුළින්, පරිසමාප්ත සහ අංගසම්පූර්ණ ස්ථීතියක අත්දැකීම නිරන්තරයෙන් තිබිය යුතුයි. එබැවින් ලැබීම්වල අත්දැකීමද අවශ්‍යයි. එකක් සම්බන්ධතාවල අත්දැකීම වන අතර අනෙක ලැබීම් වල අත්දැකීමය. සමහරු සියලු ලැබීම් අත්විඳින්නේ නැත. ඔබ මාස්ටර් සර්ව බලධාරීන් වන නමුත් නිසි වෙලාවට බලයන්ගේ ලැබීම නොමැත. ලැබීම්වල අත්දැකීම නොමැති නම්, එවිට යම් ලැබීමක අඩුවක්ද තිබේ. එබැවින් අත්දැකීම් සමඟම, ඔබ ලැබීම්වල ප්‍රතිමූර්තියක්ද විය යුතුයි මෙය සැබෑ පෙම්වතෙකුගේ ලක‍්ෂණයකි.

තුන්වන සලකුණ එම සම්බන්ධතාවය තුළින් අත්දැකීම මෙන්ම ලැබීමද ඇති පෙම්වතුන් සෑම විටම තෘප්තිමත්ය කිසිම අවස්ථාවක තමන් යම් අඩුවක් ඇති ජීවාත්ම බව ඔවුන්ට හැඟෙන්නේ නැත. ලැබීම් ඇති තැන, අනිවාර්යෙන් තෘප්තිය තිබේ. ඔබ තෘප්තිමත් නැත්නම්, ඔබගේ ලැබීම්වල යම් අඩුවක් අනිවාර්යෙන්ම තිබේ, එමෙන්ම, ලැබීම් නොමැති තැන, සියලු සම්බන්ධතා අත්විඳීමේදී ද යම් අඩුවක් තිබෙයි. එබැවින් සලකුණු තුන වන්නේ අත්දැකීම්, ලැබීම් සහ තෘප්තිය, නිරන්තරයෙන් තෘප්තිමත් ජීවාත්මයක්. සේවය කිරීමට කාලය, වාතාවරණය, පහසුකම්, සේවා සමූහයේ සහකරුවන් කුමක් වුවත්, සෑම අවස්ථාවකදී සහ සෑම ක්‍රියාකාරකමකදී ඔබ සෑම විටම තෘප්තිමත්ව සිටිය යුතුයි. ඔබ එබඳු සැබෑ පෙම්වතුන්ය, එහෙම නේද? තෘප්තිමත් ජීවාත්මයකට කිසිම විටෙක සීමිත ආශාවන් නොතිබෙයි. ඔබ බලන්නේ නම්, තෘප්තිමත් ජීවාත්ම සිටින්නේ අඩු සංඛ්‍යාවක්. එක හෝ තව අවස්ථාවක, ගෞරවය ලැබීමට හෝ ප්‍රසිද්ධියට යම් කුසගින්නක් තිබෙයි. කුසගින්නේ සිටින කෙනෙක් කිසිම විටෙක තෘප්තිමත් නැත. සෑම විටම කුස පිරී ඇති අය, තෘප්තිමත්ව රැඳී සිටියි. එබැවින් සිරුරට, ආහාර සඳහා කුසගින්නක් තිබෙන සේම, මනසට, නම, ප්‍රසිද්ධිය, නිදහස සහ පහසුකම් වලට කුසගින්නක් ඇත එය මනසේ කුසගින්නයි. එබැවින් ශාරීරික වශයෙන් සෑහීමට පත්ව ඇති අය, සෑම විටම තෘප්තිමත්ව රැඳී සිටින සේම මනසින් සෑහීමට පත්ව ඇති අය, නිරන්තරයෙන් තෘප්තිමත්ව සිටියි. තෘප්තිමත්කම, සෑහීමට පත් වීමේ සලකුණකි. ජීවාත්මයක් තෘප්තිමත් නොමැතිව ශාරීරිකව සහ මානසිකව කුසගින්නේ ඇත්නම්, එවිට ඔහුට කෙතරම් ලැබුණත්, ඔහුට විශාල වශයෙන් ලැබුණත්, සෑහීමට පත් නොවීම නිසා, ඔහු සෑම විටම තෘප්තිමත් නොවී සිටියි අතෘප්තිය තිබෙයි. රාජකීය අය, සුළු ප්‍රමාණයකින් වුවත් සෑහීමට පත් වෙයි. රාජකීය ජීවාත්මයන්ගේ ලක‍්ෂණය වන්නේ ඔවුන් නිරන්තරයෙන් පිරිපුන්ව සිටීමයි, ඔවුන් එක චපාතියකින් වුවත් ආහාර වර්ග 36 කින් වුවත් සෑහීමට පත්වෙයි. කෙසේවෙතත්, සෑහීමට පත් නොවන අයට ඔබ විවිධ ආහාර වර්ග 36 ක් ලබා දුන්නත් ඔවුන් සෑහීමට පත් නොවෙයි, මන්ද ඔවුන්ගේ කුසගින්න තිබෙන්නේ ඔවුන්ගේ මනස තුළයි. සැබෑ පෙම්වතෙකුගේ ලක‍්ෂණය වන්නේ, ඔහු නිරන්තරයෙන් තෘප්තිමත්ය. එබැවින් සලකුණු තුනම පරීක‍්ෂා කර බලන්න. ඔබ කාගේ පෙම්වතුන්ද කියා සෑම විටම සිතන්න. ඔබ සෑම විටම අංග සම්පූර්ණ පෙම්බරයාගේ පෙම්වතුන්ය. එබැවින් කිසිම විටෙක තෘප්තිය අත්නොහරින්න. ඔබට සේවය අත්හල හැක, නමුත් ඔබගේ තෘප්තිය අත්නොහරින්න. ඔබව අතෘප්තියට පත් කරවන ඕනෑම සේවයක්, සේවය නොවෙයි. සේවය යනු, ඔබට පෝෂ්‍යදායක ඵල ලබා දෙන සේවයයි. එබැවින් සැබෑ පෙම්වතෙක් යනු සියලු සීමිත ආශා ඉක්මවා ගිය කෙනෙකි, සෑම විටම පිරිපුන් සහ සමාන කෙනෙකි.

අද, බාප්දාදා ඔබට පෙම්වතුන්ගේ කතාන්දර කියනවා. ඔබ බොහෝ දඟකාර සෙල්ලම්ද කරනවා. ඒවා දැක, පෙම්බරා සිනහසෙනවා පමණයි. ඔබට ඔබගේ දඟකාර ක්‍රීඩා කළ හැකි නමුත් පෙම්බරා, පෙම්බරා බවත් ඔබ වටහාගත යුතු අතර එම ක්‍රිඩා ඔහු ඉදිරියේ සිදුකරන මුත් වෙන අය ඉදිරියේ සිදු නොකළ යුතුයි. ඔබ විවිධාකාර සීමිත ගති ස්වභාව සහ සංස්කාරයන්ගේ දඟකාර ක්‍රීඩා සිදුකරයි. ඔබ එම දඟකාර ක්‍රීඩා සිදු කිරීම ආරම්භ කරන්නේ, ’මගේ ගතිය’, ’මගේ සංස්කාර’ කියන විටයි. පරම පියාගේ ගති ස්වභාවය, මගේ ගති ස්වභාවය විය යුතුයි. මගේ ස්වභාවය, පියාගේ ස්වභාවයෙන් වෙනස් විය නොහැක. එය මායාගේ ස්වභාවයයි, වෙනත් කෙනෙකුට අයත් ස්වභාවයක්. එය ඔබගේ ස්වභාවය කියා ඔබ කියන්නේ කෙසේද? මායා විදේශිකයෙක් ඇය ඔබට අයත් නැත. පියා ඔබට අයත්ය. ’මගේ ස්වභාවය’ යනු පියාගේ ස්වභාවයයි. මායාගේ ස්වභාවය, ඔබගේ ස්වභාවය කියා පැවසීම වැරදියි. ’මගේ’ යන වචනය ඔබව වටේ කරකවයි. පෙම්වතුන්, පෙම්බරාට මෙම දඟකාර ක්‍රීඩාද පෙන්වයි පියාගේ කුමක් වුවත් මගේය. සෑම අවස්ථාවකදී, භක්ති මාර්ගයේ පවා, මෙසේ කියයි මට ඇති සෑම දෙයක්ම ඔබේය කිසිවක් මගේ නොවෙයි. කෙසේවෙතත්, එය ඔබගේ සෑම දෙයක්ම මගේය. පරම පියාගේ සිතිවිල්ල කුමක් වුවත් එය මගේ සිතිවිල්ලයි. සේවය කිරීමේදි ඔබගේ චරිත කොටස් රඟපාන විට, පරම පියාගේ ස්වභාවය සහ සංස්කාර ඔබගේ ඒවාය. එමඟින් කුමක් සිදුවෙයිද? සියලු සීමිත මගේ, ඔබගේ බවට පත් වෙයි. ඔබගේ සියලු දේ මගේ වන අතර, මට වෙන් වූ කිසිවක් නැත. පියාගෙන් වෙනස් කුමක් තිබුණත් එය මගේ නොවෙයි මායාගේ භ්‍රමණය එයයි. එබැවින් එම සීමිත දඟකාර ක්‍රීඩා පසෙකට දමා ’මා ඔබගේ වන අතර ඔබ මගේය’ යන ආධ්‍යාත්මික මානය පවත්වාගන්න. ඔබට විවිධ සම්බන්ධතාවයන්ගේ අත්දැකීම්වල ආධ්‍යාත්මික දඟකාර ක්‍රීඩා සිදු කළ හැක, නමුත් අනෙක් වර්ගයේ ඒවා ක්‍රිඩා නොකරන්න. සම්බන්ධතාවයක් ඉටු කරන විට වුවත් ඔබට ආධ්‍යාත්මික දඟකාර ක්‍රීඩා සිදු කළ හැක. සෙනෙහසේ දඟකාර ක්‍රීඩා හොඳයි. ඇතැම් විටෙක මිතුරෙකුගේ සම්බන්ධතාවය තුළින් ආදරණීය දඟකාර ක්‍රීඩා අත්දකින්න. ඒවා එවිට දඟකාර ක්‍රීඩා නොවෙයි අසහාය බවයි. ආදරණීය දඟකාර ක්‍රීඩා සුන්දරයි, එය හරියට කුඩා දරුවන්ගේ දඟකාරකමට සියලු දෙනා ආදරය කරන්නේ ඔවුන් ආදරණීය සහ පිවිතුරු නිසා මෙනි. දරුවන්ට පිරිසිඳුකම සහ පිවිතුරු බව තිබෙන නමුත් පරිණත පුද්ගලයෙක් දඟකාර ක්‍රීඩා සිදුකරන විට, එය සැලකෙන්නේ නරක දෙයක් ලෙසටයි. එය කළ යුතුම නම්, පරම පියා සමඟ විවිධ සම්බන්ධතා තුළින් පිවිතුරු බවින් සහ සෙනෙහසින් පිරි දඟකාර ක්‍රීඩා ඔබට සිදුකළ හැක.

නිරන්තර හස්තය සහ ඇසුර, සැබෑ පෙම්වතා සහ පෙම්බරාගේ සලකුණක්. කිසිම විටෙක ඇසුර සහ හස්තයට වෙන් වීමට ඉඩ නොදෙන්න. සෑම විටෙකම ඇසුර ඔබගේ බුද්ධියේ තබාගෙන සෑම කාර්යයකදීම පරම පියාගේ සහයෝගයේ හස්තය ඔබත් සමඟ තබාගන්න. අන්‍යෝන්‍ය සහයෝගය පෙන්වීමට භාවිත කරන සංකේතය වන්නේ එක අතක් තව අතක් තුළ තිබීමයි. එබැවින්, පරම පියා සමඟ සෑම විටම සහයෝගයෙන් සිටීම යනු සෑම විටම පියා සමඟ අතිනත ගෙන සිටීම සහ ඔහුව සෑම විටම ඔබගේ බුද්ධියේ තබා ගැනීමයි. මනසේ සෙනෙහස සහ බුද්ධියේ ඇසුර. මෙම මනෝ ස්ථීතියේ සිටීම යනු, සැබෑ පෙම්වතෙක් සහ පෙම්බරයෙකුගේ ලීලාවෙන් සිටීමය. ඔබට වැටහෙනවාද? ඔබ දුන් පොරොන්දුව වූයේ ඔබ සෑම විටම ඔහු සමඟ සිටින බවයි. ඔබ ඔහු සමඟ ඇතැම් විට පමණක් සිටින බවට ඔබ පොරොන්දු වුයේ නැත. මනසේ බැඳීම පෙම්බරා සමඟ ඇතැම් විට තිබෙන නමුත් වෙනත් වෙලාවන්හි නොමැති නම්, එවිට එය නිරන්තර ඇසුරක් නොවෙයි, එහෙම නේද? එබැවින් සැබෑ පෙම්වතුන්ගේ තත්ත්වය පවත්වාගන්න. ඔබගේ ද්‍රිෂ්ඨිය තුළ සහ ඔබගේ ආකල්පය තුළ පෙම්බරා තබාගෙන, ඔහුව ඔබගේ ලෝකය කරගන්න.

ඉතිං, මෙය පෙම්වතුන් සහ පෙම්බරාගේ සතුටු හමුවයි. එය උයනක් මෙන්ම සාගර වෙරළයි. මෙය බොහෝ ආශ්චර්යමත් සහ පෞද්ගලික මුහුදු වෙරළක් බැවින් දහසක් මැද්දේ වුණත් ඔබ පෞද්ගලිකව රැඳී සිටියි. (හින්දියෙන් බීච් - මැද්දේ). ඔය සෑම සියලු කෙනෙක්ම පෙම්බරා සමඟ පෞද්ගලික සෙනෙහස අත්විඳියි. සෑම කෙනෙකුටම පෞද්ගලික සෙනෙහස් හැඟීමක් ඇති වීම - එය ආශ්චර්යමත් පෙම්බරයෙක් සහ පෙම්වතෙක් වීමයි. ඔහු එක් පෙම්බරයෙක් පමණක් වුවද, ඔහු සියලු දෙනාටම අයත්ය. සෑම කෙනෙකුටම, අන් සියලු දෙනාට වඩා වැඩි අයිතියක් තිබේ. සෑම කෙනෙකුටම අයිතියක් තිබේ. ඔබගේ අයිතියට අංකයක් නොමැති වුණත් එම අයිතීන් හිමි කරගැනීමේදි එය අංක පිළිවෙලට වෙයි. ඔබ දේවමය උද්‍යානයේ ඔහුගේ ඇසුරේ, අතින් අත ගෙන ඇවිදමින් හෝ අසුන්ගෙන සිටින බව, සෑම විටම ඔබගේ අවධානයේ තබා ගන්න. ඔබගේ අත සහ ඇසුර ඔහුට ලබා දීමෙන් ඔබ ආධ්‍යාත්මික මුහුදු වෙරළේ සතුටින් සමරනවා. එවිට ඔබ සෑම විටම ප්‍රීතියෙන් සිටින අතර නිරන්තරයෙන් පිරිපුන්ව සිටියි. අච්චා.

ඔය ද්විත්ව විදේශිකයන් දෙගුණයක් වාසනාවන්තයි. ඔබ දැන් මෙහි පැමිණීම හොඳයි. අනාගතයේ කුමන වෙනසක් සිදුවුණත් එය නාටකයේ තිබේ. කෙසේවෙතත්, කාලයට අනුව ඔබ මෙහි පැමිණීම නිසා ඔබ දෙගුණයක් වාසනාවන්තයි. අච්චා.

ආධ්‍යාත්මික පෙම්බරාට සෙනෙහසේ වගකීම ඉටු කරන සදාතනික පෙම්වතුන්ට, තමන් සියලු ලැබීම් වලින් පිරී ඇති බව අත්විඳින අයට, සෑම අවස්ථාවකදී සහ සෑම සිදුවීමකදී තෘප්තිමත්ව රැඳී සිටින අයට, තෘප්තිමත් බවේ සම්පතින් පිරී සිට අන් අයව පුරවන අයට, නිරන්තර සහකරුවන් වන සහ තම හස්තය නිරන්තරයෙන් ලබා දෙන සැබෑ පෙම්වතුන්ට, ආධ්‍යාත්මික පෙම්බරාගේ හදවතින් සෙනෙහස, සිහි කිරීම සහ නමස්කාරය.

වරදානය:
ඔබ නිරන්තරයෙන් උසස් සහ නව ආකාරයක සේවයක් සිදු කිරීමෙන් වර්ධනය ගෙන එන, පහසු සේවාධාරියෙක් වේවා.

ඔබගේ සිතිවිලි වලින් දේවමය සේවය සිදු කිරීම, සේවය කිරීමේ අළුත් සහ උසස් මඟකි. මැණික්කරුවෙක් ඔහුගේ මැණික් පිරිසිඳු ද, ඒවා බැබලෙන්නේද සහ නිසියාකාරව තැන්පත් කර තිබේද කියා දිනපතා ඔහුගේ මැණික් පරීක‍්ෂා කර බලයි. ඒ ආකාරයෙන්ම දිනපතාම අම්රිත් වේලාවේ ඔබගේ සිතිවිලි මාර්ගයෙන්, ඔබගේ ද්‍රිෂ්ඨිය, ඔබත් සමඟ සබැඳියාවක් ඇති ජීවාත්ම මත හෙලන්න. ඔබ ඔබගේ සිතිවිලි මඟින් ඔවුන්ව වැඩියෙන් සිහි කරන තරමට ඔබගේ සිතිවිලි ඔවුන් වෙතට වැඩියෙන් ලඟා වෙයි. මේ ආකාරයෙන් මෙම අළුත් සේවා ක්‍රමවේදය සිදු කිරීමෙන්, ඔබ අඛණ්ඩව වර්ධනය ගෙන එයි. ඔබගේ පහසු යෝගාවේ සූක‍්ෂම බලය, ජීවාත්මයන්ව ඉබේටම ඔබ වෙතට ආකර්ෂණය කරයි.

පාඨය:
නිදහසට කාරණා කීමේ ක්‍රීඩාව මුසු කර, අසීමිත නිරාශාවේ ආකල්පයක් ඉස්මතු කරගන්න.